Sunday 21 July 2013

ඉල්ලනා විට රාහු පතිවත -සඳට කල හැකි යම් දෙයක් වෙද???

උඳුල සඳ නිවි අඳුරු අහසක්
හිතළුවක් නොව සුලභ දසුනක්

හුරුපුරුදු මුත් අපට ඒ රැය  ( චන්ද්‍රග්‍රහණය )
සඳටනම් බිහිසුණුම දවසක්

සෝදුපත් පිහි ගෙලට තදකොට
ගිරිය පුප්ප අඩිය හප්පා
ඉල්ලනා විට රාහු පතිවත
සඳට කල හැකි යම් දෙයක් වෙද

සූවිසාල මේ අහස් පැක්ට්‍රියේ
දහක් සඳවල් අතර දිදුලන
අළුත පෑයූ ලපටි පුන්සඳ
වීය රාහුගෙ අළුත් දඩයම

නොමින් වීරිය කරන රාහුට
සැපකි සැඟවුම සඳක් පැයකට
ඒත් මහතුනි සඳක් යනු
 

මේ විශ්වයේ නිකැලැල්ම වස්තුව

12 comments:

  1. කෙතරම්ම ආවට තිබුණද
    රෑ අහසේ නිකැලල්ම වස්තුව
    සඳයි විහිදනා එළිය දස දිග
    සදා මේ ලොව ආදරේ වෙන

    ReplyDelete
  2. මීයගේ කවි නම් නියමයි...

    +++++++++++++++++++++++

    ReplyDelete
  3. //නොමින් වීරිය කරන රාහුට
    සැපකි සැඟවුම සඳක් පැයකට
    ඒත් මහතුනි සඳක් යනු
    මේ විශ්වයේ නිකැලැල්ම වස්තුව//
    මේ කවේ සුපිරිබවනම් කියලා වැඩක් නැ. සමාජයේම අදුරු පැතිකඩක්....

    ReplyDelete
  4. කවිනම් පට්ට . පොඩ්ඩක් හිතන්න ඕන .
    සඳට ආදරෙයි කියලා බිඳු කඳුලින් දෙනෙත වසා , සඳ සාවිය සැඟඋනා වැනී ............!

    ReplyDelete
  5. මීයාගේ මී කවි
    කියවන අනිත් උන්
    ලියනා කමෙන්ට් කවි
    කියවා සුසුම් ලමි

    "අනේ මට බෑනෙ යකෝ කවි ලියන්න!"

    ReplyDelete
  6. මම කාලේකට දැකපු පට්ටම කවිය

    ReplyDelete
  7. සඳක් ලෙස දිලි වුවද
    අනුන්සිත් ගනු රිසින්
    රොනින් බර නෙතු ඇතිව
    බැලු සොයුරියන් වුයෙන්

    අහා ඈ හඬ නොයේ
    ඇගේ ගොළුවු මුවින්
    සඳක් වූ 'පව්'කමෙන්
    දුගී පැල්පත තුලින්

    ReplyDelete
  8. චාහ්... අදනං තේරුනා... මාරයි

    ReplyDelete
  9. කවි සිතුවම අපූරුයි. ලපටි ෆැක්ටරියේ රාහුගේ අලුත් දඩයම

    ReplyDelete