Monday 15 July 2013

ඇම



















බිලී කොකුවල අමුණලා දෙන පණුවෙකුගේ මලකුණක් දැක්කම
කලින් දැනගත් සියළු පාඩම් මතක නැතිවෙයි මසුන් රැලටම
රැවුල් දික්වුනු රතු ගුරාමින් කලත් විස්තර දැල්, උගුල්, ඇම
රොත්ත ගානෙම ඇමට අසුවෙයි කරුණු කී රතු එවුන් එක්කම

පාසි ගල්මල් ගුහා අස්සේ විමසනා ලෙස දුරට පෙනුනට
කන්න කිසිවක් තිබෙනවාදැයි පමණි බැලුවේ කුසේ ගින්නට
රවුම් කැරකී බල්ටි ගසමින් නොයෙක සංදර්ශනේ පෑවට
රැල්ල යන පැත්තටම යනු මිස පීනුවේ නෑ එකෙක් උඩහට

ප්‍රතිඥා පණු රැලක් ඇමිණූ බිලීකොකු සිය දහක් එකවර
වීසිකල බව මස් මරන්නන් මහ දියඹ වෙත අද පාන්දර

වෙරළ සරනා ඉදිඹුවෙක් විත් කලත් උන්හට කරුණු විස්තර
ඇමට අසුනොවනා එකෙක්වත් සොයාගත හැකිවේද සුමිතුර





12 comments:

  1. රැල්ල යන පැත්තටම යනු මිස පීනුවේ නෑ එකෙක් උඩහට

    නියම කවි ටික

    ReplyDelete
  2. ඇමට අහුවෙන එවුන්ටත් වඩා බිලී බාන්නො වැඩියි බං දැන්. හැමතැනම. එකෙක් තව එකෙක්ගෙ ඇම කාලා ඉන්න ගමන් වෙනත් එකෙක් බාගන්න ඇමදානව. මේක අර ආහාර දාම/ ජාල එකෙත් හොඳ එක.

    ReplyDelete
  3. //ඇමට අසුනොවනා එකෙක්වත් සොයාගත හැකිවේද සුමිතුර//සමහරු දන්නෙත් නෑ නේ තාම ඇම ගිලලා මේ ඉන්නේ කියල :D

    ReplyDelete
  4. බොහොම කාලෙකින් මි ගොඩ මලයගේ නිර්මාණයක් දැක්කේ.

    මේ කවේ හරය නම් ඉතින් කියලා වැඩක් නෑ මලයා... ඔබ නියම සමාජය හරියටම දැකලා තියනවා. පට්ටම කවියටම ගැලපෙන පිංතුරයත්

    ReplyDelete
  5. ඕක දැන් ආහාර දාමයක් වෙලා ඉවරය් බං..!

    ReplyDelete
  6. අඩේ බොගේ නම අදනේ බොල දැනග්තේ ඈ....

    ReplyDelete
  7. මී ගොඩයත් ඇමක් ගිලල නොවැ ඉන්නෙ..

    ReplyDelete
  8. අපොයි.. මට ඇම ගැන දුකයි ..

    ReplyDelete
  9. රැල්ල යන පැත්තටම යනු මිස පීනුවේ නෑ එකෙක් උඩහට......

    ReplyDelete
  10. ඒ උඹ කාට හරි බ්ලොග් එක විකිනුවද නැත්තම් පැවරුවාද ?

    ReplyDelete
  11. අපි මේ මාලුවන් විලසින..
    දාන ඇම ගිලගනිමු හම විට...

    ReplyDelete
  12. යකඩෝ මං මෙච්චර කල් ඇවිත් නෑනේ මේකට මගෙ බුකි ප්‍රොපයිලේ ඉදලත් :O කරුමේ .. කරුමේ...

    ReplyDelete