Wednesday 16 April 2014

ඉස්සරහ, හතරමං හන්දියක්

















වීරයෙක් කියන්නෙ තවත් එක ඉත්තෙකුට
දාම්පෙතක ඉදිරිපස පේළියට ගැලපෙන
ඔටුන්නක් පෙන්නමින් රැගෙනයන අතරමඟ
බිල්ලක් ලෙසින් හිසදෙන්න නියමිත

සංග කියන්නෙත් ලෝ දිනූ වීරයෙක්
තාම මේ කෙළිය ගැන නොදන්නා හාදයෙක්
සකසාවි බාගන්න එක්වෙලා පිඹුරුපත්
පවසාවි පොදුවෙන්න, ඒක ඇඹරූ ඇමක්

පොදුවෙලා පොරවෙලා දිනනවද කොටසක්
ඉන්න හැටියට ඉඳන් දිනනවද මුළු රටක්
තීරනේ උඹ අතේ උඹ අපිට ලෝකයක්
කල්පනාවෙන් සංගො ඉස්සරහ, හතරමං හන්දියක්

7 comments:

  1. වීරයෙක් වෙන්න බැහැ ඒ නොදත් මිනිසෙකුට
    පෙන්නුවත් ඔටුන්නක් රැවටෙයිද ඒ ලෙසට
    හතරමං හන්දියක නිවැරදිම පාරකට
    වැටෙන්නට හැකිවෙතැයි පතමු අපි ඒ නමට...

    ReplyDelete
  2. බංකොලොත් දෙස් පලුවන්
    සොයනවා හොඳ ඇමක්
    බාගන්න ජනතාවක්
    ඇමට වෙන දේ සැවොම දනිත්

    ReplyDelete
  3. සංගාට එහෙම දෙයක් නොවේවා කියලා අවංකවම ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  4. හලෝ මී ගොඩයෝ...දැකපු කල්

    ReplyDelete
  5. මී ගොඩයා සෑහෙන කාලෙකින් දැක්කේ... !

    ReplyDelete
  6. ඌත් ඌරෙක් නම් මඩ ගොහොරුවට පනීවි.

    ReplyDelete
  7. අඩෝ මේක පට්ට බ්ලොග් එකක්නේ. අහම්බයෙන් අද සෙට්වුනේ. ඇයි මචන් මේක කරන්නැද්ද දැන් ? 2022 දෛසැම්බර්

    ReplyDelete