Saturday 31 March 2012

෴“ සඳ හිරු නොමැති ලොව “෴


  • එලිය කරමින් දිවි ගමන් මග
    දැල්වෙමින් තිබු මිණි පහන් යුග
    නිවී ගිය කල සැඩ සුලන් වැද
    කළුවරක් මිස එළිය කොයිබද


    නොමියනා පෙම ලයට කැටිකොට
    තුරුළු කරගෙන මා සිඹින විට
    දැනුනෙ අපමන සැනසුමක් මට
    එසුව අහිමිව වැලපුනා සිත


    ලොවේ කොතරම් නෙක දනන් වෙද
    රකීවිද මා සෙනෙහසින් අද
    සඳත් සමගින් ඉරත් බැස ගිය
    තරුවලින් පිරි අහස හිනැහෙද

2 comments: