Thursday 22 March 2012

රළපෙල අනේ වෙරලක ඹබ සර බින්දා

කිරිසුදු සුමුදු පෙන කැටි රළ මත රන්දා
පිළිගඳ කසල මලකුණු රළ යට හංගා
පෙණකැටි ගෙනගියා කුණු වෙරළේ රන්දා
රළපෙල අනේ වෙරලක ඹබ සර බින්දා

සතපා සොඳුරු සිහිනෙක මා ඇස රන්දා
හැරගිය නපුරු සිතකට නෑ මන බන්දා
හිනැහී නිකිණි සඳ සේ සැනසුම කැන්දා
ලෙන්ගතු හිතට මම තාමත් පෙම් බැන්දා

කරනට අවැසි නෑ මට ඈ හට නින්දා
හදවතින්ම මම සිතකට පෙම් බැන්දා
සිනහව උදුර ගෙන කඳුලක් නෙත රන්දා
මට පිටු පාල ඇය වෙන තැල්ලක් බැන්දා

6 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. අනේ මන්දා... බ්ලොග් කාරයින්ට බුට් වදිනවා වැඩිද මන්දා බුට් කවිම ලියන්නේ... ගොඩ තැනක මේ ටිකේම බුට් :P,

    ReplyDelete
  3. මචෝ ලස්සන කවි ටිකක්..දෙවෙනි කවිය පට්ට..

    ReplyDelete
  4. වදනින් වදන ගළපා කවි පද බන්දා
    සන්තාපය වුවත් ඒ කවි රස රන්දා
    පෑරුණු හදක සිතුවිලි මදකට වින්දා
    සුභ පතනෙමි ඔබට මම ජය කොඩි බන්දා

    ReplyDelete
  5. සිතුවිල්ල නම් අපුරුයි/////

    ReplyDelete