Wednesday 30 May 2012

මතක තියාගනින් ලඟදි අමාවක තියෙන බවට

















ගන්න එපා නුබේ රුසිරු ඔය තරමට හිත පතුලට
සිඳී බිඳී විසිර යාවි  පෙන බුබුළක් විලස හනික
හැමදාමත් නොහැක උබට එක ලෙසටම පායන්නට
පෝය දිනට පමනි  නුබව පෙනෙන්නෙ පුර හඳක් විලස

වටේට නුබෙ තරු හිටියට  ඉර හා සරි වෙන්න හැකිද
ඉර නැතිදා අනේ උබට  ඔය ලෙස බැබලෙන්න හැකිද
තරු කැට මැද හිඳින විටදි පෙනුනත් රැජිනක් විලසට
රජෙක් ඕන වේවි නුබට කිරන ඔටුනු පලදන්නට

ආඩම්බර කමින් ඔහොම ඔය ලෙස අද බැසගියාට
යලිත් එන්න වෙන්නෙ ඔහොම ලබන මාසෙ පෝය දාට
හැමදාමත් වෙන දේවල් උඹට මතක නැති උනාට
මතක තියාගනින් ලඟදි අමාවකක් තියෙන බවට



බොහොම පිං ආයුබෝං මීගොඩයගෙ අහ ගොඩවැදුනට,,, මතක හිටින්න මොනා හරි කොටලම හියානං තමා හොඳ,,, නැතත් අපනාපයක් නෑ ඕං

51 comments:

  1. හොද වැඩේ ගනන් උස්සනවට ...

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා.. දෙබරකට මම ගල් ගැහුවේ,,, ඇවිස්සුනොත් අව්ලක් නෑ .. දැන් තනියට රොබිනත් ඉන්නවනේ

      Delete
  2. හිත රිදෙන නිසා
    මෙවැනි වදන් නොලියමි!

    ReplyDelete
    Replies
    1. අය්යෝ සොරි නිශාන්තය... මට උබේ සීන් එක මතක් උනේ නෑ... නිකමට ලිව්ව එකක් මේක

      Delete
  3. අපෝ....හඳනම් මටක්කලන්නෙපා......:/

    ReplyDelete
    Replies
    1. ඒ මොකෑ ඒ... දැක්කමයි මේ කෙල්ලෙක් හඳට අකමැති

      Delete
    2. එයාට හද දැක්කම පිස්සු තද වෙනව.. ඒකයි...

      Delete
    3. අහ් අහ් ආ.. ඒ කියන්නේ අග්නිටත් අර පෝය කේස් එක තියනවා.... ඔහ් පරිස්සම් වෙන්න ඔනේ

      Delete
  4. */හැමදාමත් වෙන දේවල් උඹට මතක නැති උනාට
    මතක තියාගනින් ලඟදි අමාවකක් තියෙන බවට/*

    ඔය ටිකෙන් කියන දේ මුළු කවියම කැටි කරනවා එක තැනකට.. අපුරුයි..

    ReplyDelete
    Replies
    1. තැන්ක්යු..ක්සැන්ඩෝ..... දඟලල ලිව්ව එකක්නම් නෙවෙයි.. ඔහේ ලියවුනා.. මේක ටිකක් කාලෙකට කලින් ලියපු එකක්

      Delete
  5. Replies
    1. ම්ම්ම්... හඳත් එක්ක තරහකට ලිව්ව එකක් නෙවෙයි.... මූනු පොතේ තිබ්බ කථාවක් දැකල නිකම්ම වගෙ ලියවුනේ...

      මමත් හඳට පට්ට ලව්.... බලන්නකො මගේ සරා සඳ පෝස්ට් එක

      Delete
  6. Replies
    1. සඳ මෝල් වෙන කොමෙන්ට්නෙ දාන්නේ... දැන් හිතපල්ල්කෝ සෑමා හඳට සිරා කිව්වද.. නැත්නම් කවියට සිරා කිව්වද කියලා

      Delete
    2. පිස්සු හැදෙන සඳ.. |:D|

      Delete
  7. හඳක් අමතා කියූ කවියක්ද?... ලඳක් අමතා කියූ කවියක්ද?......

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා... ඔය දෙවනියට කියුව කට්ටිය එක්ක තරහවෙන්න මීගොඩය අකමැතියි,, ඒ හින්ද උත්තර නොදී ඉන්නම්

      Delete
  8. පිළිතුරු කවියක් ලියා ගන්න බෑ අයියේ.අයියෝ මහන්සි වුන තරමක්.ඔන්න මේක තමයි මම ආසම පොස්ටුව.
    මේක නොදා හිටිය නම් ඉතිං සුදු අයියට නගාගෙන් ගුටි තමා...:D
    මේ නංගි අලිම වසයි................

    ReplyDelete
    Replies
    1. බෑ බෑ කවියක් ඕනෙමයි....

      ඔයා හින්දමයි කිව්ව හින්දමයි මේක අද පෝස්ට් කලේ.... බට්ටිය කියන දෙයක් අය්යා නාහ ඉන්නෑනේ

      Delete
    2. රන් තැටියට කිරී පැණි පුරොව ගෙනා
      හාපැටියා එක අතකින් තුරුලු කරන්
      තරු අතරේ අග රුජිණිය විලසින්නා
      ආසයි සැමදා මේ ලෙස බැබලී ඉන්නා

      අමාවකයි මා හට ශක්තිය දුන්නේ
      පුර හද වෙලා ඒකයි අද බැබලෙන්නේ
      යන්නට වුනත් අමාවකට ඉඩදීලා
      සැනසෙමි යලිත් එන මාසේ එන හින්දා

      කවිකම් කරන්නට නැත මා නම් රැසියා
      අයියා කිව් නිසා වෙර දා මෙය ලිව්වා
      දොසා ඇතෙක් නංගා හට සමාවෙලා
      පෙන්වා දෙනු වටී මගෙ හොද සුදු අයියා....

      Delete
    3. හේ හේ මරු කවිය අෆ්ෆා... ඔයා මරු හිටිවන කවි ලියන්න...

      Delete
    4. යන්න යන්න. අපි ඉතිං යන්තන් දන්නෙ ගහක් කොලක් හිටුවන්න තමයි ඕං.

      Delete
  9. patta............
    http://nildiyawara.blogspot.com/

    ReplyDelete
  10. මොකටද..? අමාවකක්,පව්නෙ හඳ..!

    ReplyDelete
    Replies
    1. අමාවක මොකටද ? මාර ප්‍රෂ්නයක් .. ඇත්තට මොකටද ඈ...

      Delete
  11. //සඳට දොස් නොකියන්න සඳ කුමක් කරන්නද
    බාල වයසින් නැගුන ප්‍රේමයකි තරු එලිය//
    කියල තමය් කපුගේ මහත්මය නම් කියල තියෙන්නේ
    මොනවා කොරන්නද මීගොඩයෝ සඳ තමය් සඳ :/

    ReplyDelete
    Replies
    1. සඳ මීගොඩයගේ.... හෆොයි... මට එච්චර වත් පොහොසත් කම් නෑ

      Delete
  12. අපුරු කවි ටික ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිමේෂා.....

      අලුත් යාලුවෙක් වගේ.. සාදරෙන් පිලිගන්නවා

      Delete
  13. හඳ ගැන මාත් ලිවුවනේ ලගදි... :)

    ReplyDelete
    Replies
    1. බලන්න බැරි උනා.. පරන එකක්ද

      Delete
  14. කැත සඳ හෙන ආඩම්බරයි.

    ReplyDelete
  15. වෙනාදා වගේම නියමයි මචෝ...

    ReplyDelete
    Replies
    1. තැන්කිව් ලොක්කා

      Delete
  16. අම්මපා මම එකදවසක් නෑවිල්ලා සිටිපලියට

    ආඩම්බර කමක් කියල එපා වරදවා සිතන්න

    මගේ රජීඳා හිරු කුමරා ඔබ දන්නේ නැති විලසයි

    රැයේ කටුක බව බිඳින්න ඔහු මා ඔබවෙත එවනවා..

    ReplyDelete
    Replies
    1. නොමග ගිහිල්ලද මන්දා...

      Delete
  17. හ්ම්ම්ම්... අමතකයි වගේ හිටිය ට සඳ ට ඕවා අමතක නැතු ව ඇති අයියේ... :)))

    ~~~***දඟ මල්ල***~~~

    ReplyDelete
    Replies
    1. ඔව් නේ .. හුගක් වෙලාවට කරන්නේ අමතකයි වගේ රඟපාන එක

      Delete
  18. පහළොස්වක පෝය දාට නුබේ කොමල ගතී
    අව අටවක කල වෙනකොට කොහෙ ගිහින්ද නැතී
    අමාවකට හිත් නිල්දිය යහනේ තදින් එතී
    සැතපෙන්නට එනවද නුඹ දුක් දුන්නා ඇතී

    සීත සුළං නිසා හිතේ නැගෙන ආල නුරා
    සිරකරගෙන ඉඳිමි සඳේ නුඹ ලැබෙනා තුරා
    බලා හිඳිමි නුබ එනතුරු මුළු අහසම අරා
    අමාවකේ එනවද උඹ වළා සලුත් ඉරා

    ReplyDelete
    Replies
    1. ඉනවට දවටලා මිහිදුම් සේල ඉරා
      පරසතු මලින් සරසා මුලු වරල පුරා
      අමාවක රැයේ මුලු ලෝකයට හොරා
      හිනැහී වඩී යහනට රෑ සඳක් සරා

      Delete
  19. //තරු කැට මැද හිඳින විටදි පෙනුනත් රැජිනක් විලසට
    රජෙක් ඕන වේවි නුබට කිරන ඔටුනු පලදන්නට//

    ඇයි මේ මම ඉන්නෙ බං උඹට අමතක උනාද? :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ** **** පාන් පෙත්තයි කිව්වලු... උබ එලිය දෙන්න ගියොත්.. තව කාලෙකින් හඳවල් දෙකක් තියෙයි... ඒ හින්දා ඔහොම ඉදපං

      Delete
  20. මනේ මන්දා අඩවි රජා මොනා කියෝනවද කියා

    ReplyDelete
  21. රිදෙන්න දීලා වගේ :)

    ReplyDelete
  22. බල්ලොත් උඩුබුරන හඳ කවියෙක්ට පට්ට මාතෘකාවක්..එකම දෙයක් දෙන්නෙකුට දැනෙද්දී තියන වෙනස......

    ReplyDelete
    Replies
    1. එහෙම නොව්නනම් හිගකම තවත් උග්‍ර වෙනව නෙව

      Delete
  23. කවි ටික නම් ලස්සනයි.කාටවත් බනිනවා වත්දෝ???

    ReplyDelete
    Replies
    1. කාටවත් බැන්නෙ නැතෝ,, නිකමට ලියපු කවක්

      Delete