Thursday 12 July 2012

බඹසර පූජා... අවසාන කොටස

පළවෙනි කොටසට මෙතනින් 
දෙවෙනි කොටසට මෙතනින් 
 තුන්වෙනි කොටසට මෙතනින්
නිර්මලාගේ නිවසින්  පිටත් වූ ඉන්ස්පෙක්ටර් සමරසිංහ විසින් ගුණපාලව නැවත කැඳවන ලදී, ගුණපාල දෙස තියුණු බැල්මක් හෙලූ ඉන්ස්පෙක්ටර් වරයා "ඇත්ත කියපන් මිනිහෝ උබ කොහොමද සඳලිව මැරුවේ" යැයි ගුලේය්

අනේ බුදු මහත්තයෝ මම ඒ නෝනව මැරුවෙ නෑ.. මගේ දරුවො දෙන්න පල්ලා

වහා ඉදිරියට පැන ගුණපාලගේ කමිසයෙන් අල්ලා එසවූ පොලිස් නිලධාරියා දනහිසෙන් ගුණපාලගේ බඩට පහර දෙමින් උඹට නෙවෙයිද පරයෝ සඳලි නෝනගේ මාලේ උගස්තිබ්බේ යැයි ගුගුලේය

අනේ බුදු මහත්තයෝ... ගහන්න එපා බුදු මහත්තයෝ... මම ඇත්ත කියන්නම් මට ගහන්න එපා මහත්තයෝ යැයි ගුණපාල මහ හඬින් විලාපදෙන්නට විය

ගුණපාලව නැවතත් පුටුවට තල්ලු කර දැමූ ඉන්ස්පෙච්ටර් වරයා කලිසම් සාක්කුවට අත දමා ලේන්සුවක් ගෙන නළල පිසදාමින් ගුණපාලදෙස බලා සිටියේය

ගුණපාල බිය මුසු සිහින් ස්වරයකින් ගොත ගසමින් කථාකරන්නට විය.. 

මම ඉස්කෝලෙ නෝනලගෙ ගෙදර යද්දි නෝනා නාගෙන ඇවිත් රෙදි වන වන උන්නේ, ඉන් පස්සෙ නෝනා මට නාන කාමරය පෙන්නල ආපහු ගියා, මම ටැප් එක හදන්න පහත් වෙනකොටම දැක්ක සින්ක් එක උඩ රත්තරන් මාලයක් තියනවා, මට ගෙදර සල්ලි උවමනාවක් තිබ්බ මහත්තයෝ, ඒ හිනදමයි මාල අරන් ඉනේ ගහගත්තේ, මම ඉක්මනින් ටැප් එක හදල ගෙදර ආව මහත්තයෝ , මම නෝනව මැරුවෙ නෑ, මම එද්දි නෝන මට රුපියල් තුන් සීයකුත් දුන්න
එවලෙම ටවුමට ගිහින් මාලෙ උගස් තියල මම ගෙදර ගියා මහත්තයෝ, රාත්තිරියෙ තමයි ආරංචි උනේ ඉස්ස්කෝලෙ නෝනාව ගේ ඇතුලෙ මරා දාල කියල, ඒක ඇහුවහම මගේ පපුවෙ ගින්දර පත්තු උනා මහත්තයෝ, මම දැනගත්ත මේකට මාව අහුවෙනව කියල, ඒකයි සිරා අරක්කු විකුණන තැනට ගිහින් අරක්කු බෝතලයක් අරගෙන ඇවිත් එක බීගෙන බීගෙන ගියේ

ඒ සමගම කාමරයට ඇතුළුවූ කොස්තාපල් වරයෙකු සඳලිගේ මරණයට අදාල සියළුම වාර්ථා ලැබුණු බව ඉන්ස්පෙක්ටර් වරයාට දැන්වීය,. ගුණපාලව නැවත කූඩුවට දැමීමට අනකල ඉන්ස්පෙක්ටර් වරයා කාමරයෙන් ඉවත් විය

පරීක්ෂන වාර්ථාව කියවා අවසන තවත් නිලධාරීන් තිදෙනෙකුත් සමග පිටත් වූ පොලිස් පරීක්ෂකවරයා විසින් සේනකව අත් අඩංගුවට ගන්නා විට අවමංගල කටයුතුද අවසන් වී තිබින

නීතිය දන්නා හමුධා නිලධාරියෙකු වූ සේනක නිහඬව ජීප් රථයේ අසුන් ගත් අතර නිර්මලා මහත් සේ කළබල විය.. මිසිස් ගුනසේකර කලබල නොකර හෙමිහිට පොලිසියට එන්න අපිට මහත්තයගෙන් තොරතුරු ටිකක් ගන්න තියනවා යැයි පවසා නිර්මලා සන්සුන් කල පොලිස් පරීක්ෂක වරයා ඇතුළු පිරිස පිටත් විය
 සේනකගේන් ප්‍රෂ්න කිරීම් දිගටම කරගෙන යන අතර පොලිසියට පැමිණි නිර්මලාට පරීක්ෂන වාර්ථාවේ විස්තර දැනගන්නට ලැබින.

පොඩ්ඩී මිය යාමට පෙර කිසිවෙකු සමග සුළුවෙලාවක් පොරකා ඇති බව ඇගේ නිය අතර රැඳී තිබු හම් සහ සියුම් මස් කැබැලි හේතුවෙන් නිගමනය කර තිබුණි, පසුව සැක කටයුතු පුද්ගලයන්ගේ ඩී එන් ඒ සාම්පල සමග සසඳන ලදී. මේ අනුව ගුනපාලගේ ඩී එන් ඒ සාම්පල පොලිස් නිලධාරීන් ලබා දුන් අතර හමුධා නිලධරියෙකු නිසා සේනකගේ දත්ත ඔහුගේ ලිපිගොනුවෙන් ලබාහත හැකිවිය.. අවසාන වාර්ථාවට අනුව පොඩ්ඩීගේ නිය අතර රැඳි රුධිර හා මස් කොටස් සේනකගේ බව තහවුරු වී තිබින

සේනකගේ පාපෝච්චාරනය 

නිර්මලායි මමයි බැඳලා අවුරුදු 6ක් වෙනවා ඉන්ස්පෙක්ටර්.. අපිට සාර්ථක පවුල් ජීවිතයක් තිබ්බෙ නෑ.. මාව කසාද බඳින්න කලින් නිර්මලා අනාථ වුනු කෙනෙක්.. ඒත් නිර්මාලාගෙ සල්ලියි, උගත්කමයි හින්දා මම නිර්මලාව බඳින්න තීරනය කලා. අනාථ වෙච්ච ගෑනියෙක් ගෙදරට ගේනවට අපේ ගෙදරින් තදින්ම විරුද්ධ වෙච්ච හින්දා අපිට වෙනම ගේක පදින්චි වෙන්න උනා

ඇත්තටම මම නිර්මලාට ආදරේ කලේ නෑ, අපිදෙන්න අතර අඹු සැමි සම්බන්ධකම් ඇති උනේ බැඳපු මුල් දවස් වල විතරය්.

ඒත් නිර්මලාගේ ගෙදර හැමෝම මට දෙවියෙකුට වගේ සැලකුවා. අනාථ වෙලා හිටිය නිර්මලාව භාර ගත්ත නිසා මට හුඟාක් ගරුකලා
 නිර්මලාගේ පව්ලෙ අයට පේන්න අපි සතුටින් ඉන්නව වගේ පෙන්නුවා.. ඒත් අපි හැම්දාම වගේ රණ්ඩු උනා.. මට නිර්මලාව පෙනුනේ මගෙ අම්ම තාත්තව මගෙන් ඈත්කරපු මහම මහ කාලකන්නි ගෑනියෙක් විදියට. ඒක හුඟක්ම තදින්ම දැනුනේ විවාහය කිට්ටුව මට  ලැබෙන්න නිර්දේෂ වෙච්ච උසස්වීම විවාහ වෙලා සති දෙකක් යද්දි අවලන්ගු වුනාම.. මම නිර්මලාට නිතරම බැන්න.. උබ කලින් අනාත වෙච්ච ගෑනියෙක් උබ හින්දා මගේ ජීවිතේ විනාෂ උනා කියල. ඒත් දෙමව් පියන්ගේ සතුට වෙනුවෙන් එයා මේ සේරම ඉවසන්න ඇති

ඔය අතර් තමයි පොඩ්ඩි ගුරුපත් වීමක් ලැබිලා අපේ ගෙදර නැවතුනේ.. ඇත්තටම පොඩ්ඩි මට එයාගෙම අය්යකුට වගේ සැලකුවා.. මමත් එහෙමයි

ඒත් එකදවසක් මට මාව පාලනය කරගන්න බැරිඋනා.. හරියටම මම ගියපාර නිවාඩු ආපු වතාවේ අන්තිම සෙනසුරාද. මම එදා පොඩ්දිව මගෙ ලඟට ඇදල ගත්ත.. පොඩ්ඩි මුකුත්ම කිව්වෙ නෑ ඔහේ හිටියා.. මට ඒවෙලාවෙ හරි වැරදි තේරුනේ නෑ.. ඒත් අන්තිමට මට පොඩ්ඩි ගැන මහා දුකක් ඇතිඋනා.. ඒ එක්කම මං ගැන මහා තරහක්.. මම පොඩ්ඩී දිහා බලද්දී එයා ඇඳේ තිබ්බ ලේ පැල්ලම් දිහා කඳුලු පුරවගෙන බලාගෙන හිටියා.. මම මට සමාවෙයන් පොඩ්දියෙ කියලා පොඩ්දිව තුරුල් කරගන්න හදනොකොට පොඩ්දී මහ අමුතු විදියට හිනා උනා

ඒක මහම මහ සමච්චල් හිනාවක්.. මට හිතාගන්න බැරි උනා ඇයි පොඩ්ඩි එහෙම හිනා උනේ කියලා, මම පොඩ්ඩි දිහා බ්ලාගෙන හිටියා.

දැන් තමුසෙට සන්තෝසද? දැන් තමුසෙට සන්තෝසද?..
තමුසෙ මෙච්චර කාලයක් මගෙ අක්කට අපහස කලේ තමුසෙට මෙන්න මේ කුණු ලේ පැල්ලම දෙන්න මගේ අක්කට බැරි වෙච්චහින්දනේ.. දැන් තමුසෙට ඒක හම්බ උනානේ දැන් සන්තෝසද

මින් පස්සේ මගෙ අක්කත අපහස කරන්න එපා, දැන් තමුසෙගෙ ආසාව හරිනේ

එහෙම කියල පොඩ්ඩි අඬන්න ගත්ත. මම පොඩ්ඩිගෙ ලඟට යද්දි මන්දිහා රවල බලපු පොඩ්ඩි අයේ මගේ ඇඟට අතතිබ්බොත් බලාගෙනයි කියල තර්ජනය කරල කාමරෙන් එලියට ගියා.. මට මුකුත් හිතාගන්න බැරුව හිටියේ..කලින් දවස් කිහිපයේම රෑ මම නිර්මලාත බනිනාව පොඩ්ඩි අහගෙන ඉඳලා තියනවා කියල මට හිතුනා

ඒත් පොඩ්ඩි කාටවත් මුකුත් කියල තිබ්බෙ නෑ.. මම නිවාඩු ඉවරවෙලා පරන්තන් ගියා.. එහෙදි මට පොඩ්ඩිව නිතරම මතක් උනා.. ඒ දවස මට නිතරම මතක් වෙන්න ගත්ත.. නිර්මලාගෙන් නොලැබිච්ච අමුතු මිහිරක් මම පොඩ්ඩිගෙන් වින්දා..ඒ මිහිර ඉල්ලල මගේ හිත නිතරම කෑගැහුවා

මේපාර නිවාඩු එමින් ඉද්දි නිර්මලා මට කථාකරල කිව්ව එයා ඔෆිස් ඉවර වෙලා ෂොපින් යනවා කියලා.. මම ගෙදර එද්දි පොඩ්ඩි විතරයි හිටියේ.. වෙලාව 6.30ට විතර ඇති .. යන්තම් කරුවලත් වෙලා තිබ්බෙ පොඩ්ඩි දැක්කහම මට අයේත් මාව පාලනය කරගන්න බැරි උනා. කුස්සිය සින්ක් එක ගාව හිටිය පොඩ්ඩිව මම පිටිපස්සෙන් ගිහින් බදාගත්ත.. ඒත් පොඩ්ඩි එදාවගේ හිටියෙ නෑ.. මට ගහන්න දඟලන්න පටන් ගත්ත ඒත් මම පොඩ්ඩිව අත අරියෙ නෑ.. පොඩ්ඩි මගෙ අත හීරුව.. කෙනිත්තුවා.. මම පොඩ්ඩිව මගේ පැත්තට හරවන්න හදද්දි එයා මට මහ හය්යෙන් කම්බුල පාරක් ගැහුව.. මම පොඩ්ඩිව තල්ලුකලා .. මම හිතුවෙ නැති විදියට පොඩ්ඩි වීසිවෙලා ගිහින් නානකාමරේ උළුවස්සෙ ඔලුව වැදුනා.. එහෙම්මම බිම වැටුනු පොඩ්ඩි ටිකක් වෙලා දැඟලුවා.. පස්සෙ හෙල්ලෙන්නෙ නැතුව ගියා..
මගෙ අතින් මිනිස්සු ඕන තරම් මැරිල ඇති .. ඒත් එදා මම  හොඳටම භය උනා.. විනාඩි පහලොවක් විතර මම එහෙම්මම ඉන්න ඇති.. මම පොඩ්ඩිගෙ අත අල්ලල බැලුවා ඒ වෙනකොටත් පොඩ්ඩි මැරිලා හිටියේ ..

මම ගෙනාපු හැමදේම අරගෙන කාටවත් නොපෙනි ඉක්මනට එතනින අයින් උනා. මම දැනගත්ත මේකෙන් මට ගැලවීමක් නෑ කියලා.. මම පොලිසියට ඇවිත් භාර වෙන්න හදද්දි තමයි දැනගත්තේ මේ සිද්ධියට ගුණපාලව සැක කරනව කියලා.. ඉතින් මම මොකුත් නොදන්න විදියට ඉන්න තීරණය කලා..

නිමි.........

නීතිමය පසුබිම නොදන්න හින්දා හුගක් අඩුපාඩු ඇති.. එව්වට සමාවෙන්න ඈ... මේ ඉතින් පළවෙනි එකනේ

බොහොම පිං ආයුබෝං මීගොඩයගෙ අහ ගොඩවැදුනට,,, මතක හිටින්න මොනා හරි කොටලම හියානං තමා හොඳ,,, නැතත් අපනාපයක් නෑ ඕං

75 comments:

  1. සේනකත් සෙල්ලං නෑ එහෙනම් පව් පොඩ්ඩි
    දිගටම ලියමු ජය!

    ReplyDelete
    Replies
    1. ලියන්න ඕනෙ තව එකක්

      Delete
  2. අනේ මන්දා මෙහෙමත් ලෝකයක්...

    ReplyDelete
    Replies
    1. මේකනම් ප්‍රබන්ධයක්

      Delete
  3. hmm....kohoma hari minimaruwa ahu unane..

    ReplyDelete
    Replies
    1. එහෙම නූනනම් කථාවක් නෑනේ

      Delete
  4. කතාව සුපිරියි...නියපොතු අස්සේ රැඳුන හමෙන් පරීක්ෂණ කරන ඒවා ෂර්ලොක් හෝම්ස් ගේ කතා වලත් තිබුනා වගේ මතකයි. මේකත් ඒවාට දෙවැනි නෑ :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සයුරි හුගා..ක්. ඒත් ආතර් කොනන්ඩොයිල් ගාව මම කූබියෙකුටත් වඩා පොඩි එකෙක්

      Delete
  5. අසාවෙන් කියවපු කතව මෙච්චර එක්මනට ඉවර කරේ ඇයි යකෝ

    ReplyDelete
    Replies
    1. ගැත්තාට අනුකම්පා කල මැනවි

      Delete
  6. නිකමට වගේ හිතුනා මෙහෙම සංතෑසියක් වෙන්න ඇති කියලා..

    කතාව අන්තිමේ ඉක්මනට ඉවර කරලා වගේ.. මගේ හැගීමනම් තව කොටසක් දෙකක් අපූරුවට මේක ලියන්න තිබ්බා..

    අවුලක් හිතන්න එපා අයියේ.. කතාවේ අදහසයි සිද්දි සම්බන්දයයි අපූරුයි.. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මලේ... පොඩ්ඩක්වත් අමනාප නෑ

      පළවෙනි කථාවනෙ.. මට හිතුනා හුඟාක් ඇදුනොත් කට්ටියට බෝරින් වෙයි කියලා ඒකයි ඉක්මනට ඉවර කලේ

      Delete
  7. ඒකත් එලෙසින් නාමාවට පත් උනා එහෙනං ඈ......






    ක්

    ලියමු නේද?

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රජෝ....

      මට කමෙන්ට් එක ඇති .. රාජ සම්පත් උබ තියාගනින්

      Delete
  8. හරිම බයානක අවසානයක් මල්ලී...
    ආසාවන්ට වහල් වීමේ ආදීනව...
    නිමේශයක් ඇති හැමදේම බිදෙන්ට....

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කා .. කාටවත් වරදක් නොකරපු අහින්සක ජීවිතයක් නැති උනේ මිත්‍යාවල් පස්සෙ යන සමජයක් නිසා

      Delete
  9. hmmm....kathawa lassanai ayye.ayeth me wage lassana kathawak danna hode......

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම එකක් ලියනවා

      Delete
  10. හ්ම්ම්.. හැමදාම කියනවා වගේ ඔබ ලියනාකාරය ඇත්තටම අගෙයි!
    ඒකත් නිමි එහෙනම් හ්ම්ම් හ්ම්ම් :)

    ReplyDelete
  11. කතාව නිකං වෙඩි වගේ ඉවර උනා කියල හිතෙනව..ඒත් හොඳ කතාවක්..!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වී අය්යේ... ඊලඟ පාර කථාව ලියල ඉවර වෙලාම ටික ටික පෝස්ට් කරන්න හිතා ගත්තා

      Delete
  12. මිනීමරුව කව්ද කියල කතාව මුල ඉඳලම කියෙව්ව කවුරුත් වගේ මමත් අනුමාන කළා.
    ඔයාගෙ පළවෙනි කතාව විදියට නම් මේක හුඟක් සාර්ථකයි. දිගටම ලියන්න. ලියන්න ලියන්න පරිකල්පන ශක්තිය දියුණු වෙනව, වඩා සාර්ථක භාෂා රටාවකට හුරු වෙනව. ඉදිරියටත් තවත් කතා බලාපොරොත්තු වෙනව ඕං.

    ReplyDelete
  13. අපරාධකාරයා කවුද කියන එකට වඩා, අර පොඩ්ඩි කරපු වැඩේ නම් කතාවට නිර්මාණාත්මක අවසානයක් ගෙනාවා. නියමයි.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඔව් මචෝ දැන් හිතෙනවා අපරාදේ තවටිකක් ඒ සිද්දිය මතූනානම් හොඳයි කියලා

      Delete
  14. ලස්සනයි මචං , කථාව හොදටම ලියලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චමියා

      Delete
  15. බොහොම හොදට කතාව තියෙනවා මීයෝ ....
    තවත් කතා ලියන්න ....

    ReplyDelete
    Replies
    1. එල එල.. තැන්කිව් ඈ

      Delete
  16. එල නේ බං කතාව
    තා කතාවක් කියන්නකෝ... :ඩ්

    ReplyDelete
    Replies
    1. හරි මලේ ඉකමනට තව එකක් දෙන්නම්

      Delete
  17. සාර්ථක නිමාවක මචං..

    මෙගා නොවීම ගැන සතුටුයි.

    ජය !

    ReplyDelete
  18. මොන අඩුපාඩුද . ඔය තියෙන්නේ කතාව ලෙසටම !!!
    ඒකනෙමේ, එදා වගේ අදත් 18+ කියලා පෝස්ට් එකේ හෙඩිමේ දාලා 18+ කෑල්ලක් තිබ්බේ නැත්නම් තට්ටේ පලන්නම් කියලා ආවේ !!!
    උබේ ඔර්ලෝසුව හොදයි කොල්ලෝ !!! හික්ස් :)

    ReplyDelete
    Replies
    1. හැමදාමත් නොමග යවන්න බෑනේ

      Delete
  19. සමාජයේ අදුරු පැතිකඩක් ලස්සනට අකුරු කරලා තියනවා....ලස්සනයි ඈ!

    ReplyDelete
  20. මේක කියෙව්වාම පුදුම කම්පනයක් දැනුනා.අර මෝඩ ලේ පැල්ලමක් නිසා වෙච්චි පවුල් අවුල් හැමදෙයක්ම සංයමයෙන් දක්වලා තියෙනවා....

    හිතුව පැත්තට ඇදිලා ගිය එක ගැන සතුටු වුනාට කතාව කියෙව්වම දැනුනේ දුකක්.මේ මෝඩ මිත්‍යාව නිසා මෙව්වා කොයිතරම් වෙනවා ඇත්ද මිනිමැරුම් නොවුනත්...

    උපරිමයි කතාව.... කිසිම අඩුපාඩුවක් නෑ.උත්සහය සාර්ථකයි.දිගටම ලියන්ඩෝ.....

    ReplyDelete
    Replies
    1. මුල ඉදන්ම අතහිත දුන්නට ස්තුතියි ගැමි මලේ

      මම හිතුවෙම මලය මේක අල්ලගනියි කියලා,, නමෙන්වත් තේරුනේ නැද්ද

      Delete
    2. හප්පටසිරි..... ඇත්ත නේන්නං නම ගැන දැනුයි මීටර් වුනේ.හයියෝ මම සෑහෙන්න ට්‍රයි කලා ඒත් ඇස් පනාපිට තිබ්බ දේ පෙනුනේ නෑනේ....

      Delete
  21. මේක කතාවක්, කෙටි කතාවක් නෙවෙයි.

    නියම විදියට විස්තරාත්මකව ලියවුනානම් තවත් කොටස් දෙකක්වත් දාන්න වෙනවා.

    සුබ පැතුම්....!!

    ReplyDelete
    Replies
    1. සුමිත් අය්යත් මුල ඉඳන්ම උපදෙස් දීල ලියන්න ශක්තිය්ක් උනා ස්තුතියි හුඟාක්ම

      Delete
  22. ඔය තියෙන්නේ නියමෙට. නියමයි මචන්. හොදට ලියල තියෙනවා. නියම සම්පුර්ණ කතාවක්. අදහස් සරලයි, ගලායමත් මරු. උබට නියමෙට කතා ලියන්න පුළුවන්නේ. තව ලියපන් මචන්. බෙස්ට් ඔෆ් ලක් !!! මගෙන් ඕනේ සප් එකක්.

    ReplyDelete
    Replies
    1. එල එල තැන්කිව් ඈ.. ලන්නගදිම තව එකක් ලියනවා

      Delete
  23. නිතිය ගැන නම් නොදනි අයියේ..එත් කතාව නම් හරිම ආසවෙන් කියෙව්වා..ලස්සන කතාවක්... දිගටම මෙහේම කතා ගෙන්න ...

    ReplyDelete
    Replies
    1. පුලුවන් තරම් කාලයක් ලියන්න තමා නන්ගො කල්පනාව.. ස්තුතියි

      Delete
  24. පිරිමියා සොබා දහමෙන් ලද ආරක්ෂාව නිසා සුදනෙක් වෙමින් ගැහැනියගේ ලිංගික හැසිරීම පමණක් වරදක් කොට දැකීම විසාල අපරාදයක් හැටියටයි මම දකින්නේ.. කතාව අද නම් හදිසියේ ලියල් තියෙන්නේ. අකුරුත් වැරැද්ද වැරැද්ද. ඒත් සාරය ගත්තාම වටිනවා. නංගී කියන පාඩම වැදගත් ඒක ඌට වැටහුනේ නැතත්..

    ReplyDelete
    Replies
    1. අය්යගෙ අදහසට එකඟයි

      හදිස්සියෙ තමයි අය්යෙ ලිව්වෙ... කොහොමටත් මගෙ අකුරු අඩුපාඩු තියනවා පොඩිකාලෙ ඉඳන්ම.. අපහසුවක් උනානම් සමාවෙන්න

      Delete
  25. අවුලක් නෑ මලයෝ!! කතාව නම් සුපිරියටම ගිහින් තියනවා,.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අය්යා,,, අය්යලගෙ උදව් පදව් නැත්තම් තනි මට මෙච්චර හරියක් කරන්න බැරිවෙයි

      Delete
  26. ආයෙ කියන්න දෙයක් නෑ නියමයි. රහස් පරීක්ෂක කතාවක තියෙන්න ඕන වැදගත්ම අංගය තමයි අපරාධකරුවා අල්ලගන්න කලින් අපරාධය කල තැනැත්තා වෙනත් කෙනෙකුසේ හැඟවෙන ලෙස කතාව ලිවීම. (මෙතනදි නම් බාස්) ඒත් සේනක ගැන හැඟෙව්ව වේලාසන වැඩියි කියලයි මම හිතන්නෙ.
    ආයෙත් මේවගේ කතාවක් ලියපන්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රාජ් අය්යා...ඉක්මනටම තව එකක් ලියන්න ඔනේ

      Delete
  27. කතාව ගොඩක් ආසාවෙන් කියෙව්වා..මටත් හිතෙනවා තව ටිකක් විස්තර කරල කුතුහලයක් එක්ක තිබුනනම් තවත් හොදයි කියලා. ගොඩක් ලස්සනයි කතාව. තව එකක් ලියමු අයියේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තරුවා

      Delete
  28. කථාව ඇත්තටම හොඳයි. හිතන්නත් දෙයක් ඉතිරිකලා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අසාර්

      Delete
  29. මරු මරු නියමෙටම තියෙනවා! තව ලියමු, එතකොට ය පොඩි පොඩි එව්වත් මඟ හැරේවි!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලහිරු...

      Delete
  30. තවටිකක් විස්තරේ ඇද්දනම් හොඳා කියල හිතුන.අව්ලක්නෑ හොඳයි.තව එකක් ලියමු.

    ReplyDelete
    Replies
    1. සමාවෙයන් මචන් දිගට ලිව්වොත් කට්ටියට එපාවෙයි කියල ඉක්මනට ලිව්වෙ.. දැන් බලද්දි කට්ටියටම මම හෙන අසාධාරණයක් කරල තියෙන්නේ

      Delete
  31. පොඩ්ඩිට නිවන් සැප ලැබේවා ! කථාව හොදයි... විශේෂයෙන්ම අවසානය... තාත්විකයි... මි ගොඩයාට ජය!

    ReplyDelete
  32. නීතිමය පසුබිමක් ඕනෙ නැහැ. මේ අපූරුවට ලියල තියෙන්නෙ. කොහොමත් ඩීඑන්.ඒ. පරීක්ෂනය නිවැරදියි. ඒත් ඩීඑන්.ඒ. පරීක්ෂනයක් කරන්න කෙලින්ම බැහැ ඒකට අධිකරන නියෝගයක් මුලින්ම ලබා ගත යුතුයි.

    මේ වගේ කාරනා ඒතරමට ගැටලු නෙවෙයි. අවශ්‍ය වෙන්නෙ නිර්මාණාත්මකව කතාව ඉදිරිපත් කිරිමයි. ඒනිසා ඔබ ඔබේ යුතුකම නිවැරදිව ඉටුකර තියෙනවා.ඒකයි වැදගත් වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දයානන්ද අය්යා. අය්යගෙ උපදෙස් හුඟාක් ලොකු ශක්තියක් උනා

      Delete
  33. එකක හුස්මට කියවගෙන ගියා කතාව . ලස්සන නිර්මාණයක් .

    ඔන්න මාත් අද තමා මේ පැත්තට ගොඩ උනේ. දිගටම එන්නම් .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගිම්හානි... ඔයාවත් සාදරෙන් පරසතු උයනට පිළිගන්නවා

      Delete
  34. මග ඇරණ කොටසත් එක්ක දෙකම කියෙවුවා...නියමයි...කතාව අපුරුවට ගොඩ නගල තියෙනව...

    ReplyDelete
    Replies
    1. තැන්කිව් දිනිති... කෝ සමාකරන් අප්පච්චි..එකත් ඉක්මනට ලියන්න

      Delete
  35. ගොඩක් වෙලාවට අපරාද සිද්ද වෙන්නේ ක්ෂණිකව ඇතිවෙන ආවේගයක් කේන්තියත් මත ඒ කරුණු මේ කතාවේ හොඳට ගැබ් වෙලා තියෙනවා හොඳ කතාවක් දිගටම ලියන්න. ඔය ලේ පල්ලම් වගේ දේවල් හණමිටි කලේ අදහස් නමුත් තාමත් මේ සමාජේ ඕව විශ්වාවාස කරනවනේ

    ReplyDelete
    Replies
    1. එකඟයි කෝරලේ මහත්තයෝ.... හැමදේටම

      Delete
  36. පොඩ්ඩි මාර කෙල්ලෙක් ! කතාව ලස්සනයි, ආසාවෙන් කුතුහලයෙන් කියෙව්වා, පොඩ්ඩිගෙ ඒ සිදුවීම තවත් ටිකක් ලස්සන කළා නම් හොඳයිද මන්දා. ලස්සන කළා නම් කිවුවෙ, තව ප්‍රබලත්වයක් දුන්න නම්

    ReplyDelete
    Replies
    1. ඔව් සිදූ ඒක මගෙ අතින් සිද්ද වෙච්ච අඩුපාඩුවක්.. අනිවර්යයෙන්ම ඊලඟ එකේ හදල ලියන්නම්

      Delete
  37. අඩේ අදයි බන් මුලු කතාවම කියෙව්වේ . . . හම්බ උනාම හොඳ නරක අඩුපාඩු කියන්නම් ඈ . .

    ReplyDelete
    Replies
    1. එල..එල අය්යා... ( ආයේ කවද මෙයා දකින්න වෙයිද කියල කවද දන්නේ )

      Delete
  38. ලබන සතියේ එනවා බන්

    ReplyDelete