නූපන් පැතුමක්
මන්දාරම් අඳුර අතරින් හමා ආ හිරිකඩ මුසු සුලන් රැල්ලක් නේරන්ජනාගේ හිස අවුලකර පිටව හියේ කාමරයේ එලා තිබූ බිං චෑනයද සිලි සිලි හඬින් නාද කරවමිනි. කඳුළු පිරි දෙනෙතින් පාර දෙස බලා සිටි ඈ දඩාස් හඬින් කවුළු පියන්පත් වසා දමා අඳට වැටුනාය.
දුරකතනය අතට ගත් ඈ සුපුරුදු අංකය ඇමතුවාය... " ඔබ ඇමතූ අංකයෙන් ප්‍රතිචාරයක් නොමැත, කරුණාකර පසුව අමතන්න." ප්‍රතිචාරයද ඇයට සුපුරුදුය. මාසයකුත් දින දහසයක් පුරාවට ඇය වැඩිම වාරගනනක් ඇසූ වාක්‍ය කණ්ඩය එය විය.
මෙතෙක් දෑස් අග නලියමින් තිබූ කඳුළු බින්දු නේරන්ජනාගේ දෙතොල් සිපගෙන පහලට ඇදෙන්නට විය.
දුරකතනය අතට ගත් ඈ සුපුරුදු අංකය ඇමතුවාය... " ඔබ ඇමතූ අංකයෙන් ප්‍රතිචාරයක් නොමැත, කරුණාකර පසුව අමතන්න." ප්‍රතිචාරයද ඇයට සුපුරුදුය. මාසයකුත් දින දහසයක් පුරාවට ඇය වැඩිම වාරගනනක් ඇසූ වාක්‍ය කණ්ඩය එය විය.
මෙතෙක් දෑස් අග නලියමින් තිබූ කඳුළු බින්දු නේරන්ජනාගේ දෙතොල් සිපගෙන පහලට ඇදෙන්නට විය.
දෙනෙත් තදකොට පියාගත් නේරන්ජනාත අතීතය සිතුවම් පටයක් සේ මැවෙන්නට විය..
පසුගිය සිංහල අවුරුදු නිවාඩුවට සමන්තගේ බෝඩිං කාමරයේ සියළු මිතුරන් ගමේ ගියහ. සමන්ත පමණක් තනිවිය.. අවුරුදු දාට තෙදිනකට පසු හරියටම හිස තෙල් ගාන අවුරුදු දා නේරන්ජනා සමන්ත සමග පන්සල් ගොස් පිල්ලෑව බෝසමින්ඳු සිත් සේ වැඳ පුදා ගත්තාය ඒ අවසන සමන්තගේ යෝජනාව වූයේ කාමරයේ කිසිවෙකුත් නොමැති නිසා නිදහසේ කථා කිරීමට සුදුසුම තැන සිය කාමරය බවයි. බිය වීමට හේතුවක් නැත තමාටත් වඩා තම ආරක්ෂාව ගැන සැලකිළිමත් වන සමන්ත ලඟ සිටින විට ඇයට බිය වීමට හේතුවක්ද නොමැත.. ඇඟළුම් සේවිකාවක් වූ නේරන්ජනාටත් මහරගම වෙනත් ආයතනයක රියදුරෙක් වූ සමන්තටත් යා ගැකි ලාබදායීම තැන සමන්තගේ බෝඩින් කාමරය බව නේරන්ජනාද සිතුවාය
පසුගිය සිංහල අවුරුදු නිවාඩුවට සමන්තගේ බෝඩිං කාමරයේ සියළු මිතුරන් ගමේ ගියහ. සමන්ත පමණක් තනිවිය.. අවුරුදු දාට තෙදිනකට පසු හරියටම හිස තෙල් ගාන අවුරුදු දා නේරන්ජනා සමන්ත සමග පන්සල් ගොස් පිල්ලෑව බෝසමින්ඳු සිත් සේ වැඳ පුදා ගත්තාය ඒ අවසන සමන්තගේ යෝජනාව වූයේ කාමරයේ කිසිවෙකුත් නොමැති නිසා නිදහසේ කථා කිරීමට සුදුසුම තැන සිය කාමරය බවයි. බිය වීමට හේතුවක් නැත තමාටත් වඩා තම ආරක්ෂාව ගැන සැලකිළිමත් වන සමන්ත ලඟ සිටින විට ඇයට බිය වීමට හේතුවක්ද නොමැත.. ඇඟළුම් සේවිකාවක් වූ නේරන්ජනාටත් මහරගම වෙනත් ආයතනයක රියදුරෙක් වූ සමන්තටත් යා ගැකි ලාබදායීම තැන සමන්තගේ බෝඩින් කාමරය බව නේරන්ජනාද සිතුවාය
සමන්තගේ කාමරයට අතුළුවූ නේරන්ජනා සමන්තගේ ඇඳුම් නවා තැබුවාය.. අවුල්ව ගිය ඇඳ ඇතිරිළි පිළිවෙලකත සැකසුවාය
මොහොතක් නේරන්ජනා දෙස බලා සිටි සමන්ත සෙමින් අවුත් පිටුපසින් ඈ වැල්ලඳ ගත්තේය. නේරන්ජනගේ සිරුර කිතියකින් හිරිවැටී යන්නට විය.. බඳවටා අත දමා නේරන්ජනා සිය සිරුරට තෙරපවාගත් සමන්ත ඇගේ කන්පෙති ගෙල සිපගන්නට විය.
"අනේ සමන්ත.... කවුරු හරි එයි"
"බය වෙන්න එපා නිරූ කවුරුවත් නෑ" කියමින් නේරන්ජනා සිය ග්රහනයෙන් මුදා හල සමන්ත අඩවල් කර තිබූ දොර වසා දැමා නැවත නේරන්ජනා කරා පැමිණියේය.. සමන්තගේ ඇස් දිළිසෙන්නට විය.. ඔහු පහත් වී නේරන්ජනාගේ දෙතොල් සිය තෙතොල් අතරට සිරකරගත්තේය. නේරන්ජනා දෙනෙත් පියා ගත්තාය.. මොහොතකින් සමන්තගේ අත නේරන්ජනාගේ බ්ලව්සයේ කර වෙත ලඟා විය ..
"අනේ... සමන්ත එප්..පා.."
ඔයා මගෙනේ රත්තරං ... මම ඔයාව බලාගන්නව .. මැරෙනකන්ම කවදා...වත් තනිවෙන්න දෙන්නෙ නෑ..
ඒ වදන් හමුවේ නේරන්ජනාට කියන්නට දෙයක් නොවින.. ඇය සමන්ත හා එක්ව ජීවිතයේ අනන්තය කරා කිරිල්ලියක සේ සතුටින් පියබුවාය
හුදකලා කුටියක පිරිමියෙකුගේ දහඩියත් ගැහැනියකගේ කඳුළුත් කෙතරම් නම් දයාබර වන්නේදැයි නේරන්ජනාට සිතුණි
* * * * *
"දැන් හූල්ල හූල්ල ඉන්නෙ නැතිව ලෑස්ති වෙයන් යන්න" සරෝජනීගේ කටහඬින් නිර්මලා පියවි ලෝකයට ආවාය.
"අනේ මට බෑ සරෝ, ... මම මේ දරු පැටියව හදා ගන්නවා"
"හදපන් හදපන්.. අප්ප නැති දරුවෙක් හදලා ඌට ලෝකෙම එවුන් අවජාතකය කියනව අහල හිනාවෙයන්.."
" ඒත් මේක මිනී මැරුමක් සරෝ "
" කෙහෙල් මල උබේ ළමය ලොකුවෙද්දි ඒකට ලෝකෙ උන් අවජාතකය කියද්දි ඒකා මැරි මැරී උපදිනවා' ඒදාට ළමය උබටත් ශාප කරයි.
මේ බලපන් නිරූ.. උඹ තාම තරුණයි.. ලස්සනයි.. ඔය සිද්දිය අමතක කරළ උබව බාරගන්න කොල්ලෙක් උඹට හම්බ වෙයි.. ඒත් ළමයෙක් එක්ක තනිවෙච්ච ගෑනියෙක් බාරගන්න එවුන් මේ රටේ අඩුයි.. දැන් ඔය කඳුළු පිහදගෙන ගිහින් ලෑස්තිවෙයන් යන්න
"අනේ මට බෑ සරෝ, ... මම මේ දරු පැටියව හදා ගන්නවා"
"හදපන් හදපන්.. අප්ප නැති දරුවෙක් හදලා ඌට ලෝකෙම එවුන් අවජාතකය කියනව අහල හිනාවෙයන්.."
" ඒත් මේක මිනී මැරුමක් සරෝ "
" කෙහෙල් මල උබේ ළමය ලොකුවෙද්දි ඒකට ලෝකෙ උන් අවජාතකය කියද්දි ඒකා මැරි මැරී උපදිනවා' ඒදාට ළමය උබටත් ශාප කරයි.
මේ බලපන් නිරූ.. උඹ තාම තරුණයි.. ලස්සනයි.. ඔය සිද්දිය අමතක කරළ උබව බාරගන්න කොල්ලෙක් උඹට හම්බ වෙයි.. ඒත් ළමයෙක් එක්ක තනිවෙච්ච ගෑනියෙක් බාරගන්න එවුන් මේ රටේ අඩුයි.. දැන් ඔය කඳුළු පිහදගෙන ගිහින් ලෑස්තිවෙයන් යන්න
මුහුණ කට වසාගෙන
යකඩ අඬු අතින් ගෙන
යක්ෂයෙක් සැරසෙනව
මගේ පන නසන්නට
නෙත් කඳුළු බොඳ කරන්
නොම ඉඳන් ඔය ලෙසට
අම්මෙ උඹ දුවාපන්
බේරන්න මගේ පන
හිරු නඟින මල් පිපෙන
කුරුල්ලන් ගී කියන
සඳක් වට තරු දිලෙන
සීතලට හිම වැටෙන
තියනවලු ලෝකයක්
මේ අඳුරු ගැබ එපිට
අත තබා කුස මතට
අසාපන් මගේ දුක
පා ගසා දඟලලා
රිදවන්නෙ නෑ නුඹට
වද නොදී හිඳින්නම්
ගුලිවෙලා පැත්තකට
මං නොදුටු සොඳුරු ලොව
දෙනෙත් හැර දකින්නට
අනේ එක වරක්වත්
අම්මෙ මට ඉඩ දියන්
බොහොම පිං ආයුබෝං මීගොඩයගෙ අහ ගොඩවැදුනට,,,
මතක හිටින්න මොනා හරි කොටලම හියානං තමා හොඳ,,, නැතත් අපනාපයක් නෑ ඕං
බඩ පපුව දාල ගියා .. නිහඬවම මරුවා වැළඳගන්න සිඟිත්තන් කොපමණ ඇත්ද අපේ පුංචි ලංකාවේ ?
ReplyDeleteඅය්යා මමනම් කියන්නේ.. ගබ්සාව නීතිගතකලාත කමක් නෑ කියලා
Deleteඇඩෙනවා ඕයි... :(
ReplyDeleteආ මචන් මී... මේ තෑගි ප්‍රශ්නේ බැනර් එක අයින් කරහන්. දැන් ඒක ඉවරයිනේ. දුන්න සප් එකට තෑන්ක්ස් මචන්
මීයට - සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අඩන්න එපා ඕයි .. අර උඹේ අතින් මෙව්වා වෙච්ච කෙල්ලව බාරගනිං....
Deleteබෝඩ් එක අයින් කලා... මෙච්චර කල් එල්ලන් හිටියට කීයක් හරි දීපන්
මේක කොහොමද බොල කුණුහරපයක් වෙන්නේ....මම මේ වගේ කවියකට දාපු කොමෙන්ට් කවියක් තියනවා..එක හොයන මේකෙම දාන්නම්..
ReplyDeleteකොහොම උනත් සංවේදී නිර්මාණයක්...
කෝ බන් දාල නෑනේ..... කවිය
Deleteකව්ද බොල කිව්වෙ කිණු හරුපය කියල????? :O
ඇත්තෙන්ම මේක මහ ව්‍යසනයක් මචං. මට හිතෙන්නෙ මේකට මූලිකම හේතුව අපේ සමාජයෙ නොදැනුවත්කම, ලිංගික අධ්‍යාපනයක් නැතිකම. ගතානුගතික විදියට හිතන අය හිතන්නෙ අපේ සංස්කෘතිය, සභ්‍යත්වය ගැන කියල දීල ඒ තුළින් මිනිස්සු හික්මවීම මේ වගේ ප්‍රශ්නවලට එකම විසඳුම කියල. මිනිස් හැඟීම් ඔය සමහරු කියන විදියට හැම විටම හික්මවන්න බෑ, වර්තමාන සංකීර්ණ සමාජ ක්‍රමයෙදි ඒක කොහොමටවත් කරන්න බෑ, කවුරු කොහොම කිව්වත් ඇත්ත ඒක. සංස්කෘතිය සභ්යවත්වය ගැන හිත හිත මේ වගේ අපරාධ ලෝකෙට හොරෙන් දහස් ගණනින් වෙන්න ඉඩ හරිනවට වඩා නිසි ලිංගික අධ්‍යාපනයක් ලබා දී අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වන්න කටයුතු කරන එක තමයි හොඳම දේ.
ReplyDeleteඇත්ත මචන් මේ ප්‍රෂ්නෙට තියෙන පළමු විසඳුම තමා විධිමත් ලිංගික අධ්‍යාපනයක් ලබාදීලා.. අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්ව ගන්න එක.. හැබැයි ඔය දේ අවුරුදු 18 දී කියල දීලා වැඩක් නෑ.. කුඩා කල සිටම ලිංගිකත්වය කියන දේ හංගගෙන හදන පොඩි එකා කර දන්න්ඩු උස් වෙලා සමජෙට එනකොට ඌට සෙක්ස් කියන්නේ අරුම පුදුම දෙයක් .. ඒ හින්දා පොඩි කාලේ ඉඳන්ම ලිංගික කුතුහලයක් ඇති නොවන විදියට ලින්ගික දැනුවත් කෙරීමක් කරනවනම් හොඳයි ( දෙමා පියන් විසින් )
Deleteකථාවක් විදිහට කියපුදේ සම්පූර්ණ කරන්න කව් ටිකට පුළුවන් වෙලා පස්ට ඈ
ReplyDeleteතැන්කිව් මචං
Deleteදුක හිතෙන සිතුවිල්ලක් මීගොඩයෝ !
ReplyDeleteහ්ම්ම්ම් .. සිතුවිල්ලක් විතරක්ම නෙවෙයි
Deleteම්ම්ම්ම්.....කිසිත් නොකියමි... :/
ReplyDeleteමමත් උත්තර නොදෙමි
Deleteසමාජයේ පවත්නා තවත් එක අදුරු පැතිකඩක් ......
ReplyDeleteහ්ම්ම්ම්ම්
Delete:'(
ReplyDelete:(
Deleteසංවේදී නිර්මාණයක්. බොහොම සංවේදී නිර්මාණයක්.
ReplyDeleteකාලෙක ඉඳන් ලියන්න හිටපු එකක්....
Deleteමොකො අය්යෙ මේ නම වෙනස් කරගෙන
ගූගල් ප්ලස් කරපු හදියක්.. ඌ මාව කේජ් කළා..
Deleteඇත්ත තමයි.. පොඩි විනාඩි ගාණක සතුටක අවසානය හයක් හතරක් නොදත් දරුවෙකුගේ මරණයක් නම් ඒ වගේ යට දරු පල නොදෙන්න මහා බඹා වැඩ කරනවා හොඳයි ආ... නැද්ද ආ....
ReplyDeleteහෙල්මට් නොදා යන උන්ට දඩ ගහලා විතරක් මදි නැද්ද..?
අනිවා අනිවා....
Delete>>>>>>>>>>>>>>>>>>>>>>>>
ReplyDeleteමොකද්ද බං මේකේ තේරුම
Deleteමෙහෙම ඒව කොච්චර නම් වෙනව ඇතිද. නොදරුවන් මෙලොව නොදකින්න සලස්වන පාපතර දෙමව්පියෝ.. :(
ReplyDeleteගබ්සාව කියන්නේ වැරැද්දක් උනාට මම කියන්නේ අපේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස්කරගන්න බැරිනම් රටේ නීති වෙනස්වෙන්න ඔනෙ කියලා....
Deleteහරිම සංවේදී අදහසක්...
ReplyDeleteඒත් .... කියන විදියට යාලුවෙග් කතාව ඇත්ත.... ගබ්සාව නීති ගත කරන්න කලින් උපත් පාලන ක්‍රම ගැන මේ කෙහෙල්මල් සමාජයේ තියෙන කුණු ගොඩවල් අයින් කරන්න ඕනේ.. කොණ්ඩම් එකක්, මිතුරි පෙති කාඩ් එකක් ගන්න ගියාම අතේ මුද්ද දිහා හොරෙන් බලන ෆාමසි කාරයෝ ඉන්නකම් කොහෙද ඉතිං.... එතකොට අඩුගෙනෙ නූපන් දරුවෙක් මරා දානවට වඩා අනවශ්‍ය දරුවෙක් ඇතිවෙන එක වලක්වගන්න පුළුවන් වෙයි..
මේ අදහස මගේ පෞද්ගලික අදහසට හුඟාක් සමානයි... පොඩි වෙනසකට තියෙන්නේ... අනවශ්‍ය ගැබ් ගැනීමක්නම් පියා මග හරිනවානම් ඔහුට විරුද්දව දැඩි නීති පියවරයක් ගැනීමේ අයිතිය කාන්තාවට ලබා දෙන්න ඕනේ...
Deleteහැබැයි ඉතින් ඒකත් සල්ලි වලට බල පුළුවන්කාර කම්වලට යට වෙයිනම් ඉතින් වැඩක් නෑ
අනේ මන්දා ඉතින් ඔව්වා
ReplyDeleteමාත් දන්නේ නෑ බං...... ( මූ බබා )
Deleteඉස්සර කාලේ ඉඳන් ගැට අන්නාසි කෑම වගේ ගොඩ වෙදකම් කරමින් තිබුනු (වැඩිය අහන්න නොලැබුනු ) විවෘත ආර්ථිකය ඇවිත් නිදහස් වෙලඳ කලාප ඉදිවෙලා හොර ක්ලිනික්ස් ඇවිත් මහා පරිමානයෙන් කතා අහන්න ලැබුනු එතැන් පටන් දිගටම සමාජයේ තියෙන අඳුරු පැතිකඩක් . . . ඇත්ත මම කියන්නෙත් ගබ්සාව නීති ගත කරන්න ඕන . . එතකොට මාතෘ මරන සංඛ්‍යාව අඩුවෙයි හූර වෙද්දු ගාවට නොගිහින් හරි හමන් ඉස්පිරිතාල වලින් කර ගනන් යෑමෙන් . . .
ReplyDeleteගැට අන්නාසි කථාවනම් ඉතින් අප්‍රසිද්ද එකක් නෙවෙයිනේ .. ප්‍රසිද්ධ අත් බෙහෙතක් නේ.....
Deleteඔය කියන තැනට යන්න කලින් මග හැර යන පාර්ශවය දැඩි නීතිමය රාමුවකට කොටු කලොත්.... නරකද අය්යේ..
ඔයා ගාමන්ට් කෙල්ලෝ කියලා සමාජය පහත් කරන කෙල්ලෝ නිසා තමයි ලංකාවේ ටයි කෝට් දාන මහත්තුරු සැපට ඉන්නේ කියලා දවසක් අපිට සර් කෙනෙක් කිවුවා..
ReplyDeleteපවු ඒ කෙල්ලොනං..
හරිම සංවේදී සිද්ධියක්..
ගාමන්ට් ගෑනු ළමයින්ට විතරක් නෙවෙයි බං ... මේ සිද්දි හැම සමාජ තලයකම තියනවා.... සල්ලි කාරයො උන්ගේ දූලා බඩ උනහම කොහොම හරි සල්ලි බලෙන් ඒක හොරෙන් ගබ්සා කරගන්නවා.. නියම ප්‍රමිතියකට තියන පිළිගත් රෝහල් වලට ගිහින්..
Deleteඅර දුප්පත් කෙල්ලො තනියම පාරවල් හොයාගේන කොහේ හරි මුල්ලක ඉන්න හොර වෙදෙක් ගාවට ගිහින් ඕක කරගන්නවා.. සමහර විට ළමය විතරක් නෙවෙයි අම්මත් මැරෙනවා
මොනව කියන්නද..
ReplyDeleteහිතට දැනෙන දේ අවංකව
Deleteහරිද වැරදිද කියා කියන්නට නොහැකිය.......ලියවිල්ල හරිම ලස්සනයි කියා කියමි...
ReplyDeleteස්තුතියි කියල කියමි
Deleteලංකාවේ දවසකට සෑහෙන මේවගේ ගබ්සා කිරීම් වෙනවාලු.... පව් අහිංසකයෝ!
ReplyDeleteඒකනම් ඇත්ත... පව් තමා... ඒත් මේවා නීතිගත කලොත් මාතෘ මරණ ප්‍රමානයවත් ඇඩුකරගන්න පුළුවන්
Deleteහ්ම්ම්ම්ම්.....
ReplyDelete෴සිද්ධිය෴
:(
Deleteළමයත් එක්ක තනි වුන බව කියන්න හදිස්සි උනා වැඩිද කියලත් හිතෙනවා... මොනවා උනත් හැංගි හැංගි කථා කරන ඒ උනාට ධර්මද්වීපයේ අම්බානට සිදුවෙන පව්කාර සිදුවීම ගැන මී ගොඩයා ගොඩ නැගූ සංවාදය අපූරුයි...
ReplyDeleteතැන්කිව් සිරෝ... ලන්කාවෙ විතරක් නෙවෙයි හැම රතකම වගේ වෙනවා.... ලංකාව වහේ රටවල මේවා දිහා හුඟක් පිළිකුලකින් බලනවා .. එච්චරයි වෙනස
Deleteඋඹ මොකද බන් ලගදි කාමරේ පැත්තෙ නාවෙ... කෑම අජීර්ණයක් වත්ද ?
Deleteවැඩ ටිකකට හිරවුනා... වීක් එන්ඩ් එකේ දඩාවතේ ගියා.. දැන් හරි..
Deleteපපුවටම වැදුනා ඈ නියමයි !
ReplyDeleteතැන්කිව් ඈ
Deleteහලෝ මී ගොඩයෝ...මොකද මේ දවස්වල පේන්නවත් නැත්තේ ?
ReplyDeleteහැම පැත්තෙන්ම හිර වෙන්නේ ගැහැණු...
මට අර කම්මලි කම කියන භයානක ලෙඩේ හැදිලා ඉන්නේ..... ඒකයි මේ ලියන්නෙ නැත්තේ
Deleteසයුරිගෙ කථාව හරි.. මම හිතන්නේත් මීට වඩා සාධාරනයක් ගැහැණු පාර්ශවයට ඉටුවෙන්න ඕනේ
එල කාලෙකට පස්සේ ලියලා,
ReplyDeleteහොඳ පාඩමක් කියලදීල තියෙනවා...
හ්ම්ම් හ්ම්ම්....
Deleteමචන් සුපිරි පබැඳුමක්. කියල වැඩක් නෑ. අන්තිම පද පේලි ටික හිතට වදිනවා
ReplyDeleteතැන්කිව් ඈ
Deleteසංවේදී මාතෘකාවක් මේක ඇනේ මන්දා....
ReplyDeleteහ්ම්ම්ම්ම්
Deleteකාතව නම් අති විශිෂ්ඨයි. කිරට මිරිසට රසට,දැනෙන්න ලියල තියෙනවා. සැබෑ ලෝකේ මේවගේ දේවල් අනන්තවත් සිද්ධ වෙන්නේ නොදැනුවත් කමෙන් නොවේ නොසැලකිල්ලෙන් සහ මුලාවෙන්
ReplyDelete//නොසැලකිල්ල හා මුලාව//
Deleteපලවෙනි එක කෙසේ ව්තත් දෙවනි එකනම් හුඟාක් බලපානවා..
මොනව වුනාද මන්දාකියෝගෙන යනකොට....
ReplyDeleteහෑ ... මොකෝ උනේ
Deleteනිතරම අහන්න දකින්න ලැබෙන අත්දැකීම් වලින් ලංකාවෙ ගබ්සාව පිළිබඳව නීතිය වෙනස් වෙනවා නම් හොඳයි කියල හිතෙනව. අලුතින් නීතියක් ගේන්නත් යනවලු. ඒත් මට හිතෙන්නෙ , ඒ විදියට පරීක්ෂණ නිමා වෙලා , තීරනේ ලැබෙනකොට බබා හම්බ වෙලාත් තියෙයි. (ලංකාවෙ නීති ක්‍රියාත්මක වීම එහෙමනෙ)
ReplyDeleteලංකාවේ කොයි කෙරුවාවත් ඉතින් එහෙමනේ,, කිව්වත් වගේ බබා හම්බ වෙලාම තියෙයි.. ඒත් ඉතින් මේ නීති වෙනස් වෙනවනම් ඒක සමාජෙට ලොකු යහපතක්
Deleteමාත් කාලෙකට කලින් මේ මාතෘකාව ගැනම ලිවුවා.. මම නම් අකමැතියි.. ඒක මගේ අදහස..
ReplyDeleteකවියත් කතාවත් ලස්සනට ලියල තියෙනවා..
කැමති මතයක් දරන්න අපි කාතත් අයිතියක් තියනවා.. මමනම් කියන්නේ ගැහැනියට විතරක් අවලාද නගන සමාජෙක ගබ්සාව රහස්‍ය සුරකෙන අකාරයට රජයේ රෝහල් වලින් කරගන්න අවස්ථාව සලසන්න ඔනේ
Deleteනැත්තම් ළමයගේ තාත්තව හොයල අර ගෑනු කෙනාට කසාද බන්දල දෙන වැඩ පිළිවෙලක් සකස් කරන්න ඔනේ.. දෙන්නෙක් එකතු වෙලා කරන වැරැද්දකට තනියම විඳවන එක අසාධාරනයි
සංවේදී නිර්මාණයක් සහෝ. වර්තමාණයේ පැතිකඩක්..
ReplyDeleteස්තුතියි නන්දු
Deleteසුපිරි නිර්මාණයක් අයියේ...සැහෙන්න හිතටම වැදුනා..:(
ReplyDeleteඅද සමාජයේ කොච්චර නම් මේ වගේ නුපන් දරුවන් කි දෙනෙක් මේ ලෝකය එලිය දකින්න වාසනාව නැති වෙනවද..:(
ඒත් එක්කම මව්වරු කීදෙනෙක් ජීවිතෙන් සමු ගන්නවද
Deleteපදවැල් ටික මගෙ නළල රැලි කරන්න සමත් උනා සහෝ..අනේ මන්ද මුළු හිතටම දැනුනා මේ පෝස්ට් එක..
ReplyDeleteතැන්කිව් හිරූ
Deleteජීවිතය අධිවේගී මාර්ගයක වාහනයක් පදවනවා වගෙ. මොහොතක නොසැලකිලිමත් බව මහා විනාශයක් ගේනවා. නමුතොය දේම බටහිර රටක ඔය විදියට බලපාන්නෙ නෑ. මිනිස්සු කන්යාවියො හොයන්නෙත් නෑ. single parent සංකල්පය සුලබ දෙයක්. කවුරුවත් වපරැහින් බලන්නෙත් නෑ.ලමයෙක් ඉන්න ගෑනියෙක් අවලංගු කාසියක් වෙන්නෙත් නෑ.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
කථාව ඇත්ත... අපේ මිනිස්සු කුණු ලේ පැල්ලමක් මත්තේ මැරෙන්න හදනවා.. අන්ධානුකරනයෙන් මිදෙන්න තාමත් බැරිවෙලා... ඒවත වන්දි ගෙවන්නේ නූපන් ලේකැටි
Deleteදුක හිතෙනවා ගොඩක් නේ.
ReplyDeleteහ්ම්ම්ම්
Deleteඒ වෙලාවට එන ආසාව නවත්ත ගන්න අමාරු ඇති. එත් හැඟීම් වලට ඕනවට වඩා වහල් වෙන්න හොඳ නැහැ.
ReplyDeleteකියන තරම් කරන්න ලේසි නෑ ඇපලෝ.... වෙන විසඳුමක් හොයන්න වෙනවා
Deleteහැගීම්වලට වහල්වීම ගැනනම් මගේ විරෝධයක් නෑ.
ReplyDeleteපීල්ලෑවෙ බෝගහට වන්දනා කරන්න තිබුන උනන්දුවම කොන්ඩම් පැකට් එකක් ගන්නත් තිබුනානම් මේ ගැටවව නෑනෙ.
හදුනකූරු කට්ටකුමංජල් දේව රූප වගේ ගූ ගොඩවල් ගැන දැනුවත් වෙනවට වඩා මනුශ්‍ය ජීවිතය ශිෂ්ට විදියට ගෙවාදාන්න පුළුවන් ක්‍රම ගැන දැනුවත් වීම වඩා වටිනවා.
මගේ යෝජනාව නම්, උපත්පාලන උපක්‍රම හා උපකරණ ගැන ලංකාවේ සියළුම කර්මාන්තශාලාවල සේවක සේවිකාවන් දැනුවත් කිරීමේ වැඩමුළු පැවැත්වීමත් අදාල උපකරණ හා සේවාවන් පහසුවෙන් ලබා ගැනීමට හැකිලෙස ස්ථානගතකිරීම්ත් හැකි ඉක්මනින් කළයුතුයි. ගබ්සාව නීතිගතකරන්නත් බැරිනම්, විවාහය ඉක්මන් කළහැකිවිදියට ආර්ථිකය කළමණාකරණය කරන්නත් බැරිනම් පහසුවෙන කරන්න පුළුවන් ඔය වැඩේවත් කළයුතුයි.
කර්මාන්ත ශාලාවල සේවිකාවන්ගෙන් නෙවෙයි අය්යේ පාසල් අධ්‍යාපනය තුලට මේ දේවල් ඇතුලත් කරන්න ඔනේ.... එතනින් තමයි පටන් ගන්න ඔනේ..දෙමව් පියන් උනත් දැනගන්න ඔනේ ලින්ගිකත්වය දිහා කුතුහලයෙන් බලන තත්වෙට පත් නොවෙන විදියට ළමයින්ව දැනුවත් කරන්න
Deleteමොකෝ බං මීගොඩයො වැරදි බටොං එක එබුනද? අන්න පොස්ට් එකක් අප්ඩේට් වෙලා අර කිරිසප්පයගෙ මූණත් එක්ක.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
ඔව් බන් දාන්න හිටපු එකක් නෙවෙයි.... පස්සෙ හදල දාන්නම්
Deleteමචං බ්ලොග රෝල අප්ඩේට් වීමේ අවුලක් තියෙනවා..
ReplyDelete“Sorry, the page you were looking for in this blog does not exist.“
:(
හැමදේම හිත සුදා.... මිනිසෙක් වුනාම දැනගන්න ඕනි තමන්ව වගේම හැගීම් පාලනය කරගන්න...
ReplyDeleteමොකෝ කතාව බාගෙට දාල කතාව හොඳයි
ReplyDeleteදාපු පෝස්ටුව නැත.:/ කෝ ඒක?
ReplyDelete