Sunday 21 October 2012

නුඹමයි අනු රූ.. ලොව්තුරු ප්‍රේමයේ


















රුහිරු උරුමයෙන් පුද ලද ජීවයේ 
නිහඬ පිළිරුවයි අමිලවු ස්නේහයේ 
නිති නෙත මා රුව දැවටුණු හීනයේ 
නුඹමයි අනු රූ.. ලොව්තුරු ප්‍රේමයේ 

ඉර මද්දහනේ කර්කෂ මහ පොළොවේ 
කාසියකට රන් ඩා බිඳු විකිණූයේ 
ඒ රන් ඩා බිඳු සුවඳිනි දිවි ගමනේ 
හිනැහී හිනැහී ණැනමල් පොඩි පිපුනේ 

වියරුව සපැමිනි කුනාටු මාරුතයේ 
ඔද බල බිඳ දැමු කැණිමඩලයි නිවයේ 
සසරින් සසරට මේ ජීවන ගමනේ 
පිය සෙනෙහසමයි සුවඳ දිදී දැනුනේ 

සති කිහිපයකට කලින් අම්ම ගැන  කවිය ලියපු වෙලාවේ කිහිප දෙනෙක් කරපු ඉල්ලීමක් තමයි තාත්තටත් කවියක් ලියන්න කියලා.. ඔන්න ඒ ඉල්ලීම තමයි අද ඉෂ්ඨ කළේ..අම්මා ගැන ලියපු කවිය නොකියවපු කට්ටිය  මෙතැන ක්ලික් කරන්න

41 comments:

  1. මොකද බං මේ දෙක දෙක දාන්නෙ, කලින් එකට කමෙන්ට් කරන්න එනකොට ඒක නෑ.

    ‘පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදි‘ කියනවනේ මීයො. කොහොම වුනත් තාත්ත කෙනෙක් දරුවො වෙනුවෙන් කරන කැපකිරීම අකුරුවලට පෙරලන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. බ්ලොගර් පිස්සු කෙලිය බන්.. එකයි අයෙ ඩිලීට් කරල දැම්මෙ

      තැන්කිව් ඈ මෙව්ව හොයල බලනවට

      Delete
  2. ඒ කැණිමඩල බිදුණු කල කා‍‍ගෙන් නම් තවත් එවන් හවුහරණක්ද ඒ කුටුම්භයට?
    හරිම සං‍වේදීයි යාලු.....
    සුන්දර දුක්බර නිර්මාණයක්

    ReplyDelete
    Replies
    1. කැණිමඩල හරි ඉක්මනට උඩු හුලන් එක්ක යාළු වෙන්න බලනවා

      බොහොම ස්තුතියි සිත්තරී...

      Delete
  3. මාතෘකාවේ තියෙන පද ටික නම් නියමයි මීයෝ...
    තවත් ලස්සන නිර්මාණයක්..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. තැන්කිව් තැන්කිව් පණු හාමිනේ

      Delete
  4. Replies
    1. ස්තුතියි දම්මික

      Delete
  5. බෑ කිව්ව‍ට මොකද ඔය තියෙන්නේ කවි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්ම්.. අමාරුවෙන් දඟලලා ලිව්වේ

      Delete
  6. /නුඹමයි අනු රූ.. ලොව්තුරු ප්‍රේමයේ /
    මි මලයගේ තවත් ලස්සන නිර්මාණයක්. කවුද මේ අනු රූ...

    ReplyDelete
    Replies
    1. අනුරූ කිව්වෙ තාත්තට අය්යේ

      Delete
  7. අපූරුයි... කියන්න වෙන වචන නෑ!

    ReplyDelete
  8. තවත් ලස්සන නිර්මාණයක්.

    ReplyDelete
  9. කවියක් කිව්වට කවියක්ම නෙවේ ගිතයක් සංගිතය ටිකක් මිහ්‍ර වුණා නම් ඇත්තටම ගිතවත් බවක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මෙහෙම කමෙන්ට් දකිද්දිනම්.. හිත පිරිලා ඉතිරිලා යනවා,, තැන්කිව් අය්යා

      Delete
  10. ලස්සන නිර්මාණයක් මී සහෝ..
    ජය!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිරු නංගියෝ ..

      Delete
  11. මීගොඩයගේ කවි සෙට් එක මල් හතයි !
    මම දෙතුන් වතාවක්ම කියෙව්වා...

    ReplyDelete
  12. //පිය සෙනෙහසමයි සුවඳ දිදී දැනුනේ //
    සින්දුවකට වචන තියනවා වගේ යාළු..ස්තුතියි ලස්සන කවියකට.

    ReplyDelete
  13. පිය සෙනෙහස අකුරු වලට පෙරලන්න හරිම අමාරුයි. අප්පච්චි කොච්චර කට්ටක් කන්න ඇත්ද කියල තේරෙන්නේ අපිත් ඒ විදියට අප්පච්චිලා වෙනකොට කියන දේ මම මේ වෙද්දී තේරුම් ගනිමින් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්... ඇත්ත අය්යා..

      " මට මා පුතු ගැන මෙතරම් සෙනෙහස ඇත්නම්.. මා පියට මා ගැන කොතරම් සෙනෙහස ඇද්දෝ "

      Delete
  14. හි‍ත‍ට ‍ත‍දින්‍‍ම ‍දැ‍නු‍න. ‍ගො‍ඩක්‍ ‍ලස්‍‍ස‍න‍යි ‍වෙ‍න‍ද ‍ව‍ගෙ‍ම.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මදූ

      Delete
  15. ලස්සනයි අයියේ..

    ReplyDelete
  16. පිය සෙනෙහසට ලියවුනු කවි ගී අතර
    රන් සේ දිලේ වී ලෝකේ හැම අතර

    ReplyDelete
    Replies
    1. ඌහ්හ්.. රන් සේ.. වැදුන කොමෙන්ට් එක බොක්කතම

      Delete
  17. ශාහ්හ්හ්හ්හ්.. මී අයියා අලුත් වෙලා, ලස්සන වෙලා. වෙනස් වෙලා.. මොකෑ මෙ?? අහ්හ් දැන් සිකුරා නෙහ්?? ;)

    ලස්සනයි අයියේ කවි පෙළ.... හුඟක් ලස්සනයි!!

    ReplyDelete
    Replies
    1. හැඩවැඩ සඳහා අනුග්‍රහය සුදා මල්ලි

      සිකුරා... ඌප්ස්ස්.. පිස්සු හැදෙනවා.... මට ඇත්තතම රාහු තව

      ස්තුතියි ඈ

      Delete
  18. හිතට වැදෙන පද පෙළක්... අපුරුයි මී සහෝ! :D

    ReplyDelete
  19. වචනත් හරි අකුරුත් ගැලපෙනවා.. එත් මට තේරෙන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. මේ පිය සෙනෙහස ගැනන මලේ ලියල තියෙන්නේ

      Delete
  20. බොහොම හොඳයි තාත්තා ගැනත් ලියපු එක :)

    ReplyDelete