Wednesday 7 November 2012

නිදි වදින සඳ


වළාවක ලිවූ විරහ කවිපද
සුළඟේ පාකර හිරුට යැව්වට
රෑ පුරාවට අහස් යහනත
තරුත් එක්කල නිදිවදියි සඳ

63 comments:

  1. පුංචි වුණත් මාර ලස්සනයි මලයා.....හිරුට මැසේජ් එක පහුවෙනිදට ගිහින් දෙයි...

    ReplyDelete
  2. හිරුවටයි තරුවටයි තද වෙයිද මන්දා මේක දැකලා...හි හී

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා.. මට කන්න වෙයිද

      Delete
  3. හෑ............. මොකක්ද ඒ නිදිවදින කතාව.

    ReplyDelete
    Replies
    1. කුණු හරුප කියන්න එපා යකෝ

      Delete
  4. මෙව්වනං කැත වැඩ.... මෙච්චර ළඟ තියන ලොකුවට තියන ඉර මගෑරල ගිහින් ඈත තියන තරුත් එක්ක නිදිවදින සඳ.... සික්....
    විරහ කවිය ලිව්ව වලාකුල වැස්සට බිමට කඩා වැටුනද දන්නෙ නෑ නේද මී ගොඩයෝ...

    ReplyDelete
    Replies
    1. වැස්සට බිමට කඩන් වැටෙන්නේ කළු වළා.. කවි ලියන්නේ සුදු වළා වල මෙයා ඒකවත් දන්නේ නෑ

      Delete
  5. සික්...කවුද එහෙම කරන්නෙ??? එක්කො වලාකුල කියන්න ඔනේ බොරු විරහ කවි ගෙනියන්න බැ කියලා...නැත්තන් ඉර නැති අඩුපාඩුව පියවගන්න හිතින් ඉර කියලා හිතාගෙන සඳ එහෙම කරනවද දන්නෙ නෑනේ...

    ReplyDelete
    Replies
    1. අපූරු සධාරණී කරනයක්.. හඳට උල් පන්දම් දෙනව නේ

      Delete
  6. ඊයා..මේ සඳත් කරන කැත වැඩ!

    ReplyDelete

  7. //තරුත් එක්කල නිදිවදියි සඳ//
    හපොයි..සැර වැඩි නැද්ද..???

    ReplyDelete
    Replies
    1. හෑ කෝ කොහෙද එහම ලියල තියෙන්නේ

      Delete
  8. නිදිවදිනවය කිව්වම ටිකක් අමුවෙන් වගේනේ බං. :)

    ReplyDelete
    Replies
    1. ඒක ඉදවල ලියන්නේ කොහොමද බං

      Delete
  9. පුංචි කවිය හරිම ලස්සනයිනෙ.. :)

    ReplyDelete
  10. දවල්ට තරු පායනවැයි ඉතින් තරු හඳ එක්ක ඉන්නෙ නැතිව වෙන කොහෙ යන්නද අප්පා මාර නඩුවක්නේ මේක....

    දැන් ‍මොකැයි උනේ අයියේ

    මේක ඇවිල්ලා මොලේ කොලොප්පං වෙන ජාතියේ සමීකරණයක්නේ කොහෙන් ගියත් එක තැනක් හිස්..... මෙතන අයියා වලාකුල උනානම් සේරම පැහැදිලියි

    ReplyDelete
    Replies
    1. සමීකරණයක්... මාව නිකන් කරකැවිල ගියා..... මොකද්ද බං ඒ සමීකරනේ

      Delete
  11. ඔය අහස හද එක්ක කරන ගනු දෙනු වලට මම නම් නෑ ඔන් :/

    ReplyDelete
    Replies
    1. බොරු එපා රෙපා.. අපි දන්නව උබත් තරුවක් කියලා

      Delete
  12. නිදි වදින සඳ... !

    ReplyDelete
  13. අනේ මං දන්නෙ නෑ.

    ReplyDelete
  14. දරාගන්න බැරි තරමට
    හිරුගේ ‍"රැස්" වැඩි හින්දා
    සුමුදු සොඳුරු ගුණ පිරි තරු
    තුරුලෙහි සඳ සුව වින්දaa

    ReplyDelete
    Replies
    1. තරු උනහම අප්සට් අප්පා.. අඩු ගානේ තරුවක් වත් උනානම් හිත හදා ගන්න තිබ්බා

      Delete
  15. මේ කවියා මාර පට්ට ගති බං ..ගැමියා කියනවා වෙග් සමීකරණයක් තමයි. මට ගැන බැරි හින්දා මම කොලේක පින්තුරේ කටුවට ඇඳලා තේරුම් ගත්තා. ලෝ අර පරසතු මල් ප්‍රදානය කරන කතාව නතර වුනාද අප්පා. මේකට නම් වට්ටියක් දෙන්න වටිනවා

    ReplyDelete
    Replies
    1. තැන්කිව් ඈ..

      මල් සීන් එක හරුයන්නේ නෑ බං .. මං ඇච්චෙක් කොහොමද බං ඔය ලොකු පොරවල්ලට මල් දෙන්නේ... ඒ හින්දා ඒක අල්ලල දැම්ම

      Delete
  16. hamadama wage adat terenne naaa :( eth ela aa :D

    ReplyDelete
    Replies
    1. හරි හරි .. පැහැදිලි කලා ඔන්න චැට් එකේ

      Delete
  17. හිතලා බැලුවොත් ගොඩාක් දුර හිතලා බලන්ට පුලුවන් කවි ටිකක්...:D

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්.. එක එක විදියට හිතන්න පුළුවන්.. පොඩ්ඩිට කොහොමද හිතුනේ

      Delete
  18. පුංචි වුනත් ලස්සන පද ටිකක් නොවැ....... :)

    ReplyDelete
  19. අපෝ හඳ මාමා නම් මහා නෝටි........

    කවිය නම්, එකෙන්ම සුපිරියි.. පට්ටයි!
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. හඳ මාමා නෙවෙයි .. නැන්දා

      මේ කොමෙන්ට් එක තමා කවියට නියම පිළිතුර.... හඳ මාමා කිව්වේ හිතලමද

      Delete
  20. චී චී ............. අන්තිමයි ඈ.... හඳ චාටර් ඇ.

    ReplyDelete
  21. මී ගොඩයි මොකද ඒ පාර ෂෝට් ඇන්ඩ් ස්වීට්

    ReplyDelete
    Replies
    1. වෙනසකටත් එක්ක මචං

      Delete
  22. මේක මීගොඩයා දාපු කෙටිම පෝස්ටුවද මන්දා... කීපපාරක්ම කියවලා බැලුවා අදහසක් ගන්න...

    ReplyDelete
    Replies
    1. නෑ තව දෙකක් තුනක් ලියල තියෙනවා..... එච්චර ගැඹුරු තේරුමක් නෑනේ තොටියා මචං

      Delete
  23. අනේ හඳට ඔහොම කියන්න එපා

    ReplyDelete
    Replies
    1. සොරි ඈ.. වරදක් කලත් සිතකින් නෙවෙයි ;; :D

      Delete
  24. චුට්ටං කවියක්... ලස්සනයි අයියා...!

    ReplyDelete
  25. හඳ මොකාටද එන්න හදන්නේ..:)

    ReplyDelete
    Replies
    1. බලමුකෝ.. අපිත් ඉන්නේ මේ ඉරහඳ යටනේ...

      Delete
  26. පුංචි ලස්සන කවියක් ජය

    ReplyDelete
  27. විරහ කවිපද වලා යහනත ලියුවත් ප්‍රේමාදරේ
    හිරුට පෙම්බැඳ ඉන්න වෙනවා හැමදාම දුක ගින්දරේ
    නොමැති විට මහ රෑට තනියට අඳුරු උන හද මන්දිරේ
    තරු සමග නිදි වදිනු හැර වෙන කුමක් කරනුද චන්දරේ

    ReplyDelete
    Replies
    1. පට්ට කවිය ඕයි.. මට හිනා ගියා මේක කියවලා

      Delete
  28. හඳට පොලු ගහනවද ආ....

    ReplyDelete
    Replies
    1. නෑ කවි ලියනවා.. බැනලා

      Delete
  29. සද මිදුලට එන්නෙ නැද්ද....

    ReplyDelete
    Replies
    1. මගුලක් කථා කරනවා.. අපේ මේ පර්චස් 10 ඉඩමේ කොහෙද බං හඳට එන්න මිදුලක් තියෙන්නේ

      Delete
  30. අඩේ මාත් පට්ටාං ගන්න ඕනෙ මේවගෙ සම්භාව්‍ය කම්මැලි පෝස්ට් ලියන්න.

    මාලුවත් මේ ලඟදී ලියලා තිබ්බා 'සීතලාලාලාලායි' කියලා පෝස්ට් එකක්!

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියනවන්ම් ඩූඩ් අයියා ඔබ හරි...හී හී

      Delete
  31. කෙටිවුනාට සැහෙන්න ගැඹුරු අදහසක්.. නියමයි.

    ReplyDelete
  32. මිනි කවියක්.. නියමයි මොනා උනත්..

    ReplyDelete
  33. හිරුට යවනා මගේ කවි පද
    නොකියවා විසි කර දමන කල
    තනිවෙලා මා අහස යහනත
    තනිය රැක්කේ තරු කැකුළු වෙද

    ReplyDelete
  34. එදා සද දෙස
    බලා සිටියට
    වැටහුනේ නැහැ
    නිදිවදින වග...

    නියමයි මචන් මේ කවි,

    ReplyDelete