Monday 12 November 2012

දෙගුරුන් සමග කතාබහ ( රස කතා )

අදනම් පට්ට චා දවසක්. බටර් උල්පතක් සෙට් උනා ලෙසටම. ඉතින් සික් ලිව් එකක් දාලා ඇවිත් පරණ බැනියමකට බටර් පම්ප් කර කර ඉන්දෙද්දී හිතුනා බ්ලොගේ අකුරක් දෙකක් කොටන්න කියලා..

මීගොඩයට තියන ලොකු දෝශාරෝපනයක් තමා වැඩිපුර කවි ලියනවා, කතන්දර ලියන්නේ අඩුවෙන්ය කියන එක .. කතාවට ඉතින් අලුතින් පද ගලපන්න දෙයක් නෑ එකෙන්ම ඇත්ත ..අඬවැඩියාව වැඩිපුරම දාන්නේ ඉතින් සිරාගේ කාමරේ සිරා කොළුවා... අනේ සිරෝ බොහොම අමාරුවෙන් පද හතරක් ගැලපුවට ඔය දිගට දිගේ පෝස්ට් කෑලි ලියන්න හෙන අමාරුයි බං.. මට කම්මලි කම කියල හෙන භයානක අසනීපෙකුත් තියන එකේ ඕක පට්ට අමාරු වැඩක..ඒත් ඉතින් එහෙමයි කියල බෑ.. හිට් කොමෙන්ට් ගන්න නම් ඉතින් කථාවක් දෙකක් ලියන්නම වෙනවා .. පුහ් අපි නම් හිට් කොමෙන්ට් බලාගෙන ලියන්නෙ නෑ කිව්වට පට පට ගාලා හිට් කැරකෙද්දි.. සට සට ගාල කොමෙන්ට් වැටෙද්දි උණ්ඩුක පුච්ච ඇකිලිලා..මහබඩවැල කැලැත්තිලා... මහා ප්‍රාචීර මෙව්ව එක මෙව්ව වෙලා ගිහින්.මාරම කික් එකක් එනවා ..

හෑ මොනවද මේ ලියල තියෙන්න .. වැල් වටාරන් ඔනෙ නෑ.. අද බ්ලොග් කියවන හුදී ජනයාගේ ලාම්පු දුක උදෙසා මම දෙන්න යන්නෙ කථා ටිකක්.. දරුවන් හා දෙමවුපියන් අතර ඇති වූ දෙබස් ..

ඔන්න මේ සිද්දිය උනේ මගේ යාළුවෙක්ගේ අය්ය කෙනෙකුට ... මේකා බොහොම නිවිච්ච කොළු ගැටය.. කොච්චර නිවිලද කියනවනම් ශරීර උෂ්නත්වයත් සෘණ අගයක පවතින්නේ.. මේ හාදය උසස් පෙල අහවර වෙච්ච දවසේ යාළුවො ගැන්සියත් එක්ක සැට් වෙන්න ගිහින් තියෙනවා.. අනේ ඔය කොයි දීපන්කරේ ගියත් මූ නෙවෙයි උගේ සීලේ බිඳගත්තේ .. යාළුවෝ යාළුවන්ගේ ෆන් එක ගද්දි අපේ අය්ය හාදය තමන්ගේ සීලේ රැකෙන විදියට තමන්ගේ ෆන් එක ගත්ත

බූරුව ගැහුවත් එකයි බූරු ගහන තැන හිටියත් එකයි කියල කථාවක් තියනවානේ.. ඉතින් මේ අය්ය හාදයා යාලුවො එක්ක සෙට් වෙලා බොනවා කියන ආරංචිය බොහොම ඉක්මනින් පලාතේ කඩ හිමියෙක් වෙච්ච කොළුවගේ තාත්තගේ කනට ආව..තාත්තා  මේක අහල කලබල උනාද පිං වතුනි ( මේ වචන කොපි කලා කියලා මාරය මට නඩු දාන්නයෑ ) නෑ.... තාත්තත් පුතාවගේ බොහොම නිවිච්ච ගරු කටයුතු.දුර දිග හිතන මනුස්සය වෙච්චි .. ටිකක් කල්පනා කලා. එහෙම කල්පනා කොරලා හවස් අතේ හීනි ෂොට් එකක් එහෙම දාගෙන ඇවිත් ( අනේ කඩේ මාමා ඉඬල හිටලා චුට්ටක් බොනවා.. කාටවත් කරදරයක් නෑ ඕන් ) නිදාගෙන පහුවදා උදේ කොළුවට කථා කරනව කියල හිතලා නිදා ගත්තා

පසුදා උදේ මෑණියන්දෑ  කුස්සියේ උයන අතර  ( ඇත්තටම මේ දෙබස් මට කිව්වෙ කඩේ ඇන්ටි )

මුදලාලි මාමා : පුතේ උබ දැන් විභාගෙත් ඉවර කරපු ලොකු ඉලන්දාරියෙක්. උබට දැන් හොඳ නරක තේරෙනවා,, උබේ වයසෙ කොල්ලෙක්  බියර් එකක් බොනවා කියන්නේ  වැරද්දක් නෙවෙයි.. උබට බොන්න ඔනේ නම් යාලුවො එක්ක එහෙ මෙහෙ යන්නෙ නැතුව බියර් දෙක තුනක් ගෙනැල්ල් ගෙදර තියාගෙන බිව්වට වරදක් නෑ

අපේ අය්යා හාදයා : අනේ මේ ඔයා හදන්නේ මගේ පහනෙන් එළිය බලන්න .. මම ඔය ජහ ජරාව බොන්නේ නෑ.. කල් කදුරු වගේ තිත්තයි කොහොම බොනවද මන්දා 



ඔන්න ඔහොමයි කඩේ මාමා තමන්ගේ පුතාට දැනමුතුකම් දුන්නේ
                                        *   *   *   *    *
මේ කථාව උනේ මීගොඩයා රස්සාව කරද්දි.. විගණන ආයතන ඔය සිංහලෙන් ඔඩිට් ෆර්ම් කියන්නේ අන්න ඒකේ වැඩ කරන කාලේ මට හරිම අපූරු යාළුවෙක් හම්බ උනා . අදටත් මගේ ටොප් ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නවා..උන්ගෙ ගෙදර අම්මයි තාත්තයි බුවයි මල්ලියි තමයි ඉන්නේ.. බුවාගේ අම්ම මූට වඩා අවුරුදු 20ක් විතර තමා වඩිමල්.. හරිම සමගියෙන් සතුටින් ජීවත් වෙන පවුලක්.. අම්මයි තාත්තයි මුන් දෙන්නට යාළුවො දෙන්නෙක් වගේ..

මම මුළින්ම උන්ගෙ ගෙදර රැයක් හිටිය දවසේ මගේ හිතට දැන්න්න සරල සිද්දියක් මතක් උනා කථාවට අදාල නැතත් කියල ඉන්නම්කෝ
එදා උදේ මුන්ගේ මල්ලි පන්ති යන්න කියල නාගෙන එහෙම ඇවිත් තුවායත් ඇඳගෙන කොණ්ඩේ ජෙල් කරනවා... දන්නවනේ අර දෙපැත්තෙ කොණ්ඩේ එකතු කරල ඉස් මුදුනට ගොඩ ගහන ස්ටයිල් එක තමා දාන්න යන්නේ... ඔය අතරේ අම්මා තේ තුනකුත් අරන් ඇවිත් කණ්නාඩි මේසේ උඩින් තියලා පොඩි කොලුවගේ කොණ්ඩේ අල්ලලා අහනවා "මොකෝ බන් උඹේ ඔළුවේ ඩයිනෝසරයෙක්ගේ වගේ කටු කටු කියලා... "

පොඩි එකත් "ඔයා මොකටද කොල්ලන්ගෙ කාමර අස්සේ රින්ගන්න එන්නේ දුවනවා එළියට" කියල ඌ ඇඳන් ඉන්න තුවාය කැඩුවා...

උන්ගේ අම්මත් හිනාවෙවී "අනේ උඹගේ ඕක දැක්කට මම බයවෙයි.. ඕකට ගම්බිරිස් පිම්බෙත් මමනෙ බොල" කියාගෙන කාමරෙන් එළියට ගියා..

( ඒ ඇඩ් එකක් ඈ එච්චරට විනෝදයි පවුලේ උන් සෙට් උනහම )

ඉතින් කාලය ඔහොම ආස්සරය කරද්දි මමත් ඒ ගෙදර එකෙක් ගානට ගෙදර අයට සමීප උනා...

උන්ගෙ මල්ලිත් ජොබකට යන්න පටන් ගත්ත .. ගෙදර තුන්දෙනාම දැන් ජොබ්...

සෙනසුරාදා දවසක් මමයි මගේ යාළුවයි දෙන්නම ඩ්‍රින්ක් එකක් එහෙම දාලා උන්ගෙ ගෙදර ගියා .. ( ඉස්සෙල්ලාම බීලා ගියාමයි ).. ටිකකින් මල්ලිත් ආවා ඌ ඇවිදින්නෙත් නිකන් හරහට වගේ... මම බාත් රූම් එකට ගිහින් එනකොට ත්‍රීවීල් එකකින් ඇවිත් තාත්ත බැස්ස .. තාත්තත් රුහිත ආසියා වගේ ඇදවෙලා.. සද්ද බද්ද නෑ ..අපි හෙමින් සීරුවේ දොය්ය බබා කිව්වා..

පහුවදා ඉරිදනේ .. දෙය්යනේ කියලා නැගිටලා.. දත කට මැදගෙන ( ඇඟිල්ලෙන් ) මූණ හෝදගෙන එද්දි අම්ම කථා කලා උදේට කන්න ... කට්ටියම කුස්සියෙ තියෙන පුන්චි කෑම මේසේ වට වෙලා... මමත් ඉතින් හෙමීහිට වාඩි උනා...

තාත්තට කෑම බෙදනගමන් අම්ම කියනවා... "ඉස්සරමම එක බේබද්දෙක් එනකන් නිදිමරාගෙන බලන් හිටියා... දැන් බේබද්දො තුන්දෙනෙක් එනකන් බලාගෙන ඉන්න වෙලා" ( මම එතන නෑ මාර ආතල් )

මේක අහගෙන හිටපු අරූගේ මල්ලි කියපි.." ඒ මදිවට බීල එද්දි වට පිට ඉන්න බේබද්දොත් ගෙදර එක්කගෙන එනවා.. "

ශික් අරූගේ අවලන් කට .. කලිදා රෑ බීපුව කකුල්දෙක පල්ලෙ බේරෙනවා වගේ දැනුනා

ඒත් අම්මා හිනාවෙලා කිව්ව..  අය්යලා දැන් අවුරුදු තුන හතරක් රස්සාව කරනවා.. උඹ ඇටෙන් පොත්තෙන් එළියට ආවා විතරයි.. පඬි කථා කොකිය කට වහගෙන කාපිය කියලා

මම අරූට :P කලා

                                   *   *   *   *    *

අපේ බාප්පගේ කොළුව ඉන්නව නේ.. ඉන්නව නේන්නම් හිටියට වඩා හොඳයි ඌ නොහිටියනම්.. උගේ ඇඟ පුරා මොලේ.. මොහොකට හරි කථා කලොත් මගෙන් කුණු හරුප දෙකක් අහගෙන තමයි පැත්තකට වෙන්නේ...

හැබයි ඉතින්.. ඔය ඉලෙක්ට්‍රික් වැඩ වගේම දෑතේ කොයි වැඩේටත් හරිම දස්සයා.. ඉගෙන ගන්න උනත් සූරයා.. කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නෑ උපන් ගෙයි මෝඩ ගතිය තියනවාමයි..

කොහොමින් කොහොම හරි ඉතින් මුන්ගේ ගේ හදද්දි වරින් එක කලේ මූ.. අවූරුදු 20ක පොඩි එකා උනාට ඒ අතින්නම් සිරාම වැඩ්ඩ.. කොහොම හරි ඔය වයරින් වැඩ කරද්දි අපේ බාප්පයි මූයි පැටළුනා.. බාප්පා එකක් කියනවා .. මූ එකක් කියනවා.. මට ඔව්ව තේරෙන්නේ නෑ.. මොනව උනත් දෙන්න ගේම ඉල්ලගන්න විදියේ අමුතු ගතියක් තිබ්බ හින්දා මමත් කණ දාගෙන හිටියා..

මලය කියනවා.. " මේ ඔයා තාත්තේ දන්නේ නැති මගුල් වලට කට නොදා ගිහින් ඔයාගේ වැඩක් බලාගන්න.. මට මේක කරගන්න පුළුවන්.." කියලා

තාත්ත වෙච්ච අපේ බාප්පා මේ ඇච්ච කොල්ලෙක්ට සෙකන්ඩ් උනාද පින් වතුනී.. නෑ එහෙම උනේ නෑ ..

හැරෙන තැපෑලෙන්ම බාප්පත් කියපි.. "යකෝ ඔය විදියට කථා කරන්න එපා... අපි උඹලව හැදුවේ රෑ තිස්සෙ නිදිමරාගෙන ඇඟේ වස්තරේ නැතුව .. ඒ හින්දා ටිකක් ගරු සරු ඇතිව කථා කරපන් කියලා ".

පේනවනේ දරුවෙක් හදන්න කොච්චාර දේ කැප කරන්න වෙනවද කියලා



69 comments:

  1. හත් ඉලව්වයි ඇඟේ වස්තරත් නැතිව නිදි මරාගෙන හදපු කොල්ල එහෙම කතා කරන කොට උණ්ඩුක පුච්චේද මොකක්ද කියන අහවල් එක මොකක්ද වෙනවා වගේ හිතෙන්න ඇති අන්කල්ට. "දෑතේ කොයි වැඩේටත් හරිම දස්සයා.. " මොකක්ද අයියේ ඒ කතාවේ තේරුම? මාන අත්දැකීම ති පොරක් වගේ කියලයි මට හිතුනේ. කැත හිතනේ.... නේද? මගේ කතා දෙකතුනකුත් දෙන්නම් ලියන්න ඊළඟ දවසේ.

    ReplyDelete
    Replies
    1. තාත්තෙක් හැටියට එහෙම වෙන්න එපැයි බං.. ඒ කථා ටිකත් ඉක්මනට දාපන්

      Delete
  2. සැහෙන කාලෙකට පස්සේ බොහොම වටින කතාවක් ලියලනේ මී මලයා. ඉතින් අපි ආසාවෙන් කියෙව්වා..ජය වේවා.

    ReplyDelete
  3. අර යාළුවගේ ගෙදර නම් රියල් ම ගෙයක්.

    ReplyDelete
    Replies
    1. රියල් කියන්නේ පට්ට පට පට.. මාර අවබෝධයක් තියෙන්නේ.. ඒ අම්මටයි තාතටයි

      Delete
  4. හප්පට සිලි සිලි කිව්වලු.....රෙදි නැතුව හදපු උං ඔහොම කියනකොට කට කන්න හිතෙනවා නේන්නම් නේද අයියේ..

    ReplyDelete
    Replies
    1. නැත්තම් බං.. රෙදි නැතුව ඉතරක්නම් බැරියෑ... දාඩිය මුගුරු හලාගෙන නෙව ඔව්ව කරන්නේ

      Delete
  5. ඇති වෙන්න හිනා වෙන්න පුලුවන් කතාවක් අහුවුනේ අද...

    ReplyDelete
    Replies
    1. හි හී... උඹ තවත් මහත් වෙයි හිරුවෝ

      Delete
  6. අන්තිමට දීපු ෂොට් එක තමා මරේ මරු :D

    ReplyDelete
  7. අනේ ආතල් කිතල් පොල්තෙල් වගේ මි ගොඩ අයියේ!!එල එල!

    ReplyDelete
  8. අම්මෝ .... මෙහෙමත් අප්පල පුතාල.

    රෑ තිස්සෙ නිදිමරන් ළමයි හදපු කතාව නම් මරු, පිරිමි ඉස්කෝලෙක ඉහළ පංතියක හැමදාම පාඩමට බාධාවෙන විදියට කච පච ගගා කයිය ගහන කොල්ලෙක්ට, දවසක් සර් කෙනෙක් මල අතට අරන් කිව්වලු “බොලයි අම්මයි තාත්තයි උඹව හදන්න ඇත්තෙත් කතාකරකර“ කියල.

    ReplyDelete
    Replies
    1. හෑ ළමයි හදද්දි කථා කරන්න හොඳ නැද්ද එතකොට... ඔව් නේ අවදානය වෙනතකට ගිහින් නිෂ්පාදනයේ ගුනත්වය නැතිවෙන්න පුළුවන්

      Delete
  9. හකස්.... මී ගොඩයා අයියණ්ඩියා ඉදලා ඉදලා මාර එව්වනෙ ලියන්නෙ... :D

    ReplyDelete
  10. පිස්සු පීකුදුනෙ බන්.. හිනාකාලා පණගියා.. මීගොඩයාගෙ ගෙවල් පැත්තෙ ආවාමද මන්දා?

    ReplyDelete
    Replies
    1. හරි හරි හරී.. සාදරෙන් පිළිගන්නවා..

      Delete
  11. ඇරියර්ස් කතා ටිකක් දීල තියෙන්නේ..

    මේක හොඳයි මතක තියා ගන්න ඕනි.. ප්‍රයෝජනවත් තර්කයක්..

    "යකෝ ඔය විදියට කථා කරන්න එපා... අපි උඹලව හැදුවේ රෑ තිස්සෙ නිදිමරාගෙන ඇඟේ වස්තරේ නැතුව .. ඒ හින්දා ටිකක් ගරු සරු ඇතිව කථා කරපන් කියලා"

    ReplyDelete
    Replies
    1. ඩෛරියක ලියල තියාගනින්

      Delete
  12. හි හී..ඔක්කොම කියවාගෙන ගියාට පස්සෙ අන්තීමට තිබුන එක තමා මරේ මරු.

    //යකෝ ඔය විදියට කථා කරන්න එපා... අපි උඹලව හැදුවේ රෑ තිස්සෙ නිදිමරාගෙන ඇඟේ වස්තරේ නැතුව .. ඒ හින්දා ටිකක් ගරු සරු ඇතිව කථා කරපන් කියලා//

    සිරා කතාව...හි හී

    ReplyDelete
    Replies
    1. ෂ් ෂ් ෂ්...... කෑ ගහන්න එපා හලෝ හැමෝටම ඇහෙයි

      Delete
  13. හිකිස්‌ ,,,,,,,,,,,,, බේබද්දෝ ඒක එකාගේ ගෙවල් වල යනවට හොඳම වැඩේ

    ReplyDelete
    Replies
    1. අනේ පලයන් බන් යන්න.. කොල්ලො උනහම ටිකක් බොන්න ඔනේ

      Delete
  14. පට්ට හිනා ඕයි බිව්වා මදිවට අහල පහල ඉන්න බේබද්දොත් ගෙදර එක්කන් එනවනේ :P.

    අන්තිම කතාවේ මාමා හෙන පව් ඈ අන්ගේ වස්ත්‍ර නැතුව මහන්සි වෙලා තියෙන්නේ :D

    ReplyDelete
    Replies
    1. ළමයින්ට තාත්තලගේ අගේ තේරෙන්නේ නෑ බන්

      Delete
  15. හික්ස් නියම කතා ටික. පිස්සු හැදෙයි.

    ReplyDelete
    Replies
    1. පිස්සු හදාගන්න එපා....

      Delete
  16. පහන් සංවේගය කියන්නෙ ලාම්පු දුක නෙවෙයි මීයා, ලාම්පු කණගා‍ටුව.
    අර පවුල නම් මරු බං.මෙහෙම පෝස්ට් ලියාපංකො. කියවන්නත් ආසයි.
    උඹලා මේ කවි ලියන්නෙ එතකොට කම්මැලි කමට නේ. මට ඕක හිතුනා.
    සික් උඹ කී බෝඩ් එකෙත් බටර් ගාලා. කවුද බොල ඔය හො‍ටු බැනියම හෝදන්නෙ? උම ඕක අනිත් රෙදිත් එක්කමද හෝදන්නෙ? කැඳ දැම්මා වගෙ ඇති නේ?

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. උන්ගේ ගෙදර මාර ෆන් අෆ්ෆා .. මහා රෑ බීලා අරූ තාත්තට කෝල් කරනවා.. ගෙදර එන්න බස් නෑ කියලා.. අනේ තාත්තා වෑන් ඒකෙන් ඇවිත් අපි සෙට් එකම ඒ ගෙදර එක්කන් යනවා.. උදේ නැගිට්ටහම අම්ම කන්න උයලා දෙනවා.. කවදාවත් වචානයක් කියල බනින්නේ නෑ .. එතන තිබ්බේ වැරැද්දට උල්පන්දම් දීම නෙවෙයි.. අවබෝදය .. ඒ අම්මයි තාත්තයි හින්දා අපි ජීවිතේ හුඟාක් දේ ඉගෙන ගත්තා

      කවි ලියන්නේ කම්මැලි කමට ... පිස්සු හැදෙනවා ඩුඩ් අය්යේ... මෙහෙම පොස්ට් එකක් ලියන එක ලේසියි .. පද ගලපනවට වඩා..හැබැයි යුනිකෝඩ් කරද්දී පොඩි වාසියක් තියනවා .. සිරාවටම කවියක් ලියද්දි කියවද්දී මට දැනෙන දේ වැඩියි ඒකයි කවි ලියන්නේ..

      බැනියමනම් විසිකරලා දානවා..ඒකේ ආයේ ගන්න දෙයක් නෑ

      Delete
    2. බැනියම විසි කරනවට වඩා ලාබයිනෙ මීයො ටිෂූ බොක්ස් එකක් ගන්න එක!
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    3. නිකමට එහෙම ලිව්වේ.. ටිශූ තමයි ලඟ තිබ්බෙ

      Delete
  17. මරු කතා ටික මී!! අන්තිම කතාව තමයි එලම!! :D

    ReplyDelete
  18. නියමයි මී ගොඩයෝ හිනා ඇ.පට්ට.

    ReplyDelete
  19. උඹ ඉඳල..ඉඳල ලිව්වෙ නැද්ද බොකු බඩවැල් එලියට එන සීන් ටිකක්,,නියමයි මචං..!

    ReplyDelete
    Replies
    1. හෙඃ හෙඃ හේ.. අපි එහෙමයි

      Delete
  20. මගේ අදෝවැඩියාවට කන් දුන්නට ඉස්තූතියි මී.... අන්තිම කථාවට හිනාවෙලා මගෙ අක්මාවයි පෙණහැල්ලයි එකට වැදිලා මට මේව්වා උනා...

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු උඹ හින්දම තමා මේක ලිව්වේ.. ඒ වැදිච්ච දෙක ගැන මගේ බලවත් ප්‍රීති එක

      Delete
  21. සිරාවට දරුවෙක් හදන්න කොච්චර කට්ටක් කන්න ඕනද නේ..

    ReplyDelete
    Replies
    1. දැන් උඹ වැඩේ අල්ලල දාන්නද කම්පනාව... උබ වෙනුවෙන් මට කොරන්න බැරි දෙයක් නෑ කියල මේ අය්ය අද කිව්ව කියල මතක තියාගනින් මලේ

      Delete
  22. නියමයි. මම නිතරම කියනව වගේ ඇත්තම කතාවල තියන රසවත්බව මේවයේ තියනව.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රාජ් අය්යා

      Delete
  23. අන්තිමට කියපු එක ඇහුවම නම් බයත් හිතිගෙන එනවා දැන්. නිදිමරණ එකම තමයි අවුල.

    ReplyDelete
    Replies
    1. උබ අවුලක් ගන්න එපා මලේ.. උබේ ඕන දේකට මේ අය්ය ඉන්නවා

      Delete
  24. අන්තිම සීන් එක මරේ මරු. බාප්පා කියලා තියෙන්නේ ඇත්ත නේන්නම්...

    ReplyDelete
    Replies
    1. තාත්තෙක්නේ බං කිව්වේ.. තාත්තල බොරු කියන්නේ නෑ ළමයින්ට

      Delete
  25. බාප්පා අරූගේ කණ අතගාලා ම කිව්ව නම් තමයි වටින්නෙ :P

    ReplyDelete
    Replies
    1. මාත් හිතුවේ එහෙම තමා බං... කොහෙද අපේ බාප්පට ලේසියකට තරහ යන්නේ නෑ බං

      Delete
  26. " ඒ මදිවට බීල එද්දි වට පිට ඉන්න බේබද්දොත් ගෙදර එක්කගෙන එනවා.. " මම උබේ තැන හිටිය නම් දෙනවා අරුට කන රත් වෙන්න..

    අනේ කථාම ලියපන්..

    ReplyDelete
    Replies
    1. පව් බන් .. ඌ හෙන සිරා... මම අනන්තවත් ඕකව බයිට් කරනවා.. එව්වට රිටර්න් එක තමා හම්බවුනේ

      Delete
  27. "කල් කදුරු වගේ තිත්තයි කොහොම බොනවද මන්දා" ඒ කියන්නේ ඩයල් එකත් බීලා තියන පාටයි..කතා සෙට් එක පට්ට බං....අර යාළුවො සෙට් එකක් වගේ ඉන්න අම්මයි තාත්තයි සුපිරි බං

    ReplyDelete
    Replies
    1. බුවා යන්න්තන් උගුරක් බීල ඇති.. සිරාවටම මම දන්නවා.... මෑන් බොන්නෙ නෑ....

      Delete
  28. happachchiye පොස්ටුව දැක්කේ දැන්නේ හේ හේ ඒ මදිවට බීල එද්දි වට පිට ඉන්න බේබද්දොත් ගෙදර එක්කගෙන එනවා.. " හු හැ.. ලැජ්ජාව බාල්දියයි.. සිමෙන්ති කොට්ට බාගයයි .. මාත් ඕක මේ අහගන්න ඉන්නේ.. මගේ යාළුවගේ අම්මගෙන් :P

    ReplyDelete
    Replies
    1. පරිස්සමින්.. උබගෙ යාළුවට අරවගේ නසරානි මලයෙක් ඉන්නවද

      Delete
  29. මරු කතා සෙට් එක. හැක් හැක් හැක්... අර පවුල නම් නියම පවුලක්නේ

    ReplyDelete
  30. මරු කතා ටික. :D කතන්දරම ලියන්න තවත්.

    ReplyDelete
    Replies
    1. හානි පූස් අක්කා ඇවිත්.. මරු මරු...

      අනේ ඉතින් ඉඳල හිටලා කවියකුත් ලියන්නම් ඇවිත් කියවලා යන්න

      Delete
  31. අන්න පින්වතුනි මේවට තමයි පාඩම් ඉගනගන්නවා කියන්නේ..

    ReplyDelete
    Replies
    1. සිරාවටම පට්ත පාඩම් ටිකක් ඉගෙන ගත්තා

      Delete
  32. හෙක් හෙක්. නියම කතා ටික. අර ගම්මිරිස් දාන සිද්දිය ගැන මං අහල තියෙනවා. එත් මොකක්ද කියල දන්නේ නැහැ.අය දන්නෙත් කියල නැහැ.පුලුවන්නම් විස්තර කරපන් කෝ.

    ReplyDelete
    Replies
    1. කොල්ලො පොඩිකාලේ ගම්මිරිස් ඇතයක් හපලා.... බෝල දෙකත පිම්බිනවලු... ඕනවට වඩා ලොකුවෙන එක නවත්තනලු

      Delete
  33. //යකෝ ඔය විදියට කථා කරන්න එපා... අපි උඹලව හැදුවේ රෑ තිස්සෙ නිදිමරාගෙන ඇඟේ වස්තරේ නැතුව .. ඒ හින්දා ටිකක් ගරු සරු ඇතිව කථා කරපන් කියලා//

    හික්ස්.....

    ReplyDelete
  34. යකෝ පට්ට කතා නේ.

    ReplyDelete
  35. හී හී ...මාර ෆනී කතා ටික මී යෝ ...

    ReplyDelete