Wednesday 28 November 2012

දේශපාලන සාකච්චාමය වැඩ සටහන- මල සමයං

අදත් අළුත් වැඩක් පටන් ගත්තා.. මට අළුත් උනාට මේ වගේ පෝස්ට් ඕන තරම් තියෙනව ඈ.. භය නැතුව මේ කාලේ පටන් ගත්තේ දැන් ඉස්සර වගේ නෙවෙයිනේ.. පොඩ්ඩක් හරි ගැස්සුනොත් යන්න වෙන්නේ සුදු ලැම්බෝගිනි වල.. කොහොමටත් තව දවස් දෙකතුනකින් ඔය දඟලන් කට්ටියට යන්න වෙන්නේ සුදුපාට චන්ද්‍රිකාවල.. අවසාන ගමන හරි චන්ද්‍රිකාවක යන්න ඇත්තම් කියල තමා භය නැතුව මේ පෝස්ට් එක ලියන්නේ


*   *   *

හොඳයි ප්‍රිය හිතවතුනි ඔබ මේ එකව සිටින්නේ රූපවාහිනී දැවැන්තම දේෂපාලන වැඩසටහන මල සමයං සමගයි.. අද අපිත් එක්ක කථාබහට එක්වෙන්නේ යුගයේ ජනප්‍රිය රතු ගඩොල් ඇමතිතුමා...
 
ආයුබෝවන් ඇමතිතුමා _/"\_


ආයුබෝවන්
_/"\_

ඇමතිතුමා අපේ වැඩ සටහන වේනස්.. අපි ඔබ තුමාගේන් අහන්නේ එකප්‍රශ්නයයි.. ඒ රටේ දැවෙන ප්‍රශ්නයක්.. ඔබතුමාට තියෙන්නේ ඒකම එක ප්‍රශ්නයකට පිළිතුරු දීල ගීතයක් ගායනා කරල වේදිකාවෙන් සමුගන්න...

රතු ගඩොල් ඇමතිතුමා ලෑස්තිද?


ඔව් ලෑස්තියි...


 පළමු සහ එකම පැනය ඔබ වෙත ගෙන එන්නේ VIROOZ සාදර අනුග්‍රහයෙන්


පිබිදෙන දේශයක අපේම නිෂ්පාදනයක් මිලදීගෙන අශ්චර්යමත් දෙපයක හිමිකරුවෙක් වෙන්න...
අපේ කාලෙට අළුත් තාලෙට.. විලාසිතා රැසක්..
සුමුදුයි .. සැහැල්ලුයි...  දෙපයට දැනෙන්නෙවත් නෑ ( ගලවල පැත්තකින් තිබ්බහම ඈ )

( කට්ටිය  VIROOZ ක්ලික් කරල FACEBOOK FAN PAGE  එකට ගිහින් ලයික් එකක් එහෙම දාල එන්න ඕනේ හරිද )
*  *  *

හොඳයි සුපුරුදු පරිදි ඔබ නැවතත් මලසමයං වැඩ සටහන් සමගින්... රතුගඩොල් ඇමතිතුමා.. අපි බොළඳ ප්‍රෂ්න අහන්නෙ නෑ.. ඔබතුමා ලඟදි උපවාසයක් කරන්නේ නැද්ද?, අළුත් ගෙයි වැඩ කොහොමද?, සල්ලි පොලියට දෙන බිස්නස් එක කොහොමද?, ඔය වගේ ඔබතුමාගේ පෞද්ගලික ජීවිතයට අදාල ප්‍රශ්න අහන්නේ නෑ.. අපි අහන්නේ රටේ දැවෙන ප්‍රෂ්න... සිංහලෙන්...
මම නැවතත් අහනවා ඔබතුමා ලෑස්තිද ප්‍රෂ්නය බාරගන්න.. අකමැතිනම් ඔබ තුමාට පුළුවන්.. මම ප්‍රෂ්නවලට උත්තර දෙන්න හපනෙක් නෙවෙයි කියලා ගීතයක් ගායනා කරලා වේදිකාවෙන් බැහැලයන්න

නෑ මම ලෑස්තියි .. ප්‍රශ්නෙට


හොඳයි රතු ගඩොල් ඇමැති තුමා ඔබට ලැබෙන ප්‍රෂ්නය:
ඔබ තුමා සහෝදරවරු සමග ඉදිද්දී තදින්ම ප්‍රකාශ කලා.. විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරනය හරියට ලිප්ගල් තුනවගේ සමාන විය යුතුයි... නැත්නම් රටේ සමතුලිත භාවය බිඳවැටේනවා.. මේවගේ ප්‍රකාශ නිතරම ඔබ කලා... නමුත් අද ඔබගේ ස්ථාවරය වෙනස් .. ඇයි මෙහෙම කාලෙන් කාලෙට වචන මාරු කරන්නේ

මම පැහැදිලවම ඉන්නේ කලින් හිටිය ස්ථාවරේම තමයි... අදටත් මම කියන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරනය.. ලිප්ගල් තුනවගේ වෙන්න ඔනේ කියල ... මම පැහැදිළි කරන්නම්

දැන් බලන්න විධායකය.. ඒ කියන්නේ අපේ මාලින්ද රාජරත්න තුමා කොහෙද ඉන්නේ.... මැදමුලනේ
ඊලඟට බලන්න ව්‍යවස්ථාදායකය.. ඒකියන්නේ පාර්ලිමේන්තුවේ ලොක්ක ඒ කියන්නේ කථානායකතුමා.. චාමෙල් රාජරත්න කොහෙද ඉන්නේ.. මැදමුලනේ...
අධිකරනයේ ලොකුතැන .. ඒයා වෙන කොහෙවත්
ඉතින් පැහැදිලිවම අපිමේ හදන්නේ අපේ සපුමල් රාජරත්න මැතිතුමාට අධිකරණ බලතල බාරදීල ඉතිරි ලිප්ගලත්
මැදමුලනට ගේන්න..
ලිපේ ගල් තුන තැන් තැන්වල තිබිලා වැඩක් නෑ ඒ තුනම තියෙන්න ඔනේ එකම තැන


ඇයි අවුලද?  :P
ඇයි අවුලද?


ප. ලි. ල

තුන එක තැනට ගෙනැල්ල දරට අපිව ගන්න එක තමා කැත

39 comments:

  1. දරටත් අපි, තම්බන්නෙත් අපිවමයි. ඒකයි කැත.

    ReplyDelete
    Replies
    1. අපේ මාළු අපේම ඇඟේ තියලා කැපෙන එක තමා වෙන්නේ...

      ඉන්දික අයියා මේ පැත්තතට ආවමද කොහෙද.... තැන්කිව් ඈ

      Delete
  2. හික්..හික්.. අනේ මන්දා මෙව්වට මොනවා කියන්නද කියලා..

    ReplyDelete
    Replies
    1. මොනා හරි කියහන් බං.. උබල ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක

      Delete
  3. ඕකට ඉතින් ලිප්ගල් තුනක් නෙමේ 6ක්‌ 7 ක්‌ දාලත් හදාගන්න පුලුවන්න්නේ මුට්ටිය නොපෙරලෙන්න.... ඒක හරි සිම්පල් ප්ලෑන් එකක්.....

    ReplyDelete
    Replies
    1. හරිම සිම්පල් තමා.... තවටිකක් කල්යද්දි මැද මුලනෙ කිස්සියෙ ඓඩ නැතුව යයිද දන්නේ නෑ.. ලිප් ගල්ම පිරිලා

      Delete
  4. දුකා අයිය මේ පැත්තෙ ආවෙ නැද්ද තවම. අසරණ සපත්තු කඩේ... ජය...!

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බං රෙදි කරට අරන් එයිද දන්නේ නෑ.. මට නෙලල යන්න...

      Delete
  5. ඉතිං වීරවංස ඇමතිතුමා ඇත්තනේ කියලා තීන්නේ...

    ReplyDelete
  6. යකෝ අපේ කොම්පැනියෙන්ද මේ හරකව ඉස්පෝන්සර් කලේ . . හික් හික් හික්

    ReplyDelete
  7. මේක මරු වැඩසටහන !
    වීරවංශොට් ඇමති තුමා රිදෙන්ඩ උත්තරේ දීලා තියෙනවා. ඒ උනාට අපට රිදෙන් නෑ.... හූ හූ හූ අපිට හිරි වැටිලා නේ !!!

    ReplyDelete
  8. තුනෙන් වැරදි දෙක පාවිච්චි කරල හරි එක පු** ගහගෙන අපිට කොකා පෙන්නන හදන එකයි විඳගන්න බැරි..

    ReplyDelete
  9. විරවංශ උන්නහෙත් මේක කියෙවුවා නම් එතුමාටත් එතුමා ගැන හිනා යනවිදිහට ලියලා තියනවා

    ReplyDelete
  10. ආඃ ... ඒ උන්නැහෙගෙ තුන එක තැනකට ගත්තහම වැඩේ ගොඩ. කෝ බං එතුම කියපු ගීතේ, ඒකත් දාන්ට තිබුණනේ. මෙයා යුගයෙ ජනප්‍රියම ගායකයනේ.

    ReplyDelete
  11. එපා කරපු ම වැඩේ තමයි මේ වගේ රසවත් වැඩසටහන් අස්සෙ වෙළඳ දැන්වීම් යන එක :P

    ReplyDelete
  12. වීරවංශගේ උත්තරේට මට ඇඩුනා තනි අක්ෂියට !

    ReplyDelete
  13. හයියු...මුනා කියන්නද??..

    ReplyDelete
  14. කිසිවක් කියනු නොලැබේ... හප්පට බොල මම එහෙම කියුවනේ...??

    ReplyDelete
  15. අනේ! පවු අසරණ තනි වූ විප්ලවවාදියා!

    ReplyDelete
  16. දැන් ලිග්ගල් නෑ. ෆෝ බර්නර් ගෑස් හරි ඉලෙක්ට්‍රික් හරි කුකර් තමා තියෙන්නේ. ඒ හින්දා බොලා ඔය කියන්නේ බොරු.

    ReplyDelete
  17. අඩෝ මේ හොට් ප්ලේට් කාලේ මොන ලිප ගල්ද බන්........

    ReplyDelete
  18. මරු මරු මචො... එකෙනම එල.. ලැම්බොගිනියකම යන වෙයිද දන් නැ මියො බලගෙන

    ReplyDelete
  19. අපිනම් දැන් උයන්නේ ගෑස් ලිපේ සෝ ලිප් ගල් ගැන දල්ලේ නැහැ.

    ReplyDelete
  20. එලම කිරි..

    අපෝ මෙයත් ඇඩ් දාන්න පටන් අරගෙන. ඇඩ් එක ගිහිං ඉවර වෙනකන් මම වෙන චැනලයක් බැලුවා.

    ReplyDelete
  21. හෙහ් හෙහ් මරු කතාව.

    ReplyDelete
  22. නොදකින් මූසලයා....ගූ වංශ....

    ReplyDelete
  23. ජහමනයව තම්බනවා විතක් නෙවෙයි කබලෙත් බදිනවා.

    ReplyDelete
  24. මරු කතාව ඈ.... මේ වගේ කතා මරවින් තුමත් නිතරම කියන එකේ මෙතුමත් මේවා නොකිව්වොත් තමා පුදුමේ....

    ReplyDelete
  25. හික්ස්...
    එතකොට අපි දර ඈ..

    ජය..

    ReplyDelete
  26. ඊගාව එපිසෝඩ් එක කවද්ද එන්නේ මී ගොඩේ.. හෙහ් හෙහ් හෙහ් පට්ට බං මේක

    ReplyDelete
  27. ඊගාව එපිසෝඩ් එක කවද්ද එන්නේ මී ගොඩේ.. හෙහ් හෙහ් හෙහ් පට්ට බං මේක

    ReplyDelete
  28. අපි දරවෙලා අළුවෙලා යනවා...!

    ReplyDelete
  29. ඔව් මේ රටේ බහුතරයක් දර තමයි නිකම්ම දර නොවෙයි පාන්දර..

    ReplyDelete
  30. ලිප් ගල් තුන ඈතින් තියල මෙහෙම තම්බනවා නම් එක තැනට ආවොත්.....

    ReplyDelete
  31. හිකිස් ඉතිං අප්පෙ අපෙ ගුගල් ඇමති ඇත්ත නෙ කියල තියෙන්නෙ

    ReplyDelete
  32. ඇයි අවුලද? :P
    පිස්සුද,
    අවුලක් නෑ :/ :/

    ReplyDelete
  33. වැඩේ පටන් ගත්ත ගමන් ad එකක් ගියානේ.

    අපි දැන් දර හව වගේ. ගන්න දෙයක් නැහැ.

    ReplyDelete
  34. පට්ට ඕයි.
    ඒත් මේවා රතු ගඩොල්ට පේන්නේ නෑ.
    මිනිහට ගූගල් ඇලජික්.

    ReplyDelete