Thursday 20 December 2012

සයනය පුරා ලෝ සිතියම් ලකුණු තියේ

හිරිමල් හිතින් එබිකම් කල තුරුණු_____වියේ
නටබුන් තවම හිතමත තෙරපිලා ______තියේ
අවසන ගෙවෙන්නේ සමනල ____වසන්තයේ
ලියකම් තවම නැහැ ආවේ _______දිගන්තයේ

අඩවන් නෙතින් බලනට හැඩ නාරි ____රුවේ
උණුසුම විඳින්නට තිසරුන් අතර ______ලයේ
පහසක් ලබා ලෝ අමරස ________සුරන්තයේ
 
ආසයි පදින්නට ඔරුවක් සිහිල් ________දියේ
 
සරණවළා හඬ නොදෙනා තුරුණු_______ වියේ
සහනය සිහිනයේ දැවටී වඩින _________රැයේ
මනසේ රූ රටා දෑතින් අඳින __________පැයේ
සයනය පුරා ලෝ සිතියම් ලකුණු _______තියේ


මුහුණුපොතේ කවිපිටුවක ( අම්බලම ) දුටු කවියකින් උපන් කවියකි


ප.ලි.ල

මගේ උපන්දිනේට සුභපතපු හැමෝටම හුඟාක් ස්තුතියි..... රිප්ලයි කොමෙන්ට් දාන්න බැරි උනාට සොරී ඈ.. උපන්දිනේට පස්සෙ දවසෙ උපන්දිනේ සමරල කුජීත වෙලා හිටියේ,, ඊටපස්සෙ ඔෆීසියේ වැඩවගේකට හිර උනා... බ්ලොග් වලිනුත් ටිකක් ඈත් උනා.. ඔන්න ඕවයි අතපසු වීමට හේතු

එහෙනම් අපි ගියා

හැමෝටම හෙටදවසේ වේදනාවෙන් තොර සුවපහසු මරණයක් ප්‍රර්ථනා කරනවා....

30 comments:

  1. වයසට යනකොට ඔහොම හිතෙනවා මියෝ!! ගණන් ගන්න එපා...
    ලස්සන කවි ටික

    ReplyDelete
  2. සයනය පුරා ලෝ සිතියම් ලකුණු _______තියේ..

    හි හි... මාරයි නේ...

    විදින සැපක් අද විතරනේ..
    සුභ ලෝක විනාසයක් වේවා..

    ReplyDelete
  3. අයියටත් එසේම පතනවා කවියේ තේරුම පොඩ්ඩක් ගැඹුරු වැඩියි. කෝරලේ වලව්ව

    ReplyDelete
  4. ඉංජිනේරු දොස්තර පැටවු ගුරුවරු අණ්ඩපාල පැටවු කීදෙනෙක් නම් බෙඩ් ශීට් එකේ අවසන් ගමන් යන්න ඇති ද නේ ? :)

    ReplyDelete
  5. දකිනා දකින දොර, උළුවහු සීලිම පැත්තේ
    නාරිලතා මල් මල් පීදී ඇත්තේ
    ලෝක විනාසෙත් මේ අත ලඟ වැත්තේ
    හැදිලාදෝ මී ගොඩයට මෝල කලන්තේ

    නගිනා තුරු හරි ආසයි අහස් යන්තරේ
    නැග්ග වෙලාවේ සිට බැස යෑමටය පොරේ
    කෝකත් ඔහොම යැයි හිතපන් මී මිතුරේ
    අතේ ජොලිය නැත බං ඔය විය සිදුරේ

    ReplyDelete
    Replies
    1. අතේ ජොලිය නැත බං ඔය විය සිදුරේ

      හක්ක හක්ක හක්ක..... පට්ට කවියන අය්යේ..... දන්න කියන උදවිය දෙයක් කිව්වහම මමනම් එකෙන්ම පිළිගන්නවා...

      Delete
  6. සිහිල් දියේ ඔරුව පදින්න අකමැති කවුද බොල හෙක් හික් හික් :p ඇඳ විට්ටමට උඩින් පොඩි ටවල් එකක් දාල තියාගනින් හදිස්සියට ඇදල ගන්ට.එතකොට බෙඩ්ෂීට් එක බේරගත ඇහැකි ලෝක සිතියම් ලකුණු වලින් :D

    ReplyDelete
  7. මැරෙන්න කලින් අවසාන් වතාවට දකින කවියද කොහෙද?එල ඈ

    ReplyDelete
  8. කාමරේට හොස්ස පොවන්න බැරුව ඇති. හෙහ් හෙහ් හෙහ්..එක්කෝ නරකද ඔය ලෝක සිතියම් ටික ප්‍රින්ට් කරලා විකුනුවනම්...

    උඹටත් සුව පහසු වේදනාවෙන් තොර මරණයක් අත්වේවා කියලා මම ඉත සිතින් ප්‍රර්ථනා කරනවා

    ReplyDelete
  9. හි හි... මාරයි නේ...

    ReplyDelete
  10. 21සුවාස් වෙන්න කලින් ඔහොම දෙයක් හිතිච්ච එකත් ලොකුදෙයක්..!

    ReplyDelete
  11. මී ගොඩයාට මේ දවස්වල වැඩ වැඩි ඇති සැහෙන්න ලොකේ විනාසෙට කලින් හික් හික්

    ReplyDelete
  12. අඩවන් නෙතින් බලනට හැඩ නාරි ____රුවේ
    උණුසුම විඳින්නට තිසරුන් අතර ______ලයේ
    පහසක් ලබා ලෝ අමරස ________සුරන්තයේ
    හොඳට ඉන්න මාව නරක් කරන්න හදම මීගොඩයාව හෙලා දකිමි ......

    ReplyDelete
  13. පැන පැන කොඳුරාම ලිය නළුවෙක රඟ පාන
    තැන තැන නොතලාම විඳ තිසරුන් ඉඟි පාන
    දැන දැන ඉඳුරාම දුර බව මධුසඳ පාන
    දින දින වින්දාම කීම වේද අඩවන් කර පාන

    ReplyDelete
  14. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  15. ඇයි මීයො උඹේ කාමරේ රෑට රස්නෙයිද? මෙහේ එවුන්ගෙ නම් ලෝ සිතියම් ලකුණු තියෙන්නෙ සරමෙ, ඇඳ ෂීට්වල නෙවි.

    නියම කවිය මචං, මැරෙන්න කලින් චරිතාපදානෙ කවියෙන් හරි ලියලම මැරෙන එක හොඳා. එහෙනම් සුබ ලෝක විනාශයක් මචං. :)

    ReplyDelete
  16. අප්පා දැන් නාකි මීයෙක් නේද....

    ReplyDelete
  17. ලෝක විනාසේ උනේ නැහැ නේ බන්. අපි තාමත් පන පිටින්. උඹ නම් මරණිය රමණයක් හොයාගෙන යනවා දැක්කා. ඒ ගිහිල්ලා තාම ආවේ නැද්ද ?
    ලෝ සිතියම් ලකුණු ඔක්කොම බෙඩ් ෂිට් එකේ ....

    ReplyDelete
  18. අනේ අනිච්චන්.....විනාසේ උනේ නෑනේ...දැන් ඉතින් විඳවපන් කිව්වලු...
    අන්තිම කවිය පට්ටයි ආහ්......:D

    ReplyDelete
  19. යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ එතකොට එහෙම තමයි

    ReplyDelete
  20. මං කියන්න ආපු ඒක කැරලියා කියල හික් හික්..
    බයිදවේ .. මේකේ මාතෘකාව ලස්සනයි අනේ..
    ජය වේවා මීයෝ!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
  21. මරුනේ නැහැ කොල්ලෝ..

    ReplyDelete
  22. හෆ්ෆෝයි!!මී අයියාද අංකල්ද? ;)

    ReplyDelete
  23. // උපන්දිනේ සමරල කුජීත වෙලා හිටියේ//

    අදද බොල ඩෝප් එක බැස්සෙ...

    ReplyDelete
  24. පට්ට කවි ටික අයියේ.....දිහටම ලියන්න හැමදාම එනවා....

    ReplyDelete
  25. නසේ රූ රටා දෑතින් අඳින __________පැයේ
    සයනය පුරා ලෝ සිතියම් ලකුණු _______තියේ

    අම්ම අහනව.."මොකද ලමයො හැමදාම බෙඩ් ෂීට් හෝදන්නේ.." කියල...

    ReplyDelete
  26. උපන්දිනේ ගැන නොදනිමි.

    සුබ උපන්දිනක් වේවා..... (පසුවූ)

    ReplyDelete