Monday 21 May 2012

෴“ පුස්ස “෴

පුරා කන්නයක
දහඩියේ කඳුලේ අස්වැන්න
අසරණ කම මත පදනම්ව
කුණු කොල්ලයට විකිණෙනු දැක
සිහිවිය නුඹව මට...
"ඇල්ෆ්‍රඩ් මාශෙල්"
බොළඳ උපකල්පන මත පිහිටා
ඉල්ලුම සැපයුම මත පදනම්ව
නුඹ ගොඩනැගූ න්‍යායයන්
පුස්සක්ම විය
මගේ ඇස්පනාපිට


බොහොම පිං ආයුබෝං මීගොඩයගෙ අහ ගොඩවැදුනට,,, මතක හිටින්න මොනා හරි කොටලම හියානං තමා හොඳ,,, නැතත් අපනාපයක් නෑ ඕං

30 comments:

  1. Replies
    1. මේ මොකෑ මේ.. හරියට මේයා සතොසෙ මැනේජර් වගේනේ

      Delete
  2. ඕකනම් මහම මහා දුකක්.... අතරමදියට තමයි ලැබේ.. අසරණ ගොවියෝ :(

    ReplyDelete
    Replies
    1. ම්හ්.. මම ඇස්දෙකෙන් දැක්ක මේ සිද්දිය.. පව් අහින්සක මිනිස්සු

      Delete
  3. ඇල්ෆ්‍රඩ්මාශල් මොකටදබං,ඇයිබන්දුල?
    සින්නක්කර ගොවියාඅතහැරලා,අඳගොවියා ගැනඕක කොහොම කියන්නද?

    ReplyDelete
    Replies
    1. ඔය මී හරක් ගැන කවිලියල තව උඩ දාන්න මක්කටැයි හිතුනා

      Delete
  4. අයියෝ සල්ලි!

    ReplyDelete
  5. දෙය්යොත් සල්ලි වලට විකිනෙන කාලේ මේ දුක කාටකියම් ද?? :/
    ජය!!

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත බං.. දෙය්යන්ට දාන දීල එහෙම ගේන වී ටික ..සතොසෙ මැනා ගේ හෙන්චය්යට කුණු කුල්ලෙට දෙන්න වෙනවා..

      ජය ඉතින් සතොසෙ මැනාට තමා.. ගොවියට හැමදාම දුක

      Delete
  6. මේ ආර්ථික ප්රවාහයට අහු වෙලා...... අපි කරන බොහෝ දේවල් වල අන්තිම ඉරණම..... පුස්සක් තමයි....

    ReplyDelete
    Replies
    1. ඇත්ත... ඒත් මං හිතන්නේ ලංකාවේ දරුණුම බලපෑම ගොවියට

      Delete
  7. කාට මේ දුක කියනන්ද?..ඉල්ලුම සැපයුම කෙසේවෙතත් අහින්සකයන්ටමයි හැමදාමත් දුක..:(

    ReplyDelete
    Replies
    1. කාටවත් කියල වැඩක් නෑ... ආණ්ඩුවෙන් සහතික මිලක් තියනවා.. ඒ මිලට ගොවියට වී විකිනන්න බෑ.. සතොසට ගිහාම කියනවා වී වේලිලා මදි කියල.. ඊට පස්සෙ සතොස ගාව ඉන්න එකෙක් අඩු ගානට වී ටික ඉල්ලනවා.. අර අහින්සක ගොවිය සතොස ඉස්සරහ තියාගෙන වී වේලන්නද.. ඔන්න ඔහේ ඉල්ලන ගානට දීල එනවා..

      අර වී ගන්න එකා හවසට සතොසට වී ටික විකුණනවා.. උදේ තෙත වී හවස වේලිලා..

      Delete
  8. මොනා කරන්නද? දුක තමයි...

    ReplyDelete
  9. පරිහානියට පත් වූ ජීවන රටාව ...අහිංසක ගොවියට හැමදාම දුක..

    ReplyDelete
    Replies
    1. ගෙවිලියන්ටත් දුකයි අෆ්ෆා

      Delete
  10. බැංකුවට මම ණයයි
    ගේ දොරත් සින්න වෙයි
    කන්නයේ වී බුසල
    නොවික්කොත්
    නිසි මිලට.
    පෝර මිල වැඩි කරලා
    වතුර ටික බැඳ තියලා
    වවන්නලු මට
    නගන්නට
    රට.
    කන්න නෑ ගේ හරියේ
    දරු පවුල බඩ සායේ
    අම්මපා
    කනවා මම
    වහටිකක්..
    පුළුවන් නම් මහ උන්ටත් කවාගෙන...

    ReplyDelete
    Replies
    1. ලඟ එන මහ කන්නය
      හිස් වූ වී බිස්ස
      ගිනි පොලියගේ බකුසු මුහුණ
      කුඹුරු හිමියගේ කපටි සිනහව
      මැවි මැවී මියෙද්දි දෑස් අග
      ඇසුනා සවනට
      අහිමිවන වග
      පොහොර සහනාධාරය

      එලවා යලි සිහිය
      අතගගා රිදුම් දෙන පිට කොන්ඳ
      සිසාරා බලන දෙනෙතට
      හසුවිය
      එල්ලෙන උදලුකෙටිය
      ගඳ ගහන අමුඩය
      හා,
      අඩක් හිස් වූ
      ග්‍රැමොක්සෝන් බෝතලය

      Delete
  11. ඉල්ලුම සැපයුම
    අතර දෝලනය
    වන
    අපේ
    ගොවීන්ගේ
    කදුළු

    ReplyDelete
    Replies
    1. ඉල්ලුම සැපයුම නොව
      බල පුළුවන්කාර කම් අතර

      Delete
  12. ඇල්ෆ්‍රඩ් මාශෙල්...හ්ම්ම් මෙයා ඉකෝන් සම්බන්ධ පුද්ගලයෙක් වගේ :)

    ReplyDelete
    Replies
    1. ආර්ථික විද්‍යාවෙ තාත්තලුනේ

      Delete
    2. ඔව් වොව්.. බාප්පා මෙහෙ නේ දැන්.. අර 2500 කන්න කියල දෙන්නේ..

      Delete
    3. හෙ හේ.. බාප්පල මහප්පල ඔක්කොම ඉන්නෙ ලංකාවේ

      Delete
  13. දුකයි තමා කවදා ගොඩ යන්න පුළුවන් වෙයිද දන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. හොරකම බොරුව වංචාව නැති වෙච්ච දවසට පුළුවන් වෙයි

      Delete
  14. අධි සැපයුමක් මී ගොඩයෝ...

    අදමයි මේ පැත්තට ආවේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තෙ ආවට

      අධික සැපයුමක් තියනවනම් පිටරතින් හාල් ගේන්න ඕනෙද

      Delete