Sunday 6 May 2012

වළා තනපට


27 comments:

  1. නුරා විලසින් බලා යටැසින්
    දිනිඳු කිරණින් වෙලී සතොසින්
    පටින් නොව සැරසී එ පහනින්
    දුලයි සඳ සුසරාගි විලසින්

    ReplyDelete
  2. ස්තුතියි අග්නි..ස්තුතියි කලාබර

    ReplyDelete
  3. එහෙත් මධු සඳ
    දිවා කල නැත
    දිනිඳු හා මධු
    සමය ගෙවුමට !!

    ReplyDelete
  4. ළොවට හොරැහින් දිවා කාලේට
    සඳ යනව නෙව ඉරේ තුරුලට

    ස්තුතියි සරත් සහෝ

    ReplyDelete
  5. Replies
    1. ස්තුතියි ඩයිනෝ

      Delete
  6. Replies
    1. ස්තුතියි සයුරි..

      Delete
  7. නුරා අහස්
    යහන
    මතට
    පොකුරු
    තරු කුසුම්
    විසිකොට
    දිනිදු එයිද?
    මග
    බැලුවට
    ලිහන් සඳ
    වලා
    තනපට......

    ReplyDelete
    Replies
    1. එන්න හදනා
      සෑම විටදිම
      රාහු හිටියා
      ඉරේ හරහට

      Delete
  8. ඉතින් අපිට මොකෝ බං :)

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ .... ඔන්න ඔහේ අපි අහකබලාගමු බන් උන්ට ඕන මගුලක් කරගන්න කියලා

      Delete
  9. දිලෙන දිනිඳුට පෙම් බැඳ
    අයාගෙන නෙත් සිටි සඳ
    අළු වී යාද ඒ සඳ
    උහුල නොහැකිව එමහ ගිනිකඳ

    ReplyDelete
    Replies
    1. ගිරුරැස් දහරින් වත්සුණු තවරා
      සෑමදාම රෑ හිනහෙන සඳකට
      එකම එකවරක් තුරුලේ සැතපී
      දැවී ගියත් එය සැපතකි සදහට

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. දිනිඳු එනතෙක් ඇඟිලි ගනිමින්
      සිටියමුත් රෑ පහන් වෙනකන්
      විහිදි කල හිරු කිරණ දස අත
      සිසි කඳුල නොපෙනුනා දිනිඳුට

      Delete
    4. ගලා හැලෙනා සිසි කඳුළු කැට
      පිසින්නට හිරු හට වරම් නැත
      සඳට ලංවන සෑම විටකම
      රාහු හිටියා ඉරේ හරහට

      Delete
  10. වලා තනපට උනා දමමිණ
    ඉන්න සඳු දැක පුංචි තරුකැට
    අසා උනුන් හිනැහුණා හෙමිහිට
    අනේ සඳ ඔබ ඔතරම්ම මෝඩද

    ReplyDelete
    Replies
    1. හිරුට බැඳගත් අචල ප්‍රේමය
      සදාතනිකයි සඳේ හදතුල
      ලැබෙන නොලැබෙන
      දෙයින් කම් නැත
      බලා ඇත සඳ පුරුදු ලෙසටම

      Delete
  11. ඔයාගේ බ්ලොග් එක ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අටර්‍මපහුර

      Delete
  12. හරිම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වර්ණා

      Delete
  13. මල කෙලියයි. මාවත් මේකට අල්ලලානේ. ඇයි බන් මගේ නමත් දිනිඳු තමයි !!!!!

    ReplyDelete