රබර් වත්තක සැඟවුණු කථාවක් - 2වන කොටස ( වැඩිහිටියන්ට පමණයි 21+ )
ජීවිතේට කසිප්පු පෙරා හෝ බී නැති මීගොඩයාට කසිප්පු සමග ඇති සම්බන්ධය කුමක්ද?
අවුරුදු 12ක් පමණ වයසැති පුංචි මීගොඩයා සිදුකරන්නට ගිය වීරක්‍රියාව කුමක්ද ?
ඒය සාර්ථකව නිම උනිද ?
ඔන්න ඔය ප්‍රශ්න වලට උත්තර දුන්නහම කථාව සම්පූර්ණයි.
**********************************************************************************
ජංගම දුරකථන ගමට නොපැමිණි යුගයක ගමහරහා අඩකුත් රබර් කැලයක් හරහා ඉතිරි මගත් ජීප් රියක් පරදන වේගයකින් පණිවිඩයක් ගෙනියනව කියන්නේ සුළුපටු රාජකාරියක්යෑ.
ඒත් ඒක හරිම සරල ක්‍රමයකට සිදුවුනා.. ගමට ඇතුළුවන තියන ගෙවල් වලින් පොලිසියේ වාහනේ දැක්ක ගමන් මීගොඩයගෙ ගෙදරට කෝල් එකක් එනවා.සිවිල් එන පොලිස් මාමලව උනත් අදුරගන්න අපේ ගමේ අයට මල ලොකු අමාරු දෙයක් නෙවෙයි. ඉතින් ඔය විදියට ලැබෙන දුරකථන ඇමතුමෙන් පස්සෙ මීගොඩයගෙ පියතුමා විදුලි පන්දමක් අරගෙන වත්ත පහලට ගොහින් අදාල නිශ්පාදනාගාරය දිහාට විදුලිපන්දම එල්ල කරලා සංඥාවක් දෙනවා.. ( විදුලිපන්දමනම් රට ඉන්න බාප්ප කෙනෙක් එවපු රී චාර්ජබල් එකක් ඒ නිසා සෑහෙන දුරකට එළිය විහිදෙනවා )
මේ සමාජ සත්කාරය පියතුමා කලාට මව් තුමියනම් එතරම් කැමැත්තක් තිබ්බේ නෑ..ඒත් ලොකුවට විරෝදය පාන්න ගියෙත් නෑ. පියතුමා නැති වෙලාවට මීගොඩය උනත් ඔය සංඥාව නිකුත් කරනවා. හරිම සරලයිනේ
ඔන්න දවසක් මීගොඩය රූප පෙට්ටිය බල බල ඉන්නකොට දුරකථනය නාද උනා. මව්තුමී නැගනියත් එක්ක කඩපිළට ගොහින්. පිය තුමත් රාජකාරී කටයුත්තකට බැහැර ගොහින්.. මීගොඩයට තනියම තමා ගෙදර හිටියේ.. ආවේ අර කලින් කියපු කෝල් එකම තමා..
අයේ හිතන්න දෙයක් තියනවයැ.. ගත්ත ටෝච් එක.. දිව්ව වත්ත පහලට. නිෂ්පාදනා ගාරය දෙසට එල්ල කරලා දැල්ලුව.. ඒත් විහිදුනේ බොහොම මලානික එළියක්. දෙය්යන්ටම ඔප්පු වෙච්චාදේ දැන් මක්කැයි කොරන්නේ.. චර්ජ් බැහැල.
හිත හිත ඉන්න වෙලාවක් නෑ. නිෂ්පාදකයින්ට පනිවිඩේ නොදුන්නොත් කට්ටියම අහුවෙනවා. පහු ගිය දොහක ඇටඹ ගහ ගෙදර බණ්ඩේ මාමට පොලෝසියෙන් බිමදාගෙන ගහපු හැටි මීගොඩයට මතක් උනා.බැ බෑ කොහොමවත් එහෙම ගුටිකන්න අරින්න බෑ. මම ඉක්මනට එතනට ගිහින් පණිවිඩේ දීල ආපහු එනව..එහෙම හිතල මීගොඩයා පය ඉස්සුවා රබර් වත්ත දිහාවට..
මේ වෙද්දි මීගොඩයගෙ මව්තුමී රබර් වත්ත තහනම් කලාපයක් කරලයි තිබ්බේ.. ඒ ටික දොහකට කලින් දර කඩන්න ගිය නැන්දල කට්ටියක් නයෙක් දැකල ආපහු ආපු දවසෙ ඉදන්.. ඒ තහනම් නියෝග අමතක කරපු මීගොඩය රබර් වත්තට ඇතුළු උනා. වෙලාව රාත්තිරි 8.00 විතර ඇති.
මෙහෙම ඇවිදගෙන යනකොට මීගොඩයගෙ හිත හිතුවිලි වලින් පිරෙන්න ගත්ත. හෙට උදේ මුළු ගමම මේක දැනගන්වා. වෙනද වගේ නෙවෙයි මැණිකෙ නැන්දගේ කඩේ ගාවදි වෙනදට ආ පොඩ්ඩෝ කියල ඔළුව අතගාන මාමලා.. නෙක්ටො එකක් මුරුක්කු පැකට් එකක් එහෙම අරං දීලා වෙනදට වඩා ආදරෙන් මීගොඩයට සලකන විදිය.. කමත අයිනට වේලා යාලුවොත් එක්ක බයිට කකා නෙක්ටො බිබී සිද්දිය විස්තර කරන විදිය මීගොඩයට මැවිල පේන්න පටන් ගත්ත..
ඒත් ටික ටික රබර් කැලෑව ඇතුලට වෙද්දි ඒ සිතුවිළි යට ගිහින් හොල්මන් අවතාර ගැන හිතට එන්න ගත්තහම මීගොඩයගෙ ගමන් වේගයත් අඩු උනා. ළමය වඩගත්ත මෝහිනී, බලාගෙන ඉද්දි උස යන මහසෝනා, රීරි යකා, ඔය හැම යකෙක්ම හිතේ හොල්මන් කරන්න ගත්තා, ඒ අතර අර කලින් කිව්ව නාගයත් ඉඳ හිට හිතට දෂ්ට කරන්න උනා.. දැන්නම් ආපු මෝඩකම කියලහිතුනත් ගමනෙන් 1/2ක් විතර ඉවර නිසා කොහොම හරි ඉතුරු ටිකත් යන්න තීරණය කලා
ඒහෙම හිතල ඇඩි දෙකක් යන්න ලැබුනේ නෑ...මී ගොදයට දැනුනා අතේ තියන ටෝච් එකෙත් එළිය අඩුවෙන බව.. ඒ හින්දා මීගොඩය ගමන ඉක්මන් කලා..
ඒත් එක්කම වගේ සර සර හඩින් සෙලවෙන රබර් කොළ දෙසට සීරුවෙන් විදුලි පන්දම එල්ල කරපු මීගොඩය පෙනුනේ ඇඟ කිළිපොලා යන දෙයක්
දෙවියනේ අඩි පහක් විතර දිග නයෙක් පෙනේ පුප්පගෙන මීගොඩය දිහා බලාගෙන ඉන්නවා... එවලේ හදවතේ ගැස්ම විනාඩියකට දහස් වාරයක් ඉක්මවපු බවන සහතිකයි.. ආයේ හැරිල යන්නත් බයයි.. පස්සෙන් ඇවිත් දෂ්ට කලොත් කියල..ඉසරහට යන්නත් බයයි.
ඉතින් නයා දෙසටම ටෝච් එක එල්ල කරගෙන පියවර කිහිපයක් පිටි පස්සට ආපු මීගොඩයට එකපාරටම මතක් උනා විසඝෝර සර්පයා දැක නෑර මෝඩයා කියන කියමන.. ඉතින් මමත් හනි හනික වට පිට බැලුව පොල්ලක් තියෙද කියලා.. ඇසට අහු උනේ රබර් වත්තේ වැටට හිටවපු පැල ගිනිසීරිය ගහක අත්තක්.. නයාට ටෝච් එක එල්ල කරගෙනම මමත් ගිනිසීරිය ගහ ගාවට කිට්ටු උනා.
නයාගේ කරුමෙටද මගේ කරුමෙටද මන්දා.. පුංචි මීගොඩය පොඩ්ඩක් උස මදි අත්තට..ඉතින් මීගොඩය මොකද කලේ අතේ තිබ්බ ටෝච් එක පත්තු වෙලා තියෙද්දිම නයාගේ පැත්තටම හරවල බිමින් තියලා පහල තිබ්බ කම්බි වැටට අඩිය තියල ගිනිසීරිය අත්ත කඩා ගත්ත.. එහෙම කරල බිමට බැහැගත්ත මීගොඩය ටෝච් එක ගන්න ගිහාම දෙයි හාමුදුරුවනේ මගේ එකම ගැලවුම් කාරයා.. ආරක්ෂකයා වෙච්ච ටෝච් එක තියපු තැන නෑ......!!!!
අනේ කොහෙට හරි පෙරලිලා ගියාවත්ද කියල වට පිට බලද්දි දැක්ක දෙයිම් මීගොඩයගේ හදවත නතර නුන අදටත් පුදුමයි
මොකද්ද දන්නවද මීගොඩය දැක්කේ
අර නයා ටෝච් එක අරගෙන මාව හොයනවා මට ගහන්න...
අය්යෝ නයා :P
දවස් දෙකක් තිස්සෙ වටිනා කාලය මිඩංගු කරගෙන මගේ නයා පස්සෙ ආවට ඉස්තුතියි.. තරහ ගන්ට කාරි නෑ.. පුංචි විහිලුවක් නෙව කලේ.. ඔන්න ඔහේ බැනල හරි කොමෙන්ටුවක් දාල යන්න

නයා උබට ගහන්න හෙව්වා කිව්වේ, උත් අර ජාතියේද ?
ReplyDeleteසමහර විට හැපින්නක්ද දන්නේනෑ...
Deleteමීගොඩයටයි ලොකු මීගොඩටයි දේශීය නිෂ්පාදන ආයතනයේ කොටස් තිබුණාද මෙච්චර සහයෝගයක් දෙන්න ගියේ :D
ReplyDeleteඅපෝ කැත කථා කියන්න එපා... අපි ගමට වැඩ කලේ ලාභ ප්‍රයෝජන බලාගෙන නෙවෙයි හරිය
Deleteමීයාද රජා ආශ්‍රය කිරීමෙන් කුජීත වී ඇත.(පට්ට කතාව බොල)
ReplyDeleteහඃ හඃ හඃ
හක්ක හක්ක හක්ක... පව් යකො අහිංසක රජා
Deleteමෙච්චර නයෙක් ඇරලා තියෙද්දිත් කොමෙන්ට් එකක් නොදා කොහොමද..
ReplyDeleteප.ලි.
මම ඔය කතාව අහල තියනවා. හැබැයි ඒ කතාවෙ හිටියෙ පොලගෙක්. පොලගට බයවෙච්ච එකා ටෝච් එකත් දාලා ගෙදර දුවලා..ටික වෙලාවකින් කවුද ඇවිත් ගෙදර දොරට තට්ටු කරනවලු. බලනකොට පොළගා ඇවිත් ටෝච් එක දීලා යන්න..
හොදම වැඩේ ඔය කතාව කියලා කට්ටියව අන්දන්න හදපු එකාට අපි එදා ඉදන් කිව්වෙ ටෝච් පොළගා කියලා..
මීගොඩයට ටෝච් නයා කියලවත් කියමු :D
අලේ මේක හෙන පරන කථාවක්,, මම ටිකක් දික් කලා.. හරි නෑනේ මේවගේ නයි පැටව් වෙලාම ඉන්න එක..
Deleteමේ කාඩ් ගහන්න ආවොත් ගෙදරට ඇවිත් ගහන්නේ හරිය... ඩිරාම් 10යි ටැක්සියට
අප්පට සිරි..උඹ අහල පහලද......වරෙන් එහෙනං ඔටු සංගමේට :D
Deleteආ ඔටු සංගමේ ඉන්නවා... කලින් සමුළුවෙදි අපි සැට් උනා
Deleteඅර පොල්ල කඩාගෙන මට එන්න හිතුනා බොලාව හොයාගෙන...
ReplyDeleteනයා තාම ගහමුල... අය්යට පොල්ල ගන්න ඕනෙනම් භූමි තෙල් බෝතලයකැන්න යන්ට... හැබැයි ඉතින් භූමි තෙල්වල ගනන් ඇහුවහම මාව අමතක කොරල වෙන කාටවත් පොල්ලෙන් ගහන්න් හෙම යනවා නෙවෙ ඕං
Deleteකිසිවක් පැවසීමෙන් වැලකී සිටිමි .අහුඋන දවසක හොම්බට අනිමී
ReplyDeleteනයාගෙද?..
Deleteඑසේනම් හොම්බ පෙනය ලෙස නිවැරදි විය යුතුයි.. ( අටම්පහුරා කචල් ෆැන්ටා ගහලද මංදා )
දේශීය නිෂ්පාදන ගැන දැන ගන්ඩ ආපු කට්ටියට බලනවානං මෙන්න බඩු
ReplyDeletehttp://atampahura.blogspot.com/2012/06/blog-post_7988.html
සර් කොහෙට හරි ගෙනිහිල්ලා මාව මරලා දාන්ඩ ( අයිසෙ අං...
ඒ පැත්තෙ ගියා... කොහොමත් ඉතින් අපිට එහාට එන්න ආරධනා ඕනේ නෑනේ,, එලෙව්වත් ආපහු එනවා
Deleteහක හක හක!!!
ReplyDeleteහැක හැක හැක
Deleteපට්ට නයා.
ReplyDeleteඅපේ ඉස්කෝලෙ හිටපු බොරු කියන නයා මතක් වුනා.
තරහ ගියෙ නැහැ හිනා ගියා.
හිනා ගියානං එච්චරයි .... එහෙමනං අර නයා ගැනත් ලියමුකෝ සෑමෝ
Deleteඅනේ මී ගොඩයා පවූ...හොඳ වෙලාවට බැටරි බැහැලා තිබ්බේ. නැත්නම් මී ගොඩයා හොඳ ටෝච් පාරක් කනවා නයා ගෙන්
ReplyDeleteඈ ටෝච් එකෙන් ගහන්නත් එළිය ඕනේද... හරියට අර පිස්සො සෙට් එක තාප්පෙන් පැන්න වගේද ?
Deleteමදැයි වීර කතාවක් අහන්න හිටියා.. මේකා නම් මී ගොඩයෙක්ම තමා... :P
ReplyDeleteපවූඌඌඌ...... ආයේ කලන්නෑ ඔඳේ
Deleteඒ නයා වගේද මේ නයා කිවුවලු.. බොලේ මෙක 21+ කියලත් දාගෙන කරපු ප්‍රෝඩාව බලන්නකෝ ඉතින්...
ReplyDeleteඉතින් මම මුලින්ම කිව්වේ... 21+++ දැම්මේ රජයේ මධ්‍ය සාර රෙගුලාසි හින්දා කියලා.. නැත්තම් දාන්නේ 18+ කියලනේ
Deleteමෙන්නෝඕඕ.....මෙයා බොරු කියන්නත් පටන් අරගෙනෝඕඕ....
ReplyDeleteඅපායෙ යයි..ටෝච් එකත් එක්කම ඇඃ.....
අපායට යන පාරේ නයි ඉඳියිද දන්නෑ නේ
Deleteඅන්න නයා. මම බැලුව මොකක්ද මේ කතාව කියල.
ReplyDeleteසැහ් නයා කෑගහන සද්දෙ දන්නේ නෑනේ..
Deleteමේකාත් අර රෝස් පාන් කන ජාතියේ නයෙක් වෙන්න ඇති..
ReplyDeleteඅර මොකෑ සරා අය්යා .. නයාට රෝස් පාන් භාගයක් ගිහින් දෙන්නද....
Delete21 + නයෙක් වගේ
ReplyDeleteනයා 21+ වෙන්න නම් "ක" යන්නක් එන්න ඕනේ
Deleteමූ ව තියන්න වටින්නෙ නෑ නෙ කරපු වැඩේට...
ReplyDeleteඔව් බං අපරාදේ ටෝච් එක...
Deleteහත්තිලව්වයි දැන් දැන් ටෝච් ගහන් හොයපු උඹව නයාට හම්බවුනාද...නැත්නම් ඌ තාමත් ටෝච් ගහන් උඹව හොයනවද....
ReplyDeleteඌ ගිහින් අරුන්ට පණිවිඩේ කියලා.. ටෝච් එකත් දීල තිබ්බ..මට දෙන්න කියලා
Deleteමදැයි මයිල් කෙලිං කරගෙන බලං හිටිය!
ReplyDeleteඅය්යෝ... :P
Deleteහැක හැක හිකිස් හිකි හිකි හැක හැක හැකුස් හිකිස් හිකි හිකි හැක හැක හිකිස් හිකි හිකි හැක හැක හිකිස් හිකි හිකි හැක හැක හැක හැක හිකිස් හිකි හිකි හැක හැක හැකුස් හිකිස් හිකි හිකි හැක හැක හිකිස් හිකි හිකි හැක හැක හිකිස් හිකි හිකි හැක හැක
ReplyDeleteයකා නගින ගොන් ජෝක් :D
හූ ඈ :P
Deleteනයි කයිද රෝස් පාන් කිව්වලු :D
ReplyDeleteබොරු කියන්න එපා.. මං ඔව්වා අහන්න ගියේ නෑ
Deleteමී ගොඩය කියන්නේ නිකන්ද ? පට්ටයි
ReplyDeleteඑහෙනං එහෙනං
Deleteමෙච්චර හති දාගෙන මේ නයෙක් කියෙව්වට අම්මපා ටෝච් එකක් ගහල තොට ගහන්න ඕනේ.. (රහසින්) කතාව නම් මල් හතයි මලේ..
ReplyDeleteසොරි ඈ... වරදක් කලත් සිතකින් නෙවෙයි
Deleteතරහා ගියා ඕය් :ඩ්
ReplyDeleteපට්ට...
තරහ ගිය අයට ඉතින් කියන්න තියෙන්නේ කෙසෙල් ගෙඩි දෙකේ කතාව තමයි
Deleteමොන *^&%*^(_%$ ද බන් මේ . සිරාවටම මම හිතුවේ ත්‍රාසය භීතිය සපිරි ඇඟ කිලිපොලා ගොස් මවිල් ස්මයිල් වෙන ජවනිකාවක් කියල.
ReplyDeleteමේ විහිළුවක් කොලේ. පට්ටම පට්ට විදිහට ලියල තියනවා බන්. එල කිරි ඈ.....! මට සිරාවටම මැවිලා පෙනුන නයා ටෝච් එක අරන් උඹට ගහන්න හදන හැටි. පට්ට කොමඩිය !!! මල් දහ අටයි.
මටත් නිකන් ඇහෙනවා ඇහෙනවා වගේ උබ අන්තිම ටික කියවල ... $%#%%^$%# කියනවා
Deleteඔහේ හිටු මීගොඩයා...! නයාට ගහලා පොල්ල වරද්ද ගත්තාය කියලා හිතාගනි0...
ReplyDeleteපට්ට නයා .. ආ...
පට්ට නයා????
Deleteපට්ට නෙවෙයි බං ඇත්තම එකෙක්.. මම පයන්නත් දැක්ක
ඕ ... මී ගොඩය නයෙක් ඇරල.
ReplyDelete:P
Deleteඇති යාන්තං නයා බැටරි බැහැපු ටෝච් එක දමලා මීගොඩයට ගැහුවෙ නැති එක.
ReplyDeleteනෑ ඌ ටෝච් එක අරන්. ගිහින් අරක්කු පෙරන උන්ට පණිවිඩෙ කියලා
Deleteඅනේ තොගෙ නයා අරගෙන...... (ඉතුරුටික හිතාගනින්)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හූ ඈ
Deleteඑළකිරි කතාව......මී ටත් ඔහොම වුණානම් අර මුල්ලපටස් බිව්ව අපේ සඳරුට මොනවා වෙන්න ඇද්ද?තව එකක් ඕනේ.....ඉක්මනටම.
ReplyDeleteහරි හරි දෙන්නම්
Deleteඅනේ අනේ ඔන්න අපිත් බලන් හිටියලු දෙවැනි කොටස කියවන්න..කමක් නැහැ! මේකත් කතාවක්නේ ..හී හී :)
ReplyDeleteහිකිස්ස්
Deleteතෝව හමගැහුවත් මදි යකෝ
ReplyDeleteනයාව නේ.. පව් බන් ඌ අහිංසක නයෙක් ඔන්න ඔහෙ යන්න ඇරපං.. ටෝච් එක විතරනේ ගත්තෙ
Deleteපට්ට පෝස්ට් එකක් මග ඇරිලනේ කියලා පණ දාගෙන කියෙව්වා බලහං උඹයි අර නයයි මට කල වැඩේ තොපි දෙන්නම එක්ක මට ගැහුවනේ....
Deleteබ්ලොග් රෝලක් දාගනියෝ පරණ එව්වා බලන්න බැරියෝ....
Deleteඑළ එළ.... නරඹන්නන් පදිරි වූ ඉතාමත් ප්‍රීති ජනක අවස්ථාවක්....
ReplyDeleteඅය්යෝ මේ කොමෙන්ට් දැක්කෙ පස්සෙ.... නරබන්නන් පදිරි ඌ ...හක්ක හක්ක හක්ක
Deleteමෙහෙමත් නයි...
ReplyDeleteඅම්මපා මම හිතුව ඇක්ෂන් ෆිල්ම් එකක් කියලා.. බැලින්නම් කොමඩියක්නෙ...
හික්ස්ස්ස්ස්
Deleteපපුවේ බට්ට ගැහි ගැහි බලන් හිටියේ මොකක්ද වෙන්න යන්නේ කියල හත් ඉලව්වේ මේ පත නයෙක්නේ එල එල මචෝ
ReplyDeleteඉතින්... මීගොඩය නයට නොපෙනී ගෙදර ගියේ කොහොමද..? මොකද ටෝච් එකත් නය ළගනේ
ReplyDeleteඅනේ යකෝ. මේ නයා මට ගැහුවනං හොඳයි කියල හිතුන මේක කියවද්දි. :ඩී
ReplyDeleteඋඹට කියන්න ඕනෙ කුණුහබ්බ ටික අනිත් උන් කියලා. එතකොට ඇත්තටම එදා මෙසේජ් එක දෙන්න පුලුවන් උනාද?
ReplyDeletehenryblogwalker the Dude
.