Monday 11 June 2012

රබර් වත්තක සැඟවුණු කථාවක් - 2වන කොටස ( වැඩිහිටියන්ට පමණයි 21+ )

1 වන කොටස


ගම්මුන් සතු වූ මේ ප්‍රභල සංනිවේදන හැකියාව කුමක්ද?
ජීවිතේට කසිප්පු පෙරා හෝ බී නැති මීගොඩයාට කසිප්පු සමග ඇති සම්බන්ධය කුමක්ද?
අවුරුදු 12ක් පමණ වයසැති පුංචි මීගොඩයා සිදුකරන්නට ගිය වීරක්‍රියාව කුමක්ද ?
ඒය සාර්ථකව නිම උනිද ?

ඔන්න ඔය ප්‍රශ්න වලට උත්තර දුන්නහම කථාව සම්පූර්ණයි.
**********************************************************************************

ජංගම දුරකථන ගමට නොපැමිණි යුගයක ගමහරහා අඩකුත් රබර් කැලයක් හරහා ඉතිරි මගත් ජීප් රියක් පරදන වේගයකින් පණිවිඩයක් ගෙනියනව කියන්නේ සුළුපටු රාජකාරියක්යෑ. 


ඒත් ඒක හරිම සරල ක්‍රමයකට සිදුවුනා.. ගමට ඇතුළුවන තියන ගෙවල් වලින් පොලිසියේ වාහනේ දැක්ක ගමන් මීගොඩයගෙ ගෙදරට කෝල් එකක් එනවා.සිවිල් එන පොලිස් මාමලව උනත් අදුරගන්න අපේ ගමේ අයට මල ලොකු අමාරු දෙයක් නෙවෙයි. ඉතින් ඔය විදියට ලැබෙන දුරකථන ඇමතුමෙන් පස්සෙ මීගොඩයගෙ පියතුමා විදුලි පන්දමක් අරගෙන වත්ත පහලට ගොහින් අදාල නිශ්පාදනාගාරය දිහාට විදුලිපන්දම එල්ල කරලා සංඥාවක් දෙනවා.. ( විදුලිපන්දමනම් රට ඉන්න බාප්ප කෙනෙක් එවපු රී චාර්ජබල් එකක් ඒ නිසා සෑහෙන දුරකට එළිය විහිදෙනවා )

මේ සමාජ සත්කාරය පියතුමා කලාට මව් තුමියනම් එතරම් කැමැත්තක් තිබ්බේ නෑ..ඒත් ලොකුවට විරෝදය පාන්න ගියෙත් නෑ. පියතුමා නැති වෙලාවට මීගො
ය උනත් ඔය සංඥාව නිකුත් කරනවා. හරිම සරලයිනේ


ඔන්න දවසක් මීගොඩය රූප පෙට්ටිය බල බල ඉන්නකොට දුරකථනය නාද උනා. මව්තුමී නැගනියත් එක්ක කඩපිළට ගොහින්. පිය තුමත් රාජකාරී කටයුත්තකට බැහැර ගොහින්.. මීගොඩයට තනියම තමා ගෙදර හිටියේ.. ආවේ අර කලින් කියපු කෝල් එකම තමා..

අයේ හිතන්න දෙයක් තියනවයැ.. ගත්ත ටෝච් එක.. දිව්ව වත්ත පහලට. නිෂ්පාදනා ගාරය දෙසට එල්ල කරලා දැල්ලුව.. ඒත් විහිදුනේ බොහොම මලානික එළියක්. දෙය්යන්ටම ඔප්පු වෙච්චාදේ දැන් මක්කැයි කොරන්නේ.. චර්ජ් බැහැල.

හිත හිත ඉන්න වෙලාවක් නෑ. නිෂ්පාදකයින්ට පනිවිඩේ නොදුන්නොත් කට්ටියම අහුවෙනවා. පහු ගිය දොහක ඇටඹ ගහ ගෙදර බණ්ඩේ මාමට පොලෝසියෙන් බිමදාගෙන ගහපු හැටි මීගොඩයට මතක් උනා.බැ බෑ කොහොමවත් එහෙම ගුටිකන්න අරින්න බෑ. මම ඉක්මනට එතනට ගිහින් පණිවිඩේ දීල ආපහු එනව..එහෙම හිතල මීගොඩයා පය ඉස්සුවා රබර් වත්ත දිහාවට..

මේ වෙද්දි මීගොඩයගෙ මව්තුමී රබර් වත්ත තහනම් කලාපයක් කරලයි තිබ්බේ.. ඒ ටික දොහකට කලින් දර කඩන්න ගිය නැන්දල කට්ටියක් නයෙක් දැකල ආපහු ආපු දවසෙ ඉදන්.. ඒ තහනම් නියෝග අමතක කරපු මීගොඩය රබර් වත්තට ඇතුළු උනා. වෙලාව රාත්තිරි 8.00 විතර ඇති.



මෙහෙම ඇවිදගෙන යනකො මීගොඩයගෙ හිත හිතුවිලි වලින් පිරෙන්න ගත්ත. හෙට උදේ මුළු ගමම මේක දැනගන්වා. වෙනද වගේ නෙවෙයි මැණිකෙ නැන්දගේ කඩේ ගාවදි වෙනදට ආ පොඩ්ඩෝ කියල ඔළුව අතගාන මාමලා.. නෙක්ටො එකක් මුරුක්කු පැකට් එකක් එහෙම අරං දීලා වෙනදට වඩා ආදරෙන් මීගොඩයට සලකන විදිය.. කමත අයිනට වේලා යාලුවොත් එක්ක බයිට කකා නෙක්ටො බිබී සිද්දිය විස්තර කරන විදිය මීගොඩයට මැවිල පේන්න පටන් ගත්ත..

ඒත් ටික ටික රබර් කැලෑව ඇතුලට වෙද්දි ඒ සිතුවිළි යට ගිහින් හොල්මන් අවතාර ගැන හිතට එන්න ගත්තහම මීගොඩයගෙ ගමන් වේගයත් අඩු උනා. ළමය වඩගත්ත මෝහිනී, බලාගෙන ඉද්දි උස යන මහසෝනා, රීරි යකා, ඔය හැම යකෙක්ම හිතේ හොල්මන් කරන්න ගත්තා, ඒ අතර අර කලින් කිව්ව නාගයත් ඉඳ හිට හිතට දෂ්ට කරන්න උනා.. දැන්නම් ආපු මෝඩකම කියලහිතුනත් ගමනෙන් 1/2ක් විතර ඉවර නිසා කොහොම හරි ඉතුරු ටිකත් යන්න තීරණය ක
ලා

ඒහෙම හිතල ඇඩි දෙකක් යන්න ලැබුනේ නෑ...මී ගොදයට දැනුනා අතේ තියන ටෝච් එකෙත් එළිය අඩුවෙන බව.. ඒ හින්දා මීගොඩය ගමන ඉක්මන් කලා..

ඒත් එක්කම වගේ සර සර හඩින් සෙලවෙන රබර් කොළ දෙසට සීරුවෙන් විදුලි පන්දම එල්ල කරපු මීගොඩය පෙනුනේ ඇඟ කිළිපොලා යන දෙයක්

දෙවියනේ අඩි පහක් විතර දිග නයෙක් පෙනේ පුප්පගෙන මීගොඩය දිහා බලාගෙන ඉන්නවා... එවලේ හදවතේ ගැස්ම විනාඩියකට දහස් වාරයක් ඉක්මවපු බවන සහතිකයි.. ආයේ හැරිල යන්නත් බයයි.. පස්සෙන් ඇවිත් දෂ්ට කලොත් කියල..ඉසරහට යන්නත් බයයි.

ඉතින් නයා දෙසටම ටෝච් එක එල්ල කරගෙන පියවර කිහිපයක් පිටි පස්සට ආපු මීගොඩයට එකපාරටම මතක් උනා විසඝෝර සර්පයා දැක නෑර මෝඩයා කියන කියමන.. ඉතින් මමත් හනි හනික වට පිට බැලුව පොල්ලක් තියෙද කියලා.. ඇසට අහු උනේ රබර් වත්තේ වැටට හිටවපු පැල ගිනිසීරිය ගහක අත්තක්.. නයාට ටෝච් එක එල්ල කරගෙනම මමත් ගිනිසීරිය ගහ ගාවට කිට්ටු උනා.


නයාගේ කරුමෙටද මගේ කරුමෙටද මන්දා.. පුංචි මීගොඩය පොඩ්ඩක් උස මදි අත්තට..ඉතින් මීගොඩය මොකද කලේ අතේ තිබ්බ ටෝච් එක පත්තු වෙලා තියෙද්දිම නයාගේ පැත්තටම හරවල බිමින් තියලා පහල තිබ්බ කම්බි වැටට අඩිය තියල ගිනිසීරිය අත්ත කඩා ගත්ත.. එහෙම කරල බිමට බැහැගත්ත මීගොඩය ටෝච් එක ගන්න ගිහාම දෙයි හාමුදුරුවනේ මගේ එකම ගැලවුම් කාරයා.. ආරක්ෂකයා වෙච්ච ටෝච් එක තියපු තැන නෑ......!!!!
 

අනේ කොහෙට හරි පෙරලිලා ගියාවත්ද කියල වට පිට බලද්දි දැක්ක දෙයිම් මීගොඩයගේ හදවත නතර නුන අදටත් පුදුමයි

මොකද්ද දන්නවද මීගොඩය දැක්කේ

අර නයා ටෝච් එක අරගෙන මාව හොයනවා මට ගහන්න... 


අය්යෝ නයා :P

දවස් දෙකක් තිස්සෙ වටිනා කාලය මිඩංගු කරගෙන මගේ නයා පස්සෙ ආවට ඉස්තුතියි.. තරහ ගන්ට කාරි නෑ.. පුංචි විහිලුවක් නෙව කලේ.. ඔන්න ඔහේ බැනල හරි කොමෙන්ටුවක් දාල යන්න


76 comments:

  1. නයා උබට ගහන්න හෙව්වා කිව්වේ, උත් අර ජාතියේද ?

    ReplyDelete
    Replies
    1. සමහර විට හැපින්නක්ද දන්නේනෑ...

      Delete
  2. මීගොඩයටයි ලොකු මීගොඩටයි දේශීය නිෂ්පාදන ආයතනයේ කොටස් තිබුණාද මෙච්චර සහයෝගයක් දෙන්න ගියේ :D

    ReplyDelete
    Replies
    1. අපෝ කැත කථා කියන්න එපා... අපි ගමට වැඩ කලේ ලාභ ප්‍රයෝජන බලාගෙන නෙවෙයි හරිය

      Delete
  3. මීයාද රජා ආශ්‍රය කිරීමෙන් කුජීත වී ඇත.(පට්ට කතාව බොල)

    හඃ හඃ හඃ

    ReplyDelete
    Replies
    1. හක්ක හක්ක හක්ක... පව් යකො අහිංසක රජා

      Delete
  4. මෙච්චර නයෙක් ඇරලා තියෙද්දිත් කොමෙන්ට් එකක් නොදා කොහොමද..

    ප.ලි.

    මම ඔය කතාව අහල තියනවා. හැබැයි ඒ කතාවෙ හිටියෙ පොලගෙක්. පොලගට බයවෙච්ච එකා ටෝච් එකත් දාලා ගෙදර දුවලා..ටික වෙලාවකින් කවුද ඇවිත් ගෙදර දොරට තට්ටු කරනවලු. බලනකොට පොළගා ඇවිත් ටෝච් එක දීලා යන්න..
    හොදම වැඩේ ඔය කතාව කියලා කට්ටියව අන්දන්න හදපු එකාට අපි එදා ඉදන් කිව්වෙ ටෝච් පොළගා කියලා..
    මීගොඩයට ටෝච් නයා කියලවත් කියමු :D

    ReplyDelete
    Replies
    1. අලේ මේක හෙන පරන කථාවක්,, මම ටිකක් දික් කලා.. හරි නෑනේ මේවගේ නයි පැටව් වෙලාම ඉන්න එක..

      මේ කාඩ් ගහන්න ආවොත් ගෙදරට ඇවිත් ගහන්නේ හරිය... ඩිරාම් 10යි ටැක්සියට

      Delete
    2. අප්පට සිරි..උඹ අහල පහලද......වරෙන් එහෙනං ඔටු සංගමේට :D

      Delete
    3. ආ ඔටු සංගමේ ඉන්නවා... කලින් සමුළුවෙදි අපි සැට් උනා

      Delete
  5. අර පොල්ල කඩාගෙන මට එන්න හිතුනා බොලාව හොයාගෙන...

    ReplyDelete
    Replies
    1. නයා තාම ගහමුල... අය්යට පොල්ල ගන්න ඕනෙනම් භූමි තෙල් බෝතලයකැන්න යන්ට... හැබැයි ඉතින් භූමි තෙල්වල ගනන් ඇහුවහම මාව අමතක කොරල වෙන කාටවත් පොල්ලෙන් ගහන්න් හෙම යනවා නෙවෙ ඕං

      Delete
  6. කිසිවක් පැවසීමෙන් වැලකී සිටිමි .අහුඋන දවසක හොම්බට අනිමී

    ReplyDelete
    Replies
    1. නයාගෙද?..

      එසේනම් හොම්බ පෙනය ලෙස නිවැරදි විය යුතුයි.. ( අටම්පහුරා කචල් ෆැන්ටා ගහලද මංදා )

      Delete
  7. දේශීය නිෂ්පාදන ගැන දැන ගන්ඩ ආපු කට්ටියට බලනවානං මෙන්න බඩු

    http://atampahura.blogspot.com/2012/06/blog-post_7988.html


    සර් කොහෙට හරි ගෙනිහිල්ලා මාව මරලා දාන්ඩ ( අයිසෙ අං...

    ReplyDelete
    Replies
    1. ඒ පැත්තෙ ගියා... කොහොමත් ඉතින් අපිට එහාට එන්න ආරධනා ඕනේ නෑනේ,, එලෙව්වත් ආපහු එනවා

      Delete
  8. පට්ට නයා.

    අපේ ඉස්කෝලෙ හිටපු බොරු කියන නයා මතක් වුනා.

    තරහ ගියෙ නැහැ හිනා ගියා.

    ReplyDelete
    Replies
    1. හිනා ගියානං එච්චරයි .... එහෙමනං අර නයා ගැනත් ලියමුකෝ සෑමෝ

      Delete
  9. අනේ මී ගොඩයා පවූ...හොඳ වෙලාවට බැටරි බැහැලා තිබ්බේ. නැත්නම් මී ගොඩයා හොඳ ටෝච් පාරක් කනවා නයා ගෙන්

    ReplyDelete
    Replies
    1. ඈ ටෝච් එකෙන් ගහන්නත් එළිය ඕනේද... හරියට අර පිස්සො සෙට් එක තාප්පෙන් පැන්න වගේද ?

      Delete
  10. මදැයි වීර කතාවක් අහන්න හිටියා.. මේකා නම් මී ගොඩයෙක්ම තමා... :P

    ReplyDelete
    Replies
    1. පවූඌඌඌ...... ආයේ කලන්නෑ ඔඳේ

      Delete
  11. ඒ නයා වගේද මේ නයා කිවුවලු.. බොලේ මෙක 21+ කියලත් දාගෙන කරපු ප්‍රෝඩාව බලන්නකෝ ඉතින්...

    ReplyDelete
    Replies
    1. ඉතින් මම මුලින්ම කිව්වේ... 21+++ දැම්මේ රජයේ මධ්‍ය සාර රෙගුලාසි හින්දා කියලා.. නැත්තම් දාන්නේ 18+ කියලනේ

      Delete
  12. මෙන්නෝඕඕ.....මෙයා බොරු කියන්නත් පටන් අරගෙනෝඕඕ....
    අපායෙ යයි..ටෝච් එකත් එක්කම ඇඃ.....

    ReplyDelete
    Replies
    1. අපායට යන පාරේ නයි ඉඳියිද දන්නෑ නේ

      Delete
  13. අන්න නයා. මම බැලුව මොකක්ද මේ කතාව කියල.

    ReplyDelete
    Replies
    1. සැහ් නයා කෑගහන සද්දෙ දන්නේ නෑනේ..

      Delete
  14. මේකාත් අර රෝස් පාන් කන ජාතියේ නයෙක් වෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. අර මොකෑ සරා අය්යා .. නයාට රෝස් පාන් භාගයක් ගිහින් දෙන්නද....

      Delete
  15. Replies
    1. නයා 21+ වෙන්න නම් "ක" යන්නක් එන්න ඕනේ

      Delete
  16. මූ ව තියන්න වටින්නෙ නෑ නෙ කරපු වැඩේට...

    ReplyDelete
    Replies
    1. ඔව් බං අපරාදේ ටෝච් එක...

      Delete
  17. හත්තිලව්වයි දැන් දැන් ටෝච් ගහන් හොයපු උඹව නයාට හම්බවුනාද...නැත්නම් ඌ තාමත් ටෝච් ගහන් උඹව හොයනවද....

    ReplyDelete
    Replies
    1. ඌ ගිහින් අරුන්ට පණිවිඩේ කියලා.. ටෝච් එකත් දීල තිබ්බ..මට දෙන්න කියලා

      Delete
  18. මදැයි මයිල් කෙලිං කරගෙන බලං හිටිය!

    ReplyDelete
  19. හැක හැක හිකිස්‌ හිකි හිකි හැක හැක හැකුස් හිකිස්‌ හිකි හිකි හැක හැක හිකිස්‌ හිකි හිකි හැක හැක හිකිස්‌ හිකි හිකි හැක හැක හැක හැක හිකිස්‌ හිකි හිකි හැක හැක හැකුස් හිකිස්‌ හිකි හිකි හැක හැක හිකිස්‌ හිකි හිකි හැක හැක හිකිස්‌ හිකි හිකි හැක හැක

    යකා නගින ගොන් ජෝක් :D

    ReplyDelete
  20. නයි කයිද රෝස් පාන් කිව්වලු :D

    ReplyDelete
    Replies
    1. බොරු කියන්න එපා.. මං ඔව්වා අහන්න ගියේ නෑ

      Delete
  21. මී ගොඩය කියන්නේ නිකන්ද ? පට්ටයි

    ReplyDelete
  22. මෙච්චර හති දාගෙන මේ නයෙක් කියෙව්වට අම්මපා ටෝච් එකක් ගහල තොට ගහන්න ඕනේ.. (රහසින්) කතාව නම් මල් හතයි මලේ..

    ReplyDelete
    Replies
    1. සොරි ඈ... වරදක් කලත් සිතකින් නෙවෙයි

      Delete
  23. තරහා ගියා ඕය් :ඩ්
    පට්ට...

    ReplyDelete
    Replies
    1. තරහ ගිය අයට ඉතින් කියන්න තියෙන්නේ කෙසෙල් ගෙඩි දෙකේ කතාව තමයි

      Delete
  24. මොන *^&%*^(_%$ ද බන් මේ . සිරාවටම මම හිතුවේ ත්‍රාසය භීතිය සපිරි ඇඟ කිලිපොලා ගොස් මවිල් ස්මයිල් වෙන ජවනිකාවක් කියල.

    මේ විහිළුවක් කොලේ. පට්ටම පට්ට විදිහට ලියල තියනවා බන්. එල කිරි ඈ.....! මට සිරාවටම මැවිලා පෙනුන නයා ටෝච් එක අරන් උඹට ගහන්න හදන හැටි. පට්ට කොමඩිය !!! මල් දහ අටයි.

    ReplyDelete
    Replies
    1. මටත් නිකන් ඇහෙනවා ඇහෙනවා වගේ උබ අන්තිම ටික කියවල ... $%#%%^$%# කියනවා

      Delete
  25. ඔහේ හිටු මීගොඩයා...! නයාට ගහලා පොල්ල වරද්ද ගත්තාය කියලා හිතාගනි0...
    පට්ට නයා .. ආ...

    ReplyDelete
    Replies
    1. පට්ට නයා????

      පට්ට නෙවෙයි බං ඇත්තම එකෙක්.. මම පයන්නත් දැක්ක

      Delete
  26. ඕ ... මී ගොඩය නයෙක් ඇරල.

    ReplyDelete
  27. ඇති යාන්තං නයා බැටරි බැහැපු ටෝච් එක දමලා මීගොඩයට ගැහුවෙ නැති එක.

    ReplyDelete
    Replies
    1. නෑ ඌ ටෝච් එක අරන්. ගිහින් අරක්කු පෙරන උන්ට පණිවිඩෙ කියලා

      Delete
  28. අනේ තොගෙ නයා අරගෙන...... (ඉතුරුටික හිතාගනින්)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  29. එළකිරි කතාව......මී ටත් ඔහොම වුණානම් අර මුල්ලපටස් බිව්ව අපේ සඳරුට මොනවා වෙන්න ඇද්ද?තව එකක් ඕනේ.....ඉක්මනටම.

    ReplyDelete
    Replies
    1. හරි හරි දෙන්නම්

      Delete
  30. අනේ අනේ ඔන්න අපිත් බලන් හිටියලු දෙවැනි කොටස කියවන්න..කමක් නැහැ! මේකත් කතාවක්නේ ..හී හී :)

    ReplyDelete
  31. තෝව හමගැහුවත් මදි යකෝ

    ReplyDelete
    Replies
    1. නයාව නේ.. පව් බන් ඌ අහිංසක නයෙක් ඔන්න ඔහෙ යන්න ඇරපං.. ටෝච් එක විතරනේ ගත්තෙ

      Delete
    2. පට්ට පෝස්ට් එකක් මග ඇරිලනේ කියලා පණ දාගෙන කියෙව්වා බලහං උඹයි අර නයයි මට කල වැඩේ තොපි දෙන්නම එක්ක මට ගැහුවනේ....

      Delete
    3. බ්ලොග් රෝලක් දාගනියෝ පරණ එව්වා බලන්න බැරියෝ....

      Delete
  32. එළ එළ.... නරඹන්නන් පදිරි වූ ඉතාමත් ප්‍රීති ජනක අවස්ථාවක්....

    ReplyDelete
    Replies
    1. අය්යෝ මේ කොමෙන්ට් දැක්කෙ පස්සෙ.... නරබන්නන් පදිරි ඌ ...හක්ක හක්ක හක්ක

      Delete
  33. මෙහෙමත් නයි...
    අම්මපා මම හිතුව ඇක්ෂන් ෆිල්ම් එකක් කියලා.. බැලින්නම් කොමඩියක්නෙ...

    ReplyDelete
  34. පපුවේ බට්ට ගැහි ගැහි බලන් හිටියේ මොකක්ද වෙන්න යන්නේ කියල හත් ඉලව්වේ මේ පත නයෙක්නේ එල එල මචෝ

    ReplyDelete
  35. ඉතින්... මීගොඩය නයට නොපෙනී ගෙදර ගියේ කොහොමද..? මොකද ටෝච් එකත් නය ළගනේ

    ReplyDelete
  36. අනේ යකෝ. මේ නයා මට ගැහුවනං හොඳයි කියල හිතුන මේක කියවද්දි. :ඩී

    ReplyDelete
  37. උඹට කියන්න ඕනෙ කුණුහබ්බ ටික අනිත් උන් කියලා. එතකොට ඇත්තටම එදා මෙසේජ් එක දෙන්න පුලුවන් උනාද?

    henryblogwalker the Dude
    .

    ReplyDelete