Tuesday 4 September 2012

ඉද්ද ගසක කඳුළු කථාව


 ජීවිතේ පුරාවට
පුබුද්දපු පුරුද්දට
අදත් මල් කිහිපයක්
පීදුවා ඉද්ද ගස

ඊයෙ රෑ පුරාවට
බැට දීපු වට වැස්ස
බිඳ දමපු මහ අත්ත
තවම ඇත මුළ අසල

හැමදාම රොන් ගන්න
හුරු පුරුදු බඹර කැල
අදත් රොන් ගෙන ගියා
අත්ත ගැන නොඅසාම


බොහොම පිං ආයුබෝං මීගොඩයගෙ අහ ගොඩවැදුනට,,, මතක හිටින්න මොනා හරි කොටලම හියානං තමා හොඳ,,, නැතත් අපනාපයක් නෑ ඕං

38 comments:

  1. රොන් ගත්තනං ආයේ මොනා අහන්නද????
    අන්න බඹරු...

    ReplyDelete
  2. ලස්සන අදහසක්...

    ReplyDelete
  3. හ්ම්ම්ම්ම්... ඇත්ත තත්වේ ඕක තමා.. ඒකනේ මහගම සේකරයන්ද කොහෙද මෙහෙම කිව්වේ...
    නුඹ හිනහෙන දාට මුළු ලෝකයම නුඹ සමග හිනා වෙයි...
    ඒත්.. නුඹ අඬන දාට
    නුඹ අතැර ඔක්කොම හිනා වේවි..
    නුඹ විතරක් අඬාවී...

    ReplyDelete
  4. මම ආසම මල් ජාතියක්. ඉද්ද ගස් හරියට තරු පිපිච්ච ගස් වගේ..

    ReplyDelete
  5. හැකිඋනොත් වරක් වත්
    මියෙන්නට පලමුවෙන්
    හෙට උදෙත් පුබුදාවි
    හැකිතාක් ඉද්ද මල්
    දැන දැනත් ඔවුන් ඈ
    ගැන නොතැවෙනා වගක්....


    ReplyDelete
  6. ප.ලි. : පරසතු උයනට වඩා මම කවි ලන්දට කැමතියි...

    ReplyDelete
  7. ෆේස් බුක් එකේ ෂෙයාර් වුණ පොටෝ එකක් මතක් වුනා, අර වෙඩිතියල මරලා දාපු බැල්ලකගෙන් කිරි උරා බොන පොඩි පැටව් ටික.. කවියේ ලොකු තේරුමක් තියන හැඩයි. මම මේ ඒක ආදේශ කරන්න මාතෘකාවක් කල්පනා කළා. හරියට ඔලුවට ආවේ නෑ.

    ReplyDelete
  8. එක මලක් තනන්නට රුවට රුවින්
    ගහ වැල දුක් ගින්දර විදින තරම්
    ඒ පිපෙන මලත් කළු දෙබරු ඇවිත්
    විෂ තුඩින් උරා ගෙන යනවා නම්..

    කොහොමටත් බඹරුන්ට ඕනේ මල මිසක් අත්ත නෙවෙයිනේ.

    ReplyDelete
  9. ඉද්ද ගහ ගැන බලන්න කවුරුත් නෑ අවසානෙට.ලස්සනයි

    ReplyDelete
  10. ඉද්ද ගහ ගැන බලන්න කවුරුත් නෑ අවසානෙට.ලස්සනයි

    ReplyDelete
  11. දුක හිතෙනවා... මේකට නේද ඉද්ද කියන්නේ..? මම හිතාගෙන හිටියේ වතුසුද්ද කියන්නේ මේකටයි ඉද්ද කියන්නේ මේ වගේම තියෙන පෙති උල් ජාතියයි කියලා...

    ReplyDelete
  12. කවි වල ගැඹුරු තේරුම් හොයන්ඩ මට බෑ... මතුපිටින් කියවලා බැලුවා.
    ලස්සන කවි සෙට් එක !

    ReplyDelete
  13. අර්ථවත්, වචනත් ලස්සනයි... ;)

    ReplyDelete
  14. ලස්සන නිසඳස. සිරාවට ඇත්තට මොකද උනේ?

    ReplyDelete
  15. බලන්න ඒකෙත් හැටි මල් තිබුන නිසා හොඳයි නොතිබුනනම්

    ReplyDelete
  16. බොහොම ලසනයි. ජීවිතේ අනිතය තාවයත් මේයින් අපිට තෙරුම් ගන්න පුලුවන්......

    ReplyDelete
  17. මේ පද ටික..............................අනේ මන්ද.....,
    කොහොම උනත් මම හරිම කැමතියි මේ පද ටිකට..:)

    ReplyDelete
  18. අදහස සුපිරී මචන්

    ReplyDelete
  19. ජීවිතේ යතාර්ථය තමයි ඉතින් ඔය..

    ReplyDelete
  20. මටත් අද උදේ හිතුනා මල් කඩන්න යද්දි....
    මල් වලින් බාගෙකම පෙති කැඩිලා....
    ඒත් කුරුල්ලෝ ටික වෙනදා වගේම මල් ගහ වටේ කැරකෙනවා....
    මම වැස්සට බැන බැන පෙති නොකැඩුනු මල් හෙව්වා......

    ReplyDelete
  21. අපරාදෙ බං මල් :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  22. බඹරු ඉතිං රොන් ගන්නව මිස කවද්ද ගහේ සුවදුක් හෙව්වෙ.

    ReplyDelete
  23. මාර කවියක්. අදහස් කීපයක්ම එක ගොඩටම දීල..

    ReplyDelete
  24. සියලු දේ අනිත්‍යයි...

    ReplyDelete
  25. හොඳ අදහසක් ඇති කවියක්. හරියට අපේ ජීවිත වගේ..

    ReplyDelete
  26. අපූරු අදහසක් ඇති පද ටික. මේ පැත්තට ගොඩ වැදුනේ අදමයි. සමාවෙන්න ඕනෙ පරක්කු උනාට

    ReplyDelete
  27. කවියට යටින් ගැඹුරු තේරුමක් තියනවා.. හරියට සමාජයේ මිනිසුන් සමහරක් වගේ.. සමහරු තමන්ගේ දුක් ගැහැට නොබලා අනිකාට සේවය කරනවා.. සේවය ලබා ගන්නා අය තමන්ට උපකාර කරන කෙනා අමාරුවක වැටිනු මොහොතක වුනත් ඒ ගැන නොසොයා යනහැටි...

    ReplyDelete
  28. ශා...නියම අදහසක් තියන කවියක්..කොහොමත් ඉතින් තමන්ගේ දේ කෙරුනම අනිත් දේවල්වලට හෙන ගැහුණම මොකද් කියලනේ හිතන්නේ..

    ReplyDelete
  29. හිතන්න දෙයක් තියනවා නේද..ලස්සනයි.....

    ReplyDelete
  30. සිතිවිලි ගලාගෙන ගිහින් තියනවා හොදට

    ReplyDelete
  31. ලොකු තේරුමක් තියෙන කවි පෙලක් අයියේ.. ලස්සනයි..

    ReplyDelete
  32. මතුපිට අර්ථය නම් පොල්ලෙන් ගැහුවා වාගෙ තේරුනා. හරිම ලස්සන සරල කවි පන්තියක්.
    නමුත් යටින් තියෙන අර්ථය නම් කොයි එකද කියලා හිතාගන්න බැරි වුනා.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  33. යථාර්තය නිද මේ කියලා තියෙන්නෙ.... හ්ම්ම්ම්!

    ReplyDelete
  34. බඹරු හොයන්නේ රොන් විතරමයි,අනික් ඒවා උන්ට වැඩක් නෑ.ගහ මැරිලම ගිය දාට උන් වෙන ගහක් හොයන් යාවි.

    ReplyDelete
  35. ඔව් මචං අපිට උනත් එච්චරයි...!!

    ReplyDelete
  36. උඩින් වගේම යටිනුත් අර්ථය පිරුනු කවි පෙලක් අයියේ.... නියමයි වැටහෙන අර්ථය පට්ටම ඇත්ත.මොන මගුල උනත් කමක් නෑ රොන් උරන්න ඇත්නම් උන්ට...

    ReplyDelete