Thursday 18 October 2012

මීගොඩයට දොල දුකක්

කාලෙකින් මොකුත් ලියන්න බැරි උන හින්දා කාලෙකට කලින් ලියපු කවියක් දාන්න හිතුනා..
කවියට කලින් මේ කවියේ උපත ගැන කියන්නම්කෝ.. ඔළුවො කොහේ හරි වැදිල අන්දොස් වෙච්ච වෙලාවට අන්දොස් කවි ලියන මීගොඩයට කාලෙකට කලින් ආවා මාරම ආසාවක්,, ඒක තමයි හෙන බර සාර වචන දාලා ටොන් ගානක් බර මහප්‍රාණ ගනයේ කවියක් ලියන්න ඔනේ කියන දොල දුක.. ඕක ඉතින් පොඩි පහේ එකක් නෙවෙයිනේ.. ලෝකේ දොළ දුක හැදුණු පලවෙනි පුරුෂයා මමද දන්නෙත් නෑනේ... හොයල බලන්න ඔනේ

ඔන්න ඉතින් අර දොල දුක හිතේ තියාගෙන කවි බර ගානක් ලිව්ව.. මොන එකක්වත් හිතට ෆිට් නෑ.. ලියනවා ගුළි කරලා විසි කරනවා.. ඔහොම කොළ ගුළි බර ගානකින් ඔෆීසියේ ඩස්බින් එක පිරුනහම මීගොඩයටම ඇති වෙලා අර දොළ දුක නැතිවෙලා ගියා  .. ඊට පස්සෙ දවසක ෆයිල් වගයක් අදිද්දි මට කොල කෑල්ලක තිබිලා මම බර සාර මහප්‍රාණ  කවියක් කියල හිතාගෙන ලියපු කවියක් හම්බ උනා..

ඔය පහලින් තියෙන්නේ ඒක



සරණ වළා නොහැඬවෙන
අඳුර තැවරුන පාලු පැල්පත
යට ලීය බදු අරන්  
මකුළුවන් දැල්බඳින
සිහිනයෙන් සිහිනයට...
ආරි කෙළි ගෙට වඩන
උරුම කරුමයට
දුක්විඳින කුජ තලය






පට්ට මහප්‍රාණ නේ.. මේක කියවද්දි මටම හිනා.. ඔයාලත් හිනා වෙන්න.. ආ තේරුම දන්නේ නැති අය හොරෙන් FB මැසෙජ් එකක් දාන්න

ආයෙනම් මහප්‍රාණ කවි ලියන්න යන්නේ නෑ සත්තයි.. ඔයගොල්ලො පල්ලා

තවත් දෙයක්...

 ඔන්න බ්ලොග් එකේ පෙණුම වෙනස් කලා.. පොඩො පොඩි වැඩ ටිකක් දාලා අලුත්ම විදියට ඕගොල්ලො අතරට එන්න හිතුවා... ඒත් ඉතින් හුඟදෙනෙක් දන්නවනේ මගේ අයි ටී ගැන.. කොටින්ම අයි ටී කියන්නේ මීගොදයට මැජික්.. මට මේ වැදකෑලි ටික දාලා දුන්නේ සුදු මහත්තයගේ බ්ලොග් එක ලියන සුදා මල්ලි.. ස්තුතියි සුදා මලේ

40 comments:

  1. මට නම් තේරුනේ නැහැ
    ඒත් කුමක් හෝ කුප්ප තේරුමක් ඇතියි කියලා හිතෙනවා.බලමුකෝ...

    ReplyDelete
  2. මොන කුණුහබ්බයක්ද බොල මේ? :/

    සිරාවට මටනං මෙලෝ හසරක් නොතේරුනි :)

    එල එල... ඇදුම එල.
    උඹට අයි ටී මැජික් කියලා මමනං හොදටම දන්නවා. මතකයිනේ එදා.

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  3. මම ඒත් ඉස්සරලාම බැලුවේ මී ගොඩගේ බ්ලොග් එකමද මේ කියල.. පොඩ්ඩක් නෙවෙයි මේක එහෙම්පිටින්ම වෙනස්වෙලා..

    ReplyDelete
  4. හෙහ්..හෙහ්..(රහසින්...කිසිදෙයක් තේරුන්නෑ බං)

    ReplyDelete
  5. මහප්‍රාණ මෙනෙයි අපබ්‍රංස ද මන්දා...තේරෙන්නේ නෑ නේ..

    ReplyDelete
  6. බ්ලොග් එකේ අළුත් පෙනුම ලස්සනයි... කවිය නම් තේරුනේ නෑ. ඒත් රූපෙ දැක්කාම හිතාගන්න පුලුවන්. ඒ නිසා අහන්න ඕනෙ නෑ..

    ReplyDelete
  7. ඔන්න මි ගොඩ අපිත් මේ පැත්තේ ආවා ..
    හෙට ලකාවේ ප්‍රදාන පුවත් පත්වල ප්‍රදාන සිරස්තලය ......

    දොලදුක හැදුනු පළමු තරුණයා ලංකාවෙන් බිහිවේ (දිවයින)
    ලංකාවෙන් බිහිවූ ප්‍රථම දොලදුක සැදුනු පුරුෂයා (ලංකාදීප)
    ආසියාවේ අස්චර්යය වෙත යන ගමනේදී ලන්කවට කීර්තියක් ගෙනදුන් ගිනස් වාර්තා ලාබියා (සිළුමිණ)
    මීගොඩ ගෙන් ලන්කවට නව වාර්තාවක් (අද)

    කටද ආඩම්බර සුබ පැතුම් මීගොඩ (පුංචි විහිළුවක් සහෝ තරහවෙන්න එපෝ......... ජය)

    ReplyDelete
  8. හික් ... හික්.... මීගොඩය බඩදරු වෙලා.

    ReplyDelete
  9. හොරෙන් ඕනි නැහැ .... මට තේරෙන්නේ නැහැ .. :-/

    ReplyDelete
  10. හෆොයි... මම හිතුවා හරිද මන්ද
    සින්දුවකුත් මතක් වුණා...

    ReplyDelete
  11. පට්ට මහප්‍රාණදත් අහනවා...මම මේ මඤ්ඤං වෙලා මේකේ තේරුම තෝරනවා...තාම...

    ReplyDelete
  12. මට නම් තේරුනේ නෑ බං.. බ්ලොග් එකේ පෙනුම එල!!

    ReplyDelete
  13. බ්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් වෙලා ග්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් උනි.. ටෙම්ප්ලේට් එකක් සොයා දීමට අපොහොසත්වීම ගැන සමාවෙන්න.

    ජයම වේවා සහෝ!

    ReplyDelete
  14. කුජ තලය සහ බ්‍රහ්ම කට දෙකම දුකට මුල තමයි..

    ReplyDelete
  15. ඈ.... ලියන්න වෙන එකක් මතක් උනේම නැද්ද මීයෝ...... හි හි
    ඕකට ඔයිට වඩා මහප්‍රාණ සින්දුවක් තියෙනවා.....
    (යටලීයෙන් නාරිලතා මල් පූදිනවා... හි හි)



    ( පින්තූරෙ හින්දා යන්තම් වචන ටික අල්ලගත්තා.... හි හි.... )

    ReplyDelete
  16. බ්‍රිස්බේන් පාලම වගේ... අලුත් ඇදුම ලස්සනයි...

    යටලීයෙන් නාරි ලතා මල් පූදින්නේ...කියලා ඇඩ්වඩ් ගොයියත් කිව්වෙ ඔය ගැනම තමා මගෙ හිතේ... කවිම ලියන්නෙ නැතුව මී ගොඩයා ඉදලා හිටලා කථාවක් එහෙමත් ලියපන්කො.... බොට ජයම වේවා !

    ReplyDelete
  17. සිකේයියා.......

    …බ්ලොග් එකේ පෙනුම මරු! මාතෘකාව පොඩ්ඩක් ලොකුවට දැම්මනම් තවත් ලස්සනයි! (බැනර් එක )

    ReplyDelete
  18. ගෙදර මිනිස්සුන්ට යමක් කමක් තේරිලා වගේ මේ දවස් හරකව බැඳලා දාන්න කරත්තයක් හොයන්නෙ,,:D

    ReplyDelete
  19. මේවට මොනව කියන්නද මන්දා :((

    ReplyDelete
  20. යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ......හ හ ..හා

    ReplyDelete
  21. සම්භාව්ය 5 වෙනි මණඩලයෙන් අවසරයි... තේරුනේ නෑ :D

    ReplyDelete
  22. මටනම් හත් උලව්වේ කිසිම දෙයක් තේරුනේ නැහැ. මට ඉන්බොක්ස් කරන්නකෝ. මේ අයියා අලුත් පෙනුමනම් මැක්සා

    ReplyDelete
  23. ආරි කෙළි කිවේ ආරි අක්කගේ දුවද මීගොඩයෝ. ෆේස් බුක් එකේදී හම්බුනා වෙලාවක මේ ගැන අහන්නම්කො ඈ...!!

    ReplyDelete
  24. මේ මොකක්ද බං... තේරුමත් සරල සිංහලෙන් පහලින් දාපන්කෝ

    ReplyDelete
  25. ලාවට ලාවට වගේ තේරෙනවා වගේ ඔන්. කුප්ප සිත දාලා තවත් විමර්ෂණය කරන්න ඕනේ

    ReplyDelete
  26. හෆ්ෆා............තේරුණේ නැති අයට දෙයියන්ගෙම පිහිටයිලු.

    ReplyDelete
  27. හෙහ් හෙහ් මරු මහප්‍රාණ කවි ටික

    ReplyDelete
  28. සප්ත මාහ සාගරය.ගෝලීයකරණය.ජනවාර්ගික අර්බුධය.

    ReplyDelete
  29. අර එඩ්වඩ්ගේ ගීයක් තියෙන්නේ"සිරියහනේ" අන්න ඒගීයට මේ කවිය සමානයි.
    බ්ලොග් එකේ ඇදුමත් ලස්සනයි.

    ReplyDelete
  30. ඈ.....යකෝ....කාපිය මාව.....වහාම බුකියෙන් මැසේජ් එකක් එවාපං බං අයියේ..ැත්නම් මේක කල්පනා කරලා කරලා මම ප්‍රෙග්නට් වෙයි..

    ReplyDelete
  31. බොලේ........

    ආපු ගමන් මාව නිකන් සලාං බලාං වෙලා ගියා.මොකක්ද මේ වෙලා තියෙන්නෙ කියලා හිතාගන්න බැරිවුනා ටිකක් වෙලා යනකන්.පස්සේ ඔය උඩ පහල යන කෑලි උඩට මවුස් එක ගෙනිහිල්ලා පොඩ්ඩක් විතර පෙනුම රස විඳලා තමා පෝස්ට් එක කියවන්න ගත්තේ.ඒක පටන් ගත්තා විතරයි පිටිපස්සේ හිටපු එකෙක් පොල්ලකින් ගැහුවා වගේ වුනා...

    තේරුම නම් ඉතින් දනිමි.වැටහුන අයුරු නිවැරදි නම්,යට ලීයෙන් නාරිලතා මල් පීදී ඇති බවත් වැටහුනි.සොයන මගුලකට ඉක්මනින් බහ දුන්නෝතින් ශරීර සෞඛ්‍යට මෙන්ම බ්ලොග් ටයිප් කරන්නටද වෙහෙසක් නොදැනෙනු ඇතැයි සිතමි.

    ඒක නෙමේ මේ//සිනයෙන් සිහිනයට...//

    මෙතන සිනයෙන් කියල හිතලමද ලිව්වේ එහෙමත් නැත්තම් සිහිනයෙන් සිහිනයට කියලා හැදෙන්න ඕනෙද??

    ReplyDelete
    Replies
    1. එතන ටයිපින් මිස්ටේක් එකක් ... ටැංකිව් මලේ පෙන්නුවට

      Delete
  32. අනේ මන්දා කොච්චර කොහොම හතර පැත්තෙන් බැලුවත් තේරුමක් එන්නේ නෑ.හැබැයි එකක් එනවා ඒක කුණුහරපයක් නිසා හරි තේරුම නෙමේ කියලා හිතින් අතැරලා දැම්මා

    ReplyDelete
  33. හහ්... කලන්තේ වගේ ඒක කියවලා... අදද මන්දා මේ පැත්තට මුලින්ම ආවේ... කොහොම වුණත් ජය වේවා...

    ReplyDelete
  34. උදේ පාන්දරත් විකාගෙන බැලුවා.. එත් තේරුනේ නැහැ .. :(

    ReplyDelete
  35. තේරුනෙත් නැහැ, නැත්තෙත් නැහැ වගේ...

    ReplyDelete